ඇය සරසවි අධ්‍යාපනය ලබන්නේ, ආයුර්වේද වෛද්‍යවරියක වීමේ අරමුණ ඇතිවය. ඒ අනුව යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තෙවැනි වසරේ සිසුවියක වන ඇය ගැන අද රූපවාහිනී ප්‍රේක්‍ෂක බොහෝ දෙනා කතාවන්නේ, දේදුණු ටෙලිනාට්‍යය නිසාය. සඳුන් රාජකරුණාගේ දේදුණු නාට්‍යයේ දේදුණු වූූ ඇය කවුද...? ඇයි රංගනයට පිවිසියේ...? අද සඳැල්ල කතාබහේ ‘ඉඩකඩ’ ඇය වෙනුවෙනි.
ඔබගේ සම්පූර්ණ නම:
තරුෂි නයනතාරා ගුණරත්න
තරුෂි කියන්න ද? නයනතාරා කියන්න ද?
තරුෂි කියලා තමයි යාළුවෝ කතා කරන්නේ. ආදරේට ‘‘තරු’’ කියලත් කියනවා.
ගම, පාසල එහෙම කොහේද?
ගම මිනුවන්ගොඩ. ඉගෙන ගත්තේ, මිනුවන්ගොඩ නාලන්දා බාලිකාවෙන්. දැන් යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවියක්.
පවුලේ විස්තර?
අම්මා, තාත්තා සහ මල්ලී විතරයි. තාත්තා දේශීය වෛද්‍යවරයෙක්. අම්මා ගෘහනියක්. මල්ලි පාසල් අධ්‍යාපනය ලබනවා.
ඔබ දේදුණු වුණේ කොහොමද?
මුලින්ම අවුරුදු කුමරිය තරගයකට සහභාගී වුණා. එහි ජයග‍්‍රහණය එක්ක පුවත්පතක මුල් පිටුවේ ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ ඡායාරූපය දැකලා ලලිත් වසන්ත මහතා දේදුණු සඳහා තිර පරීක්‍ෂණයට කැඳවූවා. පසුව දේදුණුට තෝරාගත් බව මට දැනුම් දුන්නා.
ඊට කළින් රඟපාලා තිබුණේ නැද්ද?
නැහැ.
පාසල් වේදිකාවේදීවත්?
පාසල් වේදිකාවේ නර්තන තරගවලට සහභාගී වෙලා තිබුණා. ඒත් රඟපෑම පිළිබඳව ආභාෂය තිබුණේ නැහැ.
ඔබ ‘‘දේදුණු’’ චරිතය රඟපාන්නෙ කොහොමද?
ඇත්තම කිව්වොත් රඟපෑම පිළිබඳව දැනුමක් නොතිබීම අපහසු කාර්යයක් වුණා. නමුත් ටිකෙන් ටික චරිතය ගොඩනගා ගැනීමට සඳුන් රාජකරුණා මහතා බොහෝ දේ කියා දුන්නා.
මේ විදියට රඟපෑමට ඒම ගැන, අම්මාxතාත්තා මොනවද කිව්වේ?
තාත්තා නම් කැමති වුණේ නැහැ. අම්මා උදව් කළා. දැන් නාට්‍ය විකාශය වෙද්දි තාත්තාට ගොඩක් සතුටුයි. තාත්තා මාව ධෛර්යවත් කරවනවා.
ඔබ මුලින්ම නැරඹූ ටෙලිනාට්‍ය මොකක්ද?
යශෝරාවය
එතකොට ඔබගේ වයස?
අවුරුදු හය - හතක් වගේ ඇති.

ඉන්පසුව ඔබගේ සිත්ගත් නාට්‍ය වුණේ?
‘‘තෙත් සහ වියළි’’ නාට්‍යයයි.
රූපවාහිනියෙ ඔබගේ සිත්ගත් චරිත වුණේ?
සුමින්ද සිරිසේන මහතා සහ චාන්දනී සෙනෙවිරත්න මහත්මියගේ රංගනයට බෙහෙවින් ආසා කළා.
රඟපෑම ගැන අද ඔබට හිතෙන්නේ කොහොමද?
ඇත්තටම ඒක අසීරු දෙයක්. ලේසිxපහසු දෙයක් නම් නොවෙයි.
රඟපෑම ගැන ඔබ කොහොමද හිතාගෙන හිටියේ?
මෙතරම් සංකීර්ණ දෙයක්, හැදෑරිය යුතු දෙයක් කියලා හිතුවේ නැහැ.
දැන් හිතෙනවද රඟපෑම හදාරන්න?
අනිවාර්යයෙන්ම ඔව්.
ඇත්තටම ඇයි තරුෂිට රඟපාන්න හිතුණේ?
පොඩි කාලයේ ඉඳලාම ආසාවක් තිබුණා. ඒක ඇත්තටම හීනයක් ඉටුවීමක් වගේ දෙයක්.
ඔබ ලස්සන ගැන හිතලද රඟපෑමට ආවේ?
ලස්සන විතරක් තිබිලා මදි. දක්‍ෂතාවය සහ වාසනාවත් තියෙන්නම ඕනෑ. හැබැයි මම ලස්සනද කියලා නම් මම දන්නේ නැහැ.
කොහොමද අද ‘‘දේදුණු’’ට ලැබෙන ප‍්‍රතිචාර?
දැන් දැන් සමහරු මාව හඳුනා ගන්නවා ඔයා නේද දේදුණු නාට්‍යයේ රඟපාන්නේ කියලා අහනවා.
මේ දක්වා දේදුණු නාට්‍යයේ රඟපෑමට අසීරුම වූ අවස්ථාව ගැන කිව්වොත්?
ගාමිණී හෙට්ටිආරච්චි, සංකේත් සහ රුවන්ගි යන පළපුරුදු ශිල්පීන් සමඟ රඟපෑමට ඇත්තටම අසීරු වුණා. දේදුණුට සමහර අවස්ථාවල දී පෙම්වතාට පහරදෙන දර්ශන තිබුණා. මම සාමාන්‍ය ජීවිතයේ තැන්පත් චරිතයක් නිසා ඒ අවස්ථා මට වඩාත් අපහසු වුණා.
‘‘මම ආවේ දුව එක්ක වැදගත් දෙයක් කතාකරන්න’’
මගේ නැන්දා ලෙස රඟපාන කුසුම් රේණු ශිල්පිනිය එහෙම කිව්වා. ‘මොකක්ද නැන්දේ’ කියා එතකොට මම ඇහුවා. මේ අවස්ථාවxතුන්පාරක්ම රූගත කළා. මුලින්ම මට කියන්න තිබුණේ ‘‘දේදුණු ඔයාට මතකද සාගර අයියාගේ මල්ලි, මාලිංග...?’’ කියලා සංකේත් කිව්වාම
මට තිබුණේ ‘‘ඉතිං’’ කියලා කියන්න විතරයි. ඒ මගේ පළමු දර්ශනයයි.
ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත‍්‍රය ගැන හිතන්නේ කොහොමද?
පුළුල් විෂයයක් අත්හදා බැලීම් සමඟ නිරන්තරයෙන් හැදෑරිය යුතු අංශයක්. ආයුර්වේදයේ භාෂාව පවා වෙනස්. මිනිසුන් සුවපත් කරවන අපූරු ක්ෂේත‍්‍රයක්
ඔබ වගේ අලූතින් ක්ෂේත‍්‍රයට එන අයට, ඔබ දෙන පණිවුඩය?
මට වාසනාවට ඉතා ප‍්‍රවීණ පිරිසක් එක්ක කටයුතු කරන්න ලැබුණා. කිසිම කැපිලි කෙටිලිවලට හසුවුණෙත් නෑ. විශේෂයෙන්ම අලූතින් එන අය ලෙස අපි ඔවුනට ගරු කරන්න වගේම, ඔවුනගේ අදහස්වලට ඇහුම්කන් දෙන්නම ඕනෑ. එය හරිම වැදගත්.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡායාරූප ටික නම් ලස්සනයි. ඇඳුමත් ලස්සනයි. සංකර විලාසිතා කිසිවක් නැහැ. ඔය ලස්සන පෙනුම වගේ ඔයාගේ හදවතත් ලස්සන නම් හිමිකාරයා වාසනාවන්ත කොල්ලෙක් (නි)
හරිම ලස්සන ළමයෙක් (දී)
දේදුනු ටෙලි නාට්‍යයේ චරිත වගේ චරිත සමාජයේ ඉන්නවා. අපි දන්නා අක්කා කෙනෙක් ඉන්නවා එයාගේ නංගිට ගෙදර කිසි වැඩක් කරන්න නොදී ලස්සනට අන්දවලා සාලයේ තියලා හොඳම මනමාලයෙක් හෙව්වා. අන්තිමේ ලොකු තැනකට බන්දවල දුන්නට පස්සේ මාසයක් යන්න කලින් නැන්දම්මා එයාව ආපහු මහ ගෙදර එව්වා , ගෙදර වැඩක් පලක් නොකර බබා වගේ ඉන්න පුරුදු වුන ලේලි කෙනෙක් ගෙන් වැඩක් නැහැ කියලා. (නදී)
තරුෂි නැත්නම් "තරු" කියන නම ඔයා ට හොඳට ගැලපෙනවා. කිසිදාක රංගනයේ නොයෙදී පළමු ටෙලි නාට්‍යයේදීම මේ තරම් දක්ෂකමක් පෙන්වීම තුලින්ම ඔයා ශ්‍රී ලංකා ටෙලි නාට්‍යය අම්බරයේ තරුවක් සේ දිලෙනවා. ඔබ තෝරාගත් වෘත්තියත් ඉතාම වටිනා ක්ෂේත්‍රයක්. ඔබ ඉදිරියටම යන්න. අපේ ආශීර්වාදය හා සුභ පැතුම්! (නදී)
අනේ 22 ට වැඩිය වයස පේනවනේ (නදී)
මේ කතාවෙන්ම තේරෙනවා නේද අද අපේ ජනප්‍රිය නළු නිළියන්ගේ වෘත්තීමය සුදුසුකම මොකද්ද කියලා (නි)
දේදුනු හරි වසයි නේද ? (නදී)
සිත්තර පත්තරේ සරත් මදුගේ තෙලි තුඩින් ඔපවත් වුනු දේදුනු ගැනද මේ කතාව (නදී)
හොඳ ළමයා. හරිම හොඳයි (නි)
මෙයාට තියෙන්නේ නම් දොස්තර වෘත්තියට ගැලපෙන පෙනීමක් නෙවෙයි (නදී)