සබරගමුව විශ්ව විද්‍යාලයයේ පඹහින්නේ සිසු අට්ටාලය ගිනි තබා විනාශ කළැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා රුපියල් දෙලක්ෂ පනස් දහසක ශරීර ඇප මත මුදා හරින්නැයි බලන්ගොඩ මහේස්ත්‍රාත් ජී එල් කන්නන්ගර මහතා නියෝග කළේය.
රිමාන්ඩ් බාරයේ සිටි ඇල්ලෙගොඩමානගේ ඉන්දික රෝහණ ජයමාන්න,කාරියප්පෙරුම මුදියන්සේලාගේ දමින්ද උදයකුමාර,උඩදෙනිය වියන්නනලාගේ නුවන් චාමර සුගතදාස,මියනවිට ගණයලගේ අනිල් නවරත්න,දෙගලතැනි මොහොට්ටාලලගේ සද්ධාතිස්ස යන කලින් ඇප ලබා සිටි හා අද අත්අඩංගුවට ගත් දෙල්ගහතැන්න මොහොට්ටාලලාගේ ගාමිණි බණ්ඩාර විජේසේකර හා බුදුන්වල මුදියන්සේලාගේ සනත් සමරවීර ඇප ලැබුවෝ වෙති.
නඩුව ලබන 10 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්දක් කරන අයට නිසි දඩුවමක් දීමට මා විරුද්ධ නැත. නමුත් වැරැද්ද කුමක්ද? එසේ වීමට පදනම කුමක්ද? (නි)
හිරුණිකා නෝනා මොන සරසවියෙද ඉගෙනගන්නේ? කඩාගෙන වැටෙන්නේ ගිනි තියලා පොළවට පාත්වුණ අට්ටාල නෙමෙයිනේ. පිටස්තරයෙකුට මොනවා හරි වුණොත් ඔයගොල්ලන්ගේ ගෙවල් වලින්ද රෝහල් ගාස්තු ගෙවන්නේ. හිතෙන හිතෙන විදියට මේ රටේ ඉදිකිරීම් කරන්න පුලුවන්ද? ගිනිතැබීමේ වැරැද්ද වගේම තමයි, අනවසර ඉදිකිරීම්. වෙනත් රටවල ඔය දේවල් වලට කෙලින්ම නඩු වැටෙනවා. (නි)
ඉතින් ඔයාලට අසහනය කියලා රටේ අනිත් මිනිස්සු පළිද තරංග ? අසහනය මොකද්ද කියලා තේරෙයි අනිත් රටවල සරසවි සිසුන් වගේ සරසවි ගාස්තු වල සිට නවාතැන් දක්වාම ගෙවන්න වුණා නම්. දැන් ඔයාලට තියෙන්නේ හැම දෙයක්ම නිකන් ලැබෙන නිසා ඒ පිළිබඳ ප්‍රශ්නයක්ද කොහෙද? (නි)
තරංග, මම හොඳට දන්නවා ඔය අයගේ අසහනය මොකද්ද කියලා. සරසවියට ගිය පමණින් රටේ වෙනත් දැන උගත් හැමෝම එයාලට එහෙයි කිව්වේ නැත්නම් අසහනය තමයි. කොළඹ පාසලකට ගිය යමක්කමක් තිබෙන පවුලක ළමයෙක් ඔතනට ආවත් ඔන්න ඒකටත් අසහනය. ඔතන කවුරුහරි ළමයෙකුට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් නම් ඒකටත් අසහනය. ප්‍රශ්න නිසා හැමෝටම අසහන තියනවා තරංග. හැබැයි අසහනය නිසා හැමෝම ඔය අය වගේ අසහන පිටකරගන්න වැඩ කරන්න ගියොත් මේ රට ඉතුරුවෙන එකක් නැහැ. (නි)
ඉගෙනගන්න තියෙන කාලයේ මොනවද මේ කරන වැඩ? (නි)
හසිත් රුක්ෂාන් මගේ විචාරය පත්තරේ සම්පුර්ණයෙන් දමන්නේ නැතිව බාගයක් විතරක් තියෙන නිසා ඔය දෙන්න කියල තියන දේවල් වලට සමාව දෙන්න පුළුවනි. මම දන්නා තරමින් ලංකාවේ විතරක් නෙවේ පින්ලන්තයේත් විශ්වවිද්‍යාල ගෙවීම් කරන්න ඕනේ නැහැ එහෙ ළමයි පිස්සු නටන්නේ නැහැනේ. අනාගතය අවිනිශ්චිත නිසයි අසහනය. ඔය ගොල්ලෝ තතු නොදැනයි කතා කරන්නේ. උදාහරණයක් හැටියට ගන්න ඉංජිනේරු පීඨ. උපාධියෙන් පස්සේ රැකියාවන් සොයන්න අපහසු නැහැ රැකියා වල ගෙවීම් වරදක් නැහැ සාපේක්ෂ වශයෙන්. ඒ වගේම ගැටලුත් සාපේක්ෂව අඩුයි. (නදී)
ගිනි තැබීම වරදක් කියමුකෝ. හරි දැන් එතකොට මේ අට්ටාලය ඉදි කලේ අවසර අරන්ද ? එහෙම නැති නම් අනවසර ඉදි කිරීම් කරන අනෙකුත් සාමාන්‍ය උදවියට ලැබෙන දඬුවම අදාළ අයට ලබෙන්නේ නැද්ද ? ඕක ඔතනින් ගමන් කල කාගේ හරි ඔලුවට කඩා වැටි අනතුරක් වුනත් ඒකට ඉදි කල උදවිය වග කියනවාද ? (හේ)
පේන හැටියට පඹහින්න දැන් පඹ ගාලක් වෙලා වගේ. (හේ)
වෙනදාට කවුරු හරි මම උපාධිදරයෙක් කිව්වොත් අපි අහන්නේ මොන සරසවියෙන්ද පිටවුනේ කියලා . දැන් නම් අපිට අහන්න වෙන්නේ මොන අට්ටාලෙන්ද පිට වුනේ කියලා.(හේ)
අහන ප්‍රශ්නවලින් පේනවා ප්‍රශ්නයේ අගමුල නොදැන කතා කරන්නේ කියලා. (ර)
කිව්වත් වගේ ඔය අට්ටාලේ ලඟින් ඇවිදගෙන ගිය කාගේ හරි ඔලුවට කඩා ගෙන වැටුන නම් අද මෙතන යන්නේ වෙනම නඩුවක්. (හේ)
දැන් ඉතින් වෙනම ඇමති කෙනෙකුත් පත් කර ගන්න පුළුවන්. අට්ටාල කටයුතු භාර ඇමති කියලා.(හේ)
වැරැද්ද පෙනී පෙනී නැති දේ පෙන්නන මේවගේ අය සිටින ලංකාආට අබ සරණයි.(හේ)
ජයවර්ධනපුර සරසවියේ බොහෝ කලකට පෙර ලක්ෂ ගණන් වටිනා රජයේ දේපල විනාශ කෙරුනා. පරිගණක කුඩු කළා. බුද්ධිකලා ට ඒ ගැන මොනවද කියන්න තිබෙන්නේ ? ඒවත් ගමේ මිනිස්සු සහ පිටස්තර මැරයෝ ඇවිත් කළ දේවල් ද ?(හේ)
කොල්ලෝ කෙල්ලෝ මෙච්චර අසහනෙන් ඉන්නේ ඇයි කියල තේරෙන්නේ නැති එකනේ පුදුමේ.(හේ)
කෙනෙක් වීරයෙක් වෙන්න අට්ටාල වලට නඟිනවා. තව කෙනෙක් වීරයෙක් වෙන්න අට්ටාලයේ නැඟි අයට ගහනවා. ඉතින් දැන් කාලේ වීරයො මේ වගේ තමයි. (නි)
අට්ටාල හදමින් නඩු කියමින් ඉඳලා දැන් ඉගෙන ගන්න ඕන කියල හිතෙනකොට, පුද්ගලික විශ්ව විද්‍යාලවල කට්ටිය උපාධි අරන් රස්සා හොයාගෙන කසාද බැඳලා දරුවොත් හදලා. (ර)
අට්ටාලේ ගිනි තියපු එක පේන් නෑ.හැබැයි අට්ටාලේ කාගේ හරි ඔලුවකට කඩා වැටෙයිද දන්නැ.(හේ)