දැනට රුපියල් 90ක් ලෙස පවතින සහල් තොග මිල ලබන පෙබරවාරි 20 වැනිදා තෙක් එම තත්ත්වයෙන්ම පවත්වා ගෙන යාමට තීන්දු කළ බව අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ හිමිකරු සහ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා අද (11) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
පෙබරවාරි 20 වැනිදායින් පසු සියලූම සහල් වල තොග මිල රුපියල් 85ක් දක්වා අඩු කිරීමට ද තමා ඇතුළු සියලූම මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් එක්ව තීරණය කළ බවත් සිරිසේන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඩඩ්ලි ද දැන් සහල් මිල පාලනය කරන්නේ? ආණ්ඩුව පැත්තක. (බ)
මේ ගාණට හාල් ගන්න අමාරුයි දැන් ජනතාවට.(හේ)
දැනටමත් වෙළඳ ඇමති වෙලා වගෙයි (නි)
මදැයි පෙබරවාරි මුල ඉඳලා ලාබෙට ගන්න හිටියා (නි)
මේ කව්ද මොනවද කරන්නේ කියලා මුළු රටම දන්නවා. මුළු සිස්ටම් එකම අවුල්වෙලා තියෙන රටක මේ හාල් මිල විතරක් අඩුවට තිබුනොත් එ්ක ප්රාතිහාර්යයක්! (නි)
අන්තිම බලාපොරොත්තුවත් බිඳිලා ගියා (නි)
කතිරේ ගැහුවා නම් දැන් ඉතින් කාපල්ලා 200ට වුණත්. හාල් මාෆියාව තියෙන්නේ කාගේ අතේද කියලා අපි දන්නවා. වෙනසක් හොයන්න ගිහින් රටකට ගිය කලක්. (නි)
පියුමි, ඔයා දන්නේ නැද්ද කවුද කියලා....? (නි)
මම නම් හිතුවා ඔය ටික වෙයි කියලා (නි)
දැන් පේනවා නේද ලොකු බිස්නස් කාරයින්ගේ උදාන වාක්කිය. අපේ රටේ එවුන් තම මඩිය තර කරගන්නේ ජනතාවට වද දීලයි. එ්ත් දියුණු රට වල ව්‍යාපාරිකයෝ ජනතාව ගැනත් හිතනවා, විශේෂයෙන්ම කෑම බීම වලදී. ඇයි රජයට බැරි මේ පිලිබදව විසදුමක් දෙන්න. බයද. (හේ)
අපේ බදු මුදල් වලින් ගොවි ජනතාවට සහන දීලා ගන්න වී ටික හාල් කරලා එන ටිකට මුදලාලිලා වුණ මේ අයට බදු මුදල් ගෙවන අපිම වැඩි ගානක් දීලා හාල් ගන්න වෙලා. රජයෙන් වී ගොවීන්ගෙන් මිලදී අරන් හාල් කරලා සතොස මාර්ගයෙන් ජනතාව අතර විකුණන්න බැරි ඇයි? (නි)
හොඳ වැඩේ ලක්ෂ 60ක බුද්ධිමතුන්ට (නි)
කොහොමද වෙනස? (නි)
මේ යහපාලනය. ඔබට සතුටුයිද දැන්? (නි)
දැන් පරණ අයට දෙන්න කාලය හරි. (නි)
මේ හාල් මුදලාලි කියන විදියට ලබන පෙබරවාරි 20 වන තෙක් තොග මිල තීන්දු කරන්නේ මේ මිනිස්සු. එතකොට පාලන සිල්ලර මිල බොරුවක් නේද? එන්ජීඕ වලින් නඩත්තුවන පාරිභෝගික සංවිධාන ජනතාව වෙනුවෙන් සැබෑ තත්ත්වය ඉන්නවාද ? නුඹලාත් හොරු වුනොත් ඉදිරියේදී මහජන ඡන්දයෙන් කුණු කුඩයට යන බොරු කාරයෝ වෙයිද? හිතපල්ලා ! (බ)