හෝමාගම අතුරුගිරිය මාර්ගයේ අකරවිට පටුමගේ මීටර් 50 ක පමණ කොටසක් අඟහරුවාදා රාත්‍රියේ පැය 3 ක් පමණ හිටිගමන් කාපට් කිරීම ගැන ප්‍රදේශවාසීන් විමතිය පළ කරති. වසර 10 ක් තිස්සේම අලුත් වැඩියා නොකළ මේ පාරේ එම කොටස පමණක් පිළිසකර කර ඇත්තේ රජයේ ප්‍රධාන ඇමතිවරයකුගේ ඕනෑකමට යයි ඔවුහු කියති.
මේ ගැන විමසූ විට හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් පැවසූයේ මේ ගැන නොලියා සිටින ලෙස ඉල්ලීමක් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමන්යෙන් ඔය වගේ "කාපට්" බොහොම ඉක්මනට "පැදුරු" වෙනවා.(හේ)
දැන් ඔක්කොම බයවෙලා ඉන්නේ (නි)
අර ඇමතිතුමාගේ නැන්දනියගේ මල ගෙදර නිසා (නදී)
හැමදාම නත්තල් නැහැ. ඉක්මන් කරලා කරගන්න දෙයක් කරගන්න (නි)
ඊයෙ රෑ ගිය පාරක අද උදේ එද්දි පාර වහලා කාපට් දාලා. ආස්චර්‍ය ආස්චර්‍ය (නදී)
දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට කඩුවෙලට දුර වන කිලෝ මීටර් 11 ක් හැදීමට වියදම් වූ මුදල රුපියල් බිලියන 24 කි. එනම් කෝටි 2400 කි. ඒ අනුව එක් කිලෝමීටරයකට වියදම් වී ඇති මුදල කෝටි 218 කි. ඉන් පසුව ගොඩ නගන කඩුවෙල සිට කඩවතට දුර වන්නේ කිලෝ මීටර් 8.9 කි. ඊට වියදම් කරන මුදල වන්නේ රුපියල් බිලියන 45 කි. එනම් කෝටි 4500 කි. ඒ අනුව එහි එක් කිලෝ මීටරයක වියදම රු.කෝටි 506 කි. එක්වරම පළමු කී කොටස හැදූ ගානට දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. මීලඟට කෙරවලපිටියේ සිට කඩවත දක්වා පාර හැදිල්ල ගනිමු. එහි දුර කිලෝ මීටර් 9.2 කි. එය හැදීමට යන වියදම ලෙස පළමුවෙන් වෙන් කරන ලද මුදල රු.බිලියන 67 කි. ඡන්දයත් සමග එම වියදම මදිය කියා තවත් ඇස්තමේන්තුවක් දමා තවත් රු.බිලියන 12 ක් අනුමත කරවා ගත්තේය. ඒ අනුව සම්පූර්ණ මුදල රු බිලියන 79 කි. එනම් රු. කෝටි 7900 කි. ඒ අනුව එක් කිලෝ මීටරයක වියදම රු. කෝටි 859 ක් පමණ වේ. මෙය කොට්ටාව සහ කඩුවෙල අතර පළමු දුර හැදුවා මෙන් 4 ගුණයක පමණ වැඩි වීමකි. පළමු කොටසත් ගැහිලි සහිත වුවත් එය නොතකා හැර ගත්තද පළමු කොටසට වඩා රු. කෝටි 8500 ක මහා පරිමාණ ගැහිල්ලකි. මෙය නම් මහ දවල් වංචාවකි. (නදී)
ඔය වගේ පාරවල් ගොඩක් තියෙනවා හෝමාගම ප්‍රාදේශීය සභාවට අයිති. දියගම දීපංගොඩ පාර අවුරුදු දහයකින් විතර තාර දාලා නැහැ.කොට්ටාව හොරණ පාරේ කිසිම නඩත්තුවක් කරලා නැහැ (නි)
ඉතින් කොච්චර හොඳද? (නි)
පැය තුනෙන් හරි දෙකෙන් හරි උනානේ (නදී)
හා හා වැස්සෙන් පස්සේ ප්‍රමිතිය ගැන කතා කොරමු හොඳේ (නදී)
මගුල් ගෙවල් වලට පාරවල් කාපට් කලේ ඉස්සර. දැන් මල ගෙවල් වලටත් පාරවල් කාපට් කරනවා. (බ)
ඔන්න ඔහොමයි අපේ ඡන්ද කාලේ අාශ්චර්යය (බ)
කොහොමහරි පාරට කාපට් වැටුනනේ. ඒක ලොකු දෙයක්. හැමදේම වැරදියට දකින්න එපා. (ර)
කවුරු හරි ඔය පාරෙන් ඡන්දෙ ඉල්ලන්න හෙට අනිද්දට එන්න නියමිතව ඇති. (ර)
නිසි බලධාරියාට අමතකවෙලා තිබිලා අවසන් මොහොතේ හරි ඉටුකර දීම ගැන සතුටුවිය යුතුය. හැමෝටම මෙහෙම කරන්න පුලුවන් නම් කෙතරම් අගේද? ජයවේවා! (නි)
අපි නම් ඉතින් කියන්නේ ඕවාට ඡන්ද ගුණ්ඩු කියලා. (නි)
ඕවාට අල්ලස් කියන්නේ - ජනතාව රැවටෙන්නේ නැහැ.(හේ)
මුදල් වර්ෂය මෙම මස අවසාන වන බැවින්ද,මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ මීටර 50 ක දුරකට බැවින්ද, වෙනත් හදිසි අත්‍යාවශ්‍ය හේතු ඇති බැවින්ද මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමේ අවශ්‍යතාවක් පැනනොනඟී. (නි)
පැය තුනෙන් කෙරුණා නම් හෙට වෙනකොට පාර අයේ තිබ්බා වගේම තියෙයි.(හේ)