බේරේවැව අසළ පෙරහර මාවතේ සිටි පෙම් යුවළක් බිය කර රුපියල් හාරදහසක් ඉල්ලා නොදුන් නිසා ජාතික හැඳුනුම්පත පැහැරගෙන ගිය බව කියන පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල් ප්‍රසාත් සේමසිංහ ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර, ඔබ ඇයි ඵලදායිතාවය ගැන කතා නොකරන්නේ? බොහොමයක් උදේට වැඩට එනවිට 9 -10 පහුවෙලා. ඕනෑතරම් නිවාඩු ලැබෙනවා. විශ්‍රාම වැටුප ලැබෙනවා. මේ සෑම දෙයක්ම තිබිලත් බොහෝ දෙනෙක් ,සේවය ලබා ගන්න එන මහජනයාට සුහදව කතා කරන්න දන්නේ නැහැ. දැන් කියන්න කීයක් පඩි ගෙවන්න ඕනෑද කියලා? (නි)
කුමාර,ආණ්ඩුවේ කාර්යාලයකින් වැඩක් කරගන්න යන අපිට කතාකරන ලීලාවයි , රස්තියාදු කරන විදියයි අනුව නම් ඔබ කියු රජයේ පඩිය ඒ අයට හොඳටම වැඩියි. පීඩනය තියෙන්නේ ඔවුන්ගෙන් සේවයක් ලබා ගන්න යන අපිට මිසක් ඒ අයට නම් නෙවෙයි. (නි)
ආණ්ඩුවේ පඩිය මදි කියනවා. ඒකට හරියන්න වැඩ කරනවා නම් පඩි ගෙවන්න පුලුවන්නේ. (නි)
රජයේ රැකියා කරන උදවියගේ පුදුම කන් කෙඳිරියක්නේ තියෙන්නේ. එක සුමානයක් පුද්ගලික අංශයේ වැඩ කළා නම් වැටුපත් එපා කියලා නැවත රජයේ රැකියාවටම යාවි. (නි)
ඉහේ ඉඳල දෙපතුලට යනකම් ඉන්න තරමක් ඉන්නේ හොරුනේ රජයේ ආයතනවල. (ස)
මෙයාලද “අපරාධ විමර්ශනය“ කරන්නෙ....කොහොම උනත් මිනිස්සුන්ගෙ ආර්ථික තත්වය ඉහළ දාන්න ක්‍රමයක් හදන්න වේවි ඉක්මනටම..දැන් දැන් මංකොල්ල කෑම්, හොරකම්, කප්පම් ගැනීම්, වංචා වැඩිවේගන එන්නෙ...(ස)
පගාව සාධාරණීකරණය කරන අයත් ඉන්නවානේ. ආදායම් මදි කියලා මුළු රටම පාගාගන්න පටන් ගත්තොත් කොහොමට හිටීවිද ? (නි)
ජනධිපතිතුමනි මේ රටට විනයක් හදා දෙන්න . මෙය කල හැක්කේ ඔබ තුමාට සහ ඔය තියෙන ජනාධිපති බලය තුළ පමණයි. (ස)
ඉතින් රථවාහ අංශයේ අයත් ඕකම නේද කරන්නේ? (ස)
ඩයස්,ඔයා කොහෙද ඉන්නේ? (ස)
ඉසුරන්දි - ඔයාට රජයේ සේවකයෙකුගෙන් හරි රජයේ ආතනයකින් හරි ලොකු අසාධාරනයක් වෙලා වගේ. වෛරී අදහසක් තියන බවයි පේන්නෙ. ඒත් මේ සිද්ධිය ඇතුලෙ ලොකු කථාවක් කියවෙනවා. පොලිස් නිලධාරීන්ට තියෙන පීඩනය වැඩියි. එයාලට ආර්ථික ප්‍රශ්න වගේම දේශපාලනයත් පීඩනයට ලක් කරනවා. බහුතර රාජ්‍ය සේවකයින්ටත් අද වෙලා තියෙන්නෙ ඒකම තමා. ඇත්ත, හොරු ඉන්නවා. රජයේ සේවයේ විතරක් නෙවේ හැම තැනම. හැමෝම හොරු කිව්වාම අවංක රාජ්‍ය සේවකයෝ ස්වල්ප දෙනාට කරන අසාධාරණයක් ඒක. ඇත්තටම අද රාජ්‍ය සේවක වැටුප කීයද කියල ඔයා දන්නවද. සාමාන්‍ය ලිපිකරුවෙක් ගන්නෙ රු. 20000 - 22000 ක් අතර වැටුපක්. අද කාලෙ හැටියට ඒක පොඩි වැටුපක්. මේ මිනිස්සු ඉන්නෙ පීඩනෙන් මිරිකිලා. ඒ පීඩනය ඔවුන්ගෙ තියන මනුස්සකම දියකරන්න තරම් ශක්තිමත් වෙලා. සල්ලි නෑ කියලා හොරකම,පගා ගහන් එක හරියි කියලි මම කොහෙත්ම කියන්නෙ නෑ. ඒකයි මිනිස්සුන්ගෙ ආර්ථික තත්වෙ නංවන්න ඔනෙ කියල මම කියන්නෙ.. සිදුවීම් මතුපිටින් බලලා තීරණ ගන්න එපා. හැමදේකම අපි නොදකින පැත්තක් වගේම දැකිය යුතුම පැත්තකුත් තියනවා. (ස)
අන්න එහෙම නම දානවා නම් අපට පුළුවන් හඳුනා ගන්න. ස්තුතියි ලංකාදීපයට! (නි)
පොලිසිය නානවා නානවා... ඉවරයක් නැහැ (නි)
පොලිසියට මේ මොකද වෙලා තියෙන්නේ? (නි)
හරිම පුඤ්ඤසෝමල තමයි දැන් අපරාධ විමර්ෂන ඒකක වල ඉන්නේ. (ස)
ඉහේ ඉඳල දෙපතුලට යනකම් ඉන්න තරමක් පොලීසියේ ඉන්නෙ ඉන්නේ හොරුනේ (දී)
ඉසුරන්දි,ඔබේ කතාව 200%ක් හරි. කුමාර හිතන්නේ පඩිය වැඩි වුණාම ඔක්කොම හරි කියලා. (නි)
අයියෝ අපේ ශ්‍රී ලංකා පොලිසිය! (නි)
කුමාර 2014-06-11 13:42:10 මිනිස්සු කුඩු ගේන්නෙත් ආර්ථික අමාරුකම් නිසා වෙන්න ඇති (දී)
පොලිසියටත් මොනවා වෙලාද මන්දා? (නි)
කුමාර, ඔබගේ යෝජනා වලට නියම ප්‍රතිචාර දක්වා තිබේ. ඒවා අපට කළ හැකි දේවල් නොවේ. (නි)
එහෙන් පාගා ගහනවා එහෙන් ගුටි කනවා නැත්නම් මරලා දානවා (දී)
නීතියෙන් දෙන දඬුවමට වැඩියෙන් ප්‍රඥාවන්තව දහමට අනුව ක්‍රියා කිරීම තුළින් ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීමට තිබෙන ඉඩකඩ බොහෝ වැඩිය. දුර්ගුණ වලින් පිරුණු මිනිසුන් මෙල්ල කිරීමට ලොව කිසිදු පාලකයෙකුට නොහැකි බවද අප වටහාගත යුතුය. (නි)
මොනවද මේ ලැජ්ජා නැති වැඩ? (නි)
මෙවැනි පහත් වැඩ කරන්නේ ආර්ථික ප්‍රශ්න නැත්නම් වෙනත් ප්‍රශ්න නිසා කියනවා නම් ඒක වැරැද්ද සාධාරණීකරණය කිරීමක් පමණයි. (නි)
මදැයි කරගත්තා! (නි)
අනේ කුමාර???? ඔය කියන විදියට පඩි මදි නම් ඇයි රජයේ ජොබ් ම හොයන්නේ යන්නකෝ ප්‍රයිවට් එකකට. අනික පඩි මදි කියල මහා ජනතාවගෙන පගා ගහල හරියනවද? එකද වහෙන් ඔරෝ කියන්නේ? ඔයත් හොදට ජරාව කනවා වගේ පෙන්නේ???????????? (දී)
පොලිසියේ ඉන්න සමහර නිලදාරීන් මේ වගේ පහත් වැඩ කරන නිසා තමයි ජනතාව මෙයාල පිළිකුල් කරන්නේ අහිංසක කෙනෙකකුට මෙවන් දෙයක් කලාම මෙයාල කරබා නිහඩ උනත් බලය ඇති කෙනෙක් එසේ එන්නේ නැ එක නිසා තමය් කුරුණෑගල උනා වගේ සිදුවීම් වෙන්නේ ජනතවට දඩුවම් කරලා වෙඩක් නැ පොලිසිය සංවර හා විනයානුකුල බාවයකින් සිටිය යුතුයි. මොකද පුද්ගලික පලිගැනීම් මින්මරුම් කොන්ත්‍රාත් බියපත් කර කප්පම් ගැනීම් වැනි නීච් ක්‍රියා ඔව්න් කරනවා. ජනතාව යුදහමුදාවට කිසිදා මෙවන් ක්‍රියාකලාප කරන නැ මොකද ඔව්න් ජනතව බලාපොරොත්තුවන විනයක් ඇතිව තමන්ගේ රාජකාරිය කරන නිසා (දී)
කුමාර කී දේට මමත් එකඟයි. ඉසුරන්දි, පොලිසියේ කෙනෙක් පගාවක් ගත් එක ඔයතරම් දෙයක්ද? (නි)
ඩයස් හීනෙන් දොඩෝනවා වගේ ....(දී)
උපරිම දඬුවම් දෙන්න ඕනේ (දී)
මේවා අලුත් දේවල් නෙමෙයිනේ (දී)
මේ මොකද මේ කප්පම් ගන්නේ? පොලිසිය ඇතුළේ පාතාලයක්වත් තියෙනවද දන්නෙ නැහැ (නි)
හොඳ වැඩේ (දී)
මම කියනදේ කට්ටිය තෙරුම් අරන් තියෙන්නෙ වැරදියට... ඕක තමා අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ....කියනදේ නෙවේ තේරුම් ගන්නෙ..ආයෙත් මම අහන්නෙ...රජයේ සේවයේ ඉහේ ඉඳන් පතුලටම ඉන්නෙ හොරු කිව්වාම අවංක රජයේ සේවකයින් අතලොස්සට මොකද වෙන්නෙ... රජයේ සේවයේ වෙනස් කරන්න ඕන ගොඩක් තැන් තියනවා..... රජයේ සේවකයන් බහුතරයක් ඔය තත්වෙට වැටෙන්න ගොඩක් හේතු තියනවා....ඒවාට විසඳුම් හොයන්නෙ නැතුව ඔය කොස්තාපල්ටයි මටයි එක මල්ලෙ දාල ගැහුවට ප්‍රශ්න විසඳෙන්නෙ නෑ....පුද්ගලික අංශයේ ඉන්න උදවිය හොරකම් කරන්නෙම නෑ වගේ.... කවුරු කොහොම කොයි විදියට කළත් හොරකම වැරදියි...මම කියන්නෙ සංකීර්ණ ගැටළු මේවගේ තනි සිද්ධි මුල් කරගෙන නිර්වචනය කරන්න යන එක වැරදියි...ඔයාල හිතනවට තරම් මේ ගැටළුව සරල නෑ.... මම ආයෙත් කියන්නෙ.. සිදුවීම් මතුපිටින් බලලා තීරණ ගන්න එපා. හැමදේකම අපි නොදකින පැත්තක් වගේම දැකිය යුතුම පැත්තකුත් තියනවා....ඒක තේරුම් ගන්න තරම්වත් ඔබ හැම බුද්ධිමත් කියල මම හිතනවා.....(දී)
කොස්තාපල් මහත්තයා මම හිතන හැටියට "අවම බලය" යොදවලා තියෙන්නේ (නි)
හොරකම, වංචාව, කපටිකම, දුෂණය නැති කිසිකෙනක් නැතිපාටයි (නි)
කුමාර,ඔබ වගේ අය ඉන්නාතුරු රට හදන්න පුළුවන්කමක් නැහැ (නි)
ආදරය කරන කෙල්ලෝ කොල්ලෝ දැන් හොයාගෙන යන්නේ පුදුමාකාර තැන්නේ (නි)
සියල්ලටම පෙර මිනිසුන් තුළ විනයක් ඇති කළ යුතුයි (නි)