ටී. සදේෂ් කුමාර් නිෂ්පාදනය කළ, ඩොනල්ඞ් ජයන්ත අධ්‍යක්ෂණය කළ ප‍්‍රවේගය මේ වනවිට, මේ දක්වා ශ්‍රී ලංකාව තුළ තිරගතවූ චිත‍්‍රපට අතරින් වාර්තාවක් තබා ඇති බව සඳහන් වෙනවා. එනම් තිරගතවීම් ආරම්භ වී සතියක් යාමට මත්තෙන් සියලූ ආදායම් වාර්තා බිඳ දැමීම නිසයි. මෙම සිනමා නිර්මාණය සමග සිංහල සිනමාවට අවතීර්ණ වූ අලූත්ම පෙම්වතිය වන්නේ මේ සුන්දර ශිල්පිනියයි. උදාරි පෙරේරා වන ඒ හැඩකාරිය සඳැල්ල හැඩකිරීමට පැමිණි මොහොතකි මේ.
උදාරි කොහොමද ඉතින්?
බොහොම හොඳයි, බොහෝම සතුටුයි.
හේතුව?
ප‍්‍රවේගයට ලැබෙන අසීමිත ප‍්‍රතිචාර නිසා.
උදාරි ඔබගේ පවුලේ විස්තර සහ ඔබ ගැන සඳහනක් කළොත්?
මගේ පවුලේ අම්මයි - තාත්තයි, නංගිලා දෙන්නයි මමයි. ගම වත්තල. ඉගෙන ගත්තෙ ශාන්ත ආනා කන්‍යාරාමයෙන්.
ඉගෙන ගත්තෙ වෛද්‍යවරියක් වෙන්න හිතාගෙන නේද?
ඇත්තෙන්ම ඔව්. එකම හීනය වුණේ එයයි. ඒ නිසාම උසස් පෙළට මුහුණ දුන්නේ ජීව විද්‍යා අංශයෙන්. ඒත් ඉලක්කය සපුරාගන්න බැරිවුණා. පාසැල් කාලයේදී ඉගෙනීමට වගේම බාහිර ක‍්‍රියාකාරකම්වලටත් දක්ෂ වුණා. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක ලෙස කටයුතු කළා. ඒ වගේම මාධ්‍ය ඒකකයේ නිවේදිකාවක ලෙසත් කටයුතු කළා. වේදිකා නාට්‍යවලත් රඟපෑවා.
ඒ වගේ බාහිර ක‍්‍රියාකාරකම්වලට බලෙන්මලූ ගියේ, ඒ කතාව හරි නේද?
ඇත්තෙන්ම ඒවාට මගේ ලොකු උනන්දුවක් තිබුණෙ. මාව අනිවාර්යයෙන්ම සෑම දෙයකටම දායක කරවා ගත්තා. දෙවියන් වහන්සේ මට අධ්‍යාපනයට වගේම කලා අංශයේ කටයුතුවලටත් දක්ෂතාවය ලබාදී තිබුණු බවයි මගේ හැඟීම.
ඔබ හොඳ චිත‍්‍ර ශිල්පිනියක්. එහෙම නේද?
ඒ දක්ෂතාවය මට සහජයෙන්ම ලැබී තිබුණු දෙයක්. නමුත් විෂයයක් ලෙස මම එය ප‍්‍රගුණ කළේ නැහැ. නර්තනය ප‍්‍රගුණ කළා.

කලා අංශයට අවතීර්ණ වුණේ ඒ නිසාද?
මුලින්ම මගේ නර්තන හැකියාව පෙන්නුම් කළේ අම්මා-තාත්තා සහ නංගිලා දෙන්නා ඉදිරියේ. සාරිය පටලවාගෙන මම නැටුව හැටි තාම මතකයි. නංගිලා දෙන්නා තමයි පේ‍්‍රක්ෂකයො වුණේ. ”ෂාහ් අක්කා ලස්සනට නටනවා” කියලා එයාලගෙන් ප‍්‍රතිචාර ලැබුණා. උසස් පෙළ හදාරණ කාලයේදී ෂාන් පෙරේරා සර් යටතේ නර්තනය හදාරන්න පෙළැඹුණා. ඒ කාලයේදීම තමයි ”රන්-රන්-රන් සේල ඇඳ” ගීතයේ රූප රචනාවලට පෙනී සිටියෙ. දීපිකා පලිපාන මහත්මියගෙ සිනිඳු පියාපත් නිර්මාණයටත් දායක වුණා.
පසුව ඔබ ගුවන් සේවිකාවක ලෙස රැකියාවට එක්වුණා. නමුත් කාලයක් ගිය පසු ඉන් ඉවත්වුණේ ඇයි?
මම අදටත් ඒ රැකියාවට හරිම ආදරෙයි. හරිම ගරු කරනවා. අපි සුන්දරව ඒ රැුකියාව කළාට රාජකාරි ස්වභාවය අනුව එය ඉතා කාර්යබහුල රැකියාවක්. නිදහස හරිම අඩුයි. එය අතිශයින්ම වගකීම් සහිත රැකියාවක්. ඉතින් වයසින් මුහුකුරා යද්දි පුද්ගලික ජීවිතයට මුල්තැන දියයුතු නිසා මම ඒ රැකියාවෙන් ඉවත්වුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රචාරක කටයුතුවලදී දැන්වීම් වලට පෙනී සිටි ප‍්‍රධාන චරිතයක් වුණා. ඒවා ඇත්තටම සුන්දර මතකයන්. මේ උදාරි කියන චරිතය අද ලස්සනට පිළිවෙලට හැසිරෙන විදිය සහ ගතිගුණ සියල්ලට හේතුව පාසලෙන් ලැබුණු අධ්‍යාපනය විනය සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ලැබුණු රාජකාරිය නිසයි.
ප‍්‍රවේගය චිත‍්‍රපටයට ඔබ තෝරාගැනීම පිටුපස තියෙන කතාවත් ශ්‍රීලංකන් එයාර්? එහෙම නේද?
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ”සෙරන්ඩිබ්” සඟරාවේ මුල් පිටුවෙ මගේ ඡුායාරූපයක් පළවුණා. ප‍්‍රවේගය නිෂ්පාදක සදේෂ් මහතා මෙය දැක තිබෙනවා. පසුව ඩොනල්්ඞ් ජයන්ත සහ සරවන් සරෝ අධ්‍යක්ෂවරුන්ට මා ගැන පවසා තිබුණා. නමුත් පේ‍්‍රමවන්තියක ලෙස චරිතය රඟපාන්න වුණාම ලැජ්ජාවක් ඇතිවුණා. පසුව අධ්‍යක්ෂවරු සහ මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත රඟපාන හේමාල් මෙන්ම අනෙකුත් ප‍්‍රවීනයින්ගෙන් ලොකු සහයෝගයක් ලැබීම නිසා චකිතයකින් තොරව ඒ චරිතය රඟපාන්න පුළුවන් වුණා.
”ප‍්‍රවේගය” චිත‍්‍රපටයේ චරිතය ගැන ඔබට හැෙඟන්නෙ කොහොමද?
මේක මගේ පළමු චිත‍්‍රපට රංගනය. මම මගේ උපරිමය පෙම්වතිය චරිතයට ලබාදුන්නා. ඉදිරියේදී පෙම්වතියම නොවී විවිධ චරිත රඟපාන්න ආසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනකලා වගේ අය ඡන්දෙ දීලා යවපු පියරු බබාලගේ වැඩ අපි දැක්කා.තවත් ලැජ්ජා නැතුව මෙයාලවත් යවන්නද හදන්නේ? අනේ ජනක කියන තැනකට වඳින්නම්, නිළියෝ පාර්ලිමේන්තුවට යැව්වා ඇති (නි)
මුලදි එහෙම තමයි.පස්සේ හරියයි.(හේ)
මෙයා දිහා බලන්න ලජ්ජයි මට. (ර)
මට නම් පෙනුනේ නැ ලැජ්ජාවක් තිබුණා කියාලා මොකද ලැජ්ජාවක් තියෙන්න එපැයි සුබ පතනවා රංගන ජිවිතයට (ම)
ලැජ්ජාවක් තිබුන කියල කියන්න අමාරුයි (බ)
රඟන්න විතරයි ලැජ්ජ.... අපි නොදන්න චෙස්!! අධ්‍යක්ෂක තුමාගෙන් තමා හරියටම අහගන්න වෙන්නේ (ම)
සුබ පතනවා ඔබගේ ඉදිරි වැඩ කටයුතු සදහා.(හේ)
ඔබ ප්‍රවේගයෙහි රඟපානවා හරිම ලස්සනයි (නි)
මෙයත් ඡන්දෙ ඉල්ලුවොත්? අපි දෙමුද?? (නි)
කලුයි හැඩයි (නදී)
අතුලගේ ජයන්තගේ ප්‍රතිචාරේ නම් නියමයි. මේවාගේ අය ඡන්දේ ඉල්ලුවත් කොහොම තියේවිද.(ම)
මුලදීත් අපටත් ලජ්ජා තමා (මගුල් කෑම) දිලාන් හරි.....(ම)
පෙම්වතිය වෙන්නනේ ලැජ්ජා හිතුනා කිව්වේ?? (නි)
අතුල නිවැරදියි. (ර)
අනේ නිකන් යන්න අනේ යන්න(අ)