ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ඡායාරූපය යොදා ගනිමින් දේශපාලන පෝස්ටර සහ කටවුට් තැන තැන ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් එසේ ප්‍රදර්ශනය කොට ඇති සියලු දේශපාලන පෝස්ටර හා කටවුට් වහා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් සුදතුම් පිය ශ්‍රී ලංකා ගමන පිළිබඳ මාධ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ අශිෂ්ඨ අවනීති එ්කාදිපති කම තමා පරාජය කරන්න ඕනේ. නාස්තිය දෙවෙනි එක. පවුල් වාදය තුන් වනුව. රට හොඳ පැත්තට යනවා සිකුරුයි. (නදී)
කතෝලික ජනතාව තීරණය කරයි මොකක්ද කරන්න ඕනෑ කියන එක. (නි)
දැන් ඉතින් සමහර ඡන්ද අපේක්ෂකයන්ගේ අවසාන තුරුම්පුව, ශුද්ධෝත්තම පාප් වහන්සේ හෝ ඉදිරියට දැමීමයි. (නි)
පාප් වහන්සේ කියන්නේ අවංක එඩිතර පුද්ගලයෙක්. එතුමා බය වියයුතු නැහැ. (නි)
මේවා මහා අශෝබන් වැඩ පාප්තුමාට අගෞරව නොකරන්න, දේශපාලනයට ආගම උවමනා නැහැ .(හේ)
දියේ ගිලෙන්න යන මිනිහාට පොල් කෙන්දත් පොල් කොටයක්ලු.ඉතින් මේක එවගේද? වෙලාවේ හැටියට කෝටියක් වටිනා වැඩක්නේ.(හේ)
කතෝලික ඡන්ද පිළිබඳ ඇත්ත බොහෝවිට වෙනස් කරන්න අමාරුයි. (නි)
මේ දවස්වල කවුරු ආවත් ඡන්දෙට යොදාගන්නයි බලන්නේ. බත් පාර්සලයටත් ඡන්ද ලකුණ දානවා නේද? (නි)
මේවා කවුද ගහන්නේ කියලා දන්නෝ දනිති. ඉතින් කතෝලික බැතිමත්තු ඔලුව පාවිච්චි කරලා ඡන්දෙ දෙයි. (නදී)
අම්මා තාත්තත් ඡන්දෙට විකුණන් කන රටේ ඇති උතුම් පාප් වහන්සේ නොවිකුණ ඉඳීද? (ම)