පසුගිය අප්‍රේල් 1 වැනිදා පැවැති විරෝධතාවයකදී ආගමන විගමන දෙපාර්තමේතුවේ දේපළවලට හානි කළැයි අද (25) අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ හා සාමාජික සුජිත් කුරුවිටට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කළේය.
පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් සිරගෙට නියම කිරීමට විරෝධය පළකරමින් එම පක්ෂයේ සාමාජිකයෝ පසුගිය අප්‍රේල් 1 වැනිදා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර එහිදී පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ගැටුමක් ඇතිවූ අතර එහිදී එම දෙපාර්තමේන්තුවේ දේපළවලට අලාභ හානි සිදුව ඇතැයි කියති.
නඩු විභාගය ඔක්තෝබර් 26 වැනිදාට කල් තැබිණි.
![DSC_0563[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC_05631.png)
![DSC_0558[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC_05581.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි නියෝගයට ආගමන විගමන දෙපාර්තමේතු ගිහිල්ලා හරියනවද? (නි)
ඔබ දකිද්දී සතුටක් වගේම දුකත් එනවා. අපි ගතකළ මොරටුව විශ්ව විද්‍යාල ජීවිතය මතකයි. සැපේදී නැතත් දුකේදී අපි නුඹත් එක්ක (නි)