ගල්ගමුව ගිරිබාවේ තිස් අට හැවිරිදි ගොවියෙකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මොහු මීට වසරකට පෙර තම පියා ඝාතනය කළැයි පොලිසිය පවසයි. එම පලිය ගන්නට ඔහු මරා දමන්නට ඇතැයි ගමේ සැකයක් පවතී. පියාගේ අවුරුදේදේ දානය දීමට පෙර පුතා මරා දමන බවට සමීපතම ඥාතියකු කළ තර්ජනයක් ගැන ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් කියන දේ හරි.හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනවද?තුවාලය තියෙන මිනිහනේ ඒකේ අමාරුව දන්නේ. (නි)
පලි ගන්න එක වැරදි තමයි. ඒත් මිණිමරුවා අවුරුද්දක් ගත වෙන්නත් පෙර නිදහසේ ඉන්න නීතිමය පරිසරය හැදිලා තියෙන කොට ඌව මරන්නම තමයි වටින්නේ. නීතිය අපිම ක්‍රියාත්මක කරගැනීම තමයි මෙතන වෙලා තියෙන්නේ. බලදාරීන් මේවා තේරුම් නොගැනීම තමයි කරුමය.(නදී)
මේ අඩන ගෑනු අය මීට අවුරුද්දකට පෙර බුද්ධිමත්ව කටයුතු කොට මේ මනුස්සයව නියම මගට ගෙන තිබුණා නම් මේ මරණය වෙන්නේ නැහැ නේ.(නදී)
'ආගමට දහමට අනුව දරුවෝ හැදුවානම් හොඳ නරක කියා දුන්නම මේ වගේ විපත් වලක්වා ගන්න තිබුනා නේද අම්මේ' මේ කියන්නේ පලිය ගත්ත කෙනාටද නැතිනම් පියාව මැරු එක්කෙනාටද ? ඔබේ පියාව මැරුවා නම් ඔබ මොකද කරන්නේ? (නි)
වෛරයෙන් වෛරය නොසන්සිදේ (නි)
මරුම්කන අය පොලිසිය දැන සිටියා ලෙස හැඟේ. මෙම මිනී මැරුමට පෙර මිනීමරුවා අත් අඩංගුවට නොගත්තේ ඇයි.(නදී) .
ලෙයට ලෙය. මේ සිද්දිය නොවුනා නම් හොදයි. අපි කියන්නේ බොදු බල සේනාවට වැරදි නොකරන්න මිනිස්සු දැනුම්වත් කරන්න කියලා විතරයි.(නදී)
මේද ෆොටෝ එකේ චීත්ත රෙද්ද ඇදලා බිම ඉඳගෙන ඉන්න කාන්තාව හරිම ලස්සනයි.(නදී)
නීතියෙනුත් සාධාරණයක් වෙන්න නැතුවා වෙන්න ඇති.(නදී)
මව් මැරීම, පිය මැරීම, රහතුන් මැරීම, බුධුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම, සංඝයා භේද කිරීම. ආනන්තරිය පාප කර්ම වේ. මින් එකක් හෝ කල පුද්ගලයා මරණින් මතු නිරයෙහි ඉපිද අප්‍රමාන දුකට පත්වේ. නමෝ බුද්ධාය (අ)
අන්න අන්න උපේක්ෂා නැට්ට පාගා ගන්නවා. උපේක්ෂා ඔයත් මොකක් හරි සංවිධානයක් හදාගෙන ගිහින් මිනිස්සු දැනුවත් කරන්නකෝ. ඔයාල වගේ අය ජාතියටත් වැඩක් නැහැ.(නදී)
මිනීමරුවා ගැන ඔබට හොදටම විස්වාසනම් වෙන කරන්න දෙයක් නැත. මට සිදු උනානම් මමත් එහෙමයි.(නදී)
ආනන්ද ඔබහරි මම ඇමෙරිකන් චිත්‍රපටි හැමදාම බලනවා. මම කරන්නේහ් ඔයටික තමයි (අ)
බොදු බල සේනාව ගැන හරිම අමාරුවක්නේ සමහරුන්ට තියෙන්නේ (නි)
මන් හිතන්නෙ මේකේ වැරෑද්දක් නැහැ. මනුස්ස ජීවිතයක් විනාශ කළා නම්, ඒ දේම එයාටත් වෙන්න ඕනෑ.මේ මනුස්සයා මිනියක් මරලා නම් අනිච්චාවත සංකාරා කියන්න හොදත් නැහැ. මගෙ තාත්ත මැරුවත් මං කරන්නෙත් ඔය ටිකම තමයි.පව් කියන්නවත් හොද නැහැ මේ වගේ අයට. (නි)
මව් මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම, සංඝයා භේද කිරීම. ආනන්තරිය පාප කර්ම වේ. මින් එකක් හෝ කළ පුද්ගලයා මරණින් මතු නිරයෙහි ඉපිද අප්‍රමාන දුකට පත්වේ. නමෝ බුද්ධාය (නි)
ඒ කාලේ නම් උගතුන්, බුද්ධිමතුන් වෙග්ම සැදැහැවතුන් බිහිකළේ හෙටිටිආරච්චිගමින්... අනේ ඒ ගමට ගිය කලක්! (නි)
නීතියෙන් සාධාරණයක් නොදුටු තැන මේ සිද්ධ වුනු දේ සාධාරණයි කියලයි මට හිතෙන්නෙ.. (නි)
දැන් මේවා ගැන ඔය සේනා වලට පේන්නේ නැද්ද ?(නදී)
නීතිය අතට ගැනීම අනුමත කරන්න බැහැ. නමුත් ... (නි)
මේ අම්මලාගේ දුක ගැන දකිනකොට හරිම කණගාටුවක් දැනෙනවා. (නි)
මෙහෙම අය තමා බුදු දහමට නිග්‍රහ කරන්නේ (නි)
සුදෙස්,උපේක්ෂා හරි. ඔය කොයි කවුරු වුනත් ඔය කරන වැඩ නම් අනුමත කරන්න බැහැ.ඕවා ඇවිල්ල සෝබන පැලැස්තර. උදේ හවස ගුවන් විදුලියේ ,රූපවාහිනියේ පිරිත් යනවා, හාමුදුරුවරු බන කියනවා කවුද අහන්නේ වයසක උන්දැලා ටික විතරයි.පන්සිල් පද පහේ අර්ථය දන්නෙ නැති මිනුස්සු අද ඉන්නේ. දර්මය ගැන කිසිම වැටහීමක් නැහැ. වරදවා තේරුම් ගන්න එපා මමත් බෞද්ධයෙක්. (නි)
නීතියෙන් සාධාරනයක් ඉටු නොවේ නම් මම වුණත් කරන්නේ ඔය ටිකම තමයි (නි)
ටැනිසන් හැමදේම හාමුදුරුවෝ පිට පටවන එක හොද නැහැනේ. අපිත් ජාතියක් වශයෙන් ලංකාවට කුමක් හෝ හොද දෙයක් කල යුතුයිනේ. හිත රිදුනා නම් සමාවෙන්න උපේක්ෂා.(නදී)
මේ අම්මට ස්වාමියත් දරුවත් දෙන්නම අහිමි වෙලා නේද ? නුතන පටාචාරාවක් ? ආගමට දහමට අනුව දරුවෝ හැදුවානම් හොඳ නරක කියා දුන්නම මේ වගේ විපත් වලක්වා ගන්න තිබුන නේද අම්මේ ?(නදී)
කිසිම ප්‍රශ්නයක් නැහැ ගව ඝාතනය නවත්වමු. මේක බෞද්ධ රටක්. (නි)
නීතියෙන් සාදාරණයක් ඉටුනොවුනේ නම් මමත් කරන්නේ ඔය ටිකම තමා......වසරක් යන්නට පෙර මිනීමරුවෙක් නිදැල්ලේ ඉන්නවා කියන්නේ නීතිය සාදාරණ නැහැ කියන එකනේ (නි)