IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


පෙම්වතිය ලස්සන වැඩි නිසා මුහුණ පුච්චලා

සිය ගැබිණි පෙම්වතියගේ මුහුණ වඩාත් ලස්සන නිසා ඇගේ මුහුණ පුළුස්සා ඇය මරා දැමීමට තැත් කළ 42 හැවිරිදි පාවුලෝ පියට්‍රොපාලෝ නමැති ඉතාලි තරුණයකුට සිය පෙම්වතිය ගබ්සා කරවීමට හා මරා දැමීමට තැත් කිරීමේ වරදට 18 අවුරුදු සිර දඬුවමක් නියමව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

නඩු පැවරූ පාර්ශවය ඔහුට වසර 15ක සිර දඬුවමක් ඉල්ලා සිටියද ඊට තවත් වසර තුනක් එකතු කිරීමට විනිසුරු පියවර ගෙන ඇත. ඊට හේතුව ඔහු සිය ගැබිණි පෙම්වතියට පහරදීමට උත්සාහ කිරීමයි.

ගැබිණි පෙම්වතිය 38 හැවිරිදි වන අතර සිය පෙම්වතා වන පියට්‍රොපාලෝ සමග ඇතිවූ ගැටුමකින් පසු ඔහු ඇයට ගැසලින් මගින් ගිනි ඇවිලවීමට කටයුතු කර ඇත. අසල්වැසියකු සිදුවීම දැක ඇගේ ශරීරයට ඇවිලී තිබූ ගිනි දැල් නිවා දැමීමට පියවරගෙන ඇති අතර පසුව රෝහල් ගත කළ ඇයට ශල්‍යකර්ම 21 ක් සිදුකර තිබේ. පසුව වෛද්‍යවරු ඇගේ කුසේ සිටි දරුවා බේරාගෙන එළියට ගෙන ඇති අතර මේ වනවිට ඇගේ දියණියට මාස 9කි.

පොලිසිය පියෙට්‍රොපෝලෝගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කියා ඇත්තේ සිය පෙම්වතිය ඝාතනය කිරීමට ඔහුගේ අදහසක් නොතිබූ බවත් ඇගේ මුහුණ ඉතා ලස්සන නිසා එය පිළිස්සීමට උත්සාහ කළ බවත්ය.

ඇය සමග හාද වීමට වෙනත් පුද්ගලයකු උත්සාහ කිරීම පියෙට්‍රොපෝලෝගේ වෛරයට හේතුවී ඇති බවත් කියති. ඔහුට සිය දියණිය ඇසුරු කිරීමද අධිකරණය විසින් තහනම් කරනු ලැබීය.

ඊට අමතරව ඔහුට සිය බිරියට වන්දි වශයෙන් ඩොලර් 225000 (රුපියල් 33426332ක්) සහ දියණියට ඩොලර් 50,000ක් (රුපියල් 7428073) ක් ගෙවීමට අධිකරණය නියම කළේය.



අදහස් (0)

පෙම්වතිය ලස්සන වැඩි නිසා මුහුණ පුච්චලා

ජනහිත Thursday, 01 December 2016 03:24 AM

හරිනම් අවුරුදු 18 කට යවන්න තිබුනේ. එළියට එනකොට 60 පැනලානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 794 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site