පෙම්වතියගේ රන් පෙන්ඩනය හා මාලයක් මහරගම කනත්ත ළඟදී හය මාසයකට පෙර කඩා ගැනීම සැළැසුම් කළ පෙම්වතා ද මාල කොල්ලකරුවන් පිරිසක් ද අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ නොවිසිදුණ අපරාධ අංශය කියයි.
පෞද්ගලික රෝහලක හෙද පාළිකාවක වන පෙම්වතිය සමඟ පෙම්වතා ගමනක් යද්දී ත්‍රිරෝද රියකින් පැමිණි පිරිසක් රුපියල් ලක්ෂයක රන් බඩු කොල්ල කා ඇත.
දොදනාම මේ ගැන පොලීසියට පැමිණිලි කළත් කොල්ලකරුවන් අල්ලා ගැනීමට නොහැකි විය.මිරිහාන පොලිස් පරීක්ෂකයින් සොයාගත් කරුණු අනුව කොල්ලකරුවන් රුපියල් හැටඑක් දහසකට විකුණා ඉන් භාගයක් පෙම්වතාට දී ඇත.
රන් බඩු දකොල්ලයට යොදාගත් ත්‍රිරෝද රිය ද සොයා ගැනීමට හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ ඔහොම තමයි (දී)
මෙව්වා අහලා අපේ "වෙන්ඩ නෝනලත්" අපි එක්ක ගමන් බිමන් යන්න බය වේවිද දන්නෙ නෑ?(දී)
අහිංසක තරුණියක් දුක් මහන්සි වෙලා හම්බ කරගත් දේ රවටා සොරකන් කල මොවුන්ට නීතියෙන් දැඩි දඬුවම් දෙන්න ඕනා. .පිරිමි කමටත් ලැජ්ජයි (නදී)
අනේ මන්දා යමක් කමක් දැන උගත් සමාජයේ රැකියාවක් කරන කාන්තාවන් පවා මෙහෙම හොරුන්ට අහු වෙනවා නම් ගම්බද අඩු අධ්‍යාපනයක් ලබා රැකියාවට නගරයට එන අහිංසක ගෑනු ළමයින් කොහොම අහු වෙනවා ඇද්ද ? (නදී)
පෙමක මහිම. (අ)
හෙදි පාලිකාවක් කියන්නේ [ මැදිවියේ කියලා හිතනවා ] දැනුම් තේරුම් ඇති කෙනෙක්නේ. මෙයාට බැරි වුනාද තමන්ගේ ප්‍රේමවන්තයා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න (නදී)
මෙහෙම පෙම්වතුන් ඕන තරම් ඉන්නවා (දී)
“මම ඔයාට ආදරෙයි රත්තරං” කියල බෙල්ල දිහා බලාගෙන කිව්වෙ ඇයි කියල දැන් පෙම්වතියට තේරෙනව ඇති.(දී)
අද කාලේ රත්තරන් ගනන්ද? (ස)
ගැහැණු දරුවන් ඉන්න අම්මලාට කලන්තේ දමන ප්‍රවෘතියක්. අද කාලේ ඉන්න හැමෝම මෙහෙමද? ජිවිතේ හැම දේටම වඩා වටින්නේ ඇත්තටම සල්ලිද? (නදී)