ඉහළ කොත්මලේ ජලාශයට පැන්න බව කියන බාබුල් වෙළෙන්දකු සොයා ගැනීමට පොලීසිය හා කිමිදුම්කරුවන් දවසක් පුරා කළ සෝදිසිය අසාර්ථක විය.
ඔහු අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන යද්දී ජලාශයට පැන ඇති බවත් එහෙත් සොයාගත නොහැකි වු බවත් පොලීසිය කියයි.
තලවාකැලේ පොලීසියේ ක්‍රියාකලාපයට එරෙහිව පිරිසක් උද්ඝෝෂණය කළහ.
ඔවුන්ගේ ඉල්ලීම වුයේ ඔහු පොලීසියට රැගෙන යමින් සිටි කොස්තාපල්වරුන් දෙන්නා අත්අඩංගුවට ගන්නා ලෙසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගොල්ලෝ, ඒගොල්ලන්ගෙම පාලනයනේ (නදී)
ඇයි පොලිස් නිලදාරීන් දෙදෙනා අත් අඩංගුවට ගන්නේ? තවම පරීක්ෂණ පවත්වා නැහැ. තම නිලධාරීන් පාවාදෙන්න එපා. (නදී)
පොඩි අයව නම් ටක් ගාල අත් අඩංගුවට අරගෙන ඔක්කොම පරීක්ෂණ කරාවි. එ්ත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීන්ට විරුද්දව වෙලේ සුදා ප්‍රකාශ කරලා තියෙනවා, මුළු රටම කලින් සිටම දන්නවා ඔහු කුඩු ජාවාරම් කරුවෙක් කියලා. එ්ත් තවම ඔහු හොඳට ගෙදරට වෙලා ඉන්නවා. (නදී)
යහ පාලනය මෙයට අදාල නැහැ. චින්තන හොරුන් ඡන්දෙට පෙරම වතුරට පනින්න වෙනවා (නදී)
කොහොමත් සමාජයට විෂ බිජ දාබු අය එච්ච්රකල් ජිවත් වෙන්නේ නැහැ. ඒකට පොලිසියට බැනලා වැඩක් නැහැ. (නදී)
අසහනයෙන් සිටි සියල්ල නීතිය අතට ගෙන (නදී)
පොලිසියෙන් මිදුනා නම් ඇයි ජලාශයට පැන්නේ ? (නදී)
රටකට උසාවි, විනිසුරන්, නීතිඥයන් මොකටද මේ විදියට නඩු විසදනවා නම් පොලිසිය විතරක් ඇති. මතක තියා ගනිල්ලා මේ යන්නේ ගල් යුගයට බව. (නදී)
අපි ඉස්සර කිව්වේ ආශ්චර්ය කියලා. දැන් යහ පාලනේ කිව්වට කිසිම වරදක් නැහැ. (නදී)
දෙයියනේ පොලිසියේ වතුර තිබිලම නැතුව වෙන්නැති. පස්ස හෝද ගන්නවත්? යහ පාලනය. (නදී)
පොලිසිය පරණ බයිලාවම අයිමත් ගහනවා වගෙයි. සැකකරුවෙක් පොලිස් අත් අඩංගුවට ගත් පසු ඔවුන් සම්පුර්ණ වගකීම භාරගත යුතුයි. පොලිසිය මහා පාරේ ජනතාව සමග මෙලෙස රණ්ඩු වීම බොළඳ මෙන්ම ඉතාමත් අශෝබන ක්‍රියාවක්. (නදී)
පොලිසියේ දෙන්නා හොරාව යවලා ගානක් අරගෙන. අහිංසක ජනතාවට දොස් තියනවා. ගගට පැන්නෙත් හොරා ගොඩ දෙන්නත් හොරු. (නදී)