පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගත ලෙස රජය භාවිතා කරන හෙයින් එම සංචාරය කල් දමන්නැයි කියමින් මෙරට ඉහළ පෙළේ රෝමානු කතෝලික පුජකවරුන් කිහිප දෙනකු හා කතෝලිකයන් පිරිසක් වතිකානුවෙන් ඉල්ලීමක් කැර ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කර තිබේ.
එම වාර්තාවේ සඳහන් වන්නේ කතෝලික පුවත්පතක් වන ‘මැසෙන්ජර්‘ පුවත්පතේ හිටපු සංස්කාරකවරයකු වන හෙක්ටර් වෙල්ගම්පොල කියා සිටින්නේ මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැමි කටවුට්,මැතිවරණ පුවරු වලින් පාප් වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනපති වීමට ආශිර්වාද කර ඇති බව විදහා දැක්වෙන බවයි.
පාප් වහන්සේගේ සංචාරය සිදු වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම කතෝලික ජනතාව වේදනාවට ලක් කළ බවත්,මහත් මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කැර ඇති ඇතැම් කටවුට් වලින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වතිකානයේදී පාප් වහන්සේ මුණගැසුණු අවස්ථාවද ඇතැම් පුවරුවල දකින්නට ලැබෙන බව වෙල්ගම්පොළ මහතා කියා ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස් ‘ වාර්තාවේ සඳහන්වේ.
එසේම කතෝලික සභාවේ බැතිමතුන් පිළිබද අධ්‍යක්ෂ ලියෝ පෙරේරා අග රද ගුරු වෙත ලිපියක් ලියමින් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලනීකරණය වී ඇති බව හා මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වා දී තිබේ.
මේ නිසා මෙවන් වාතාවරණයක පාප් වහන්සේගේ පැමිණිම ආරක්ෂාවට මෙන්ම උන්වහන්සේගේ ප්‍රතිරූපයටද හානියක් යැයි පෙන්වා දී ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා එන එක මේ වේලවේ හොඳ නැහැ (නදී)
දෙවියන්ගේ කැමැත්ත අනුව එය සිද්ධ වේ.(හේ)
හොද අදහසක්....සියලුම කතෝලික නායකයන් එක්වෙලා පාප් තුමා මේ එන ගමන නවතන්න පියවර ගන්න.පෙන්වා දෙන්න ඡන්දයක් තිබෙන කොට රටේ බලය තිබෙන මිනිසුන් ක්‍රියාකරන මිලේච්ච බාවය එතුමාට.(හේ)
උතුමාණන් එන එකට අපිත් කැමති උනත් ටිකක් කල් දානවා නම් අගේ කරනවා. (නදී)
රොනල්ඩ් රේගොන් සෝවියට් දේශය කඩන්නත් පාප්වහන්සේ යොදාගත්ත එකේ ඕක මොකක්ද (බ)
පොස්ටර් අලවන්නත් ගන්න ඉඩ තියන නිසා නොඑන එක හොඳයි (බ)
මම නම් කියන්නේ එනවානම් එන්න ඕනි පරක්කු වෙලා කියලා (දිල්)
චන්දෙන් පස්සේ එන පාප්තුමා චන්ද පෝස්ටර් වලට යොදාගන්න කට්ටියක් උත්සහ කරනකොට එතුමා චන්දෙට කලින් ගෙන්වල ප්‍රකාශයක් කරවාගෙන චන්ද ගන්නත් සමහරු බලාගෙන සිටිය. (නදී)
අපි හොද බෞද්ධ. නමුත් සියලුම දෙනා එක්වෙලා පාප් තුමා ආවම පෙන්වන්න ඡන්දයක් තිබෙන කොට රටේ බලය තිබෙන මිනිසුන් ක්‍රියාකරන මිලේච්ඡ බාවය එතුමාට (නදී)
පාප වහන්සේට හිතුනු දේ අවංකව කරන්න ඉඩදෙන්න කියලයි මම නම් කියන්නේ (නි)
මෙම ඉල්ලීම නිවැරදිය. පාප්තුමාට නිසි ගෞරවයක් ලබාදීමට නම් වඩා සුදුසු මොහොතක පැමිණීමට ආරාධනා කළයුතුව ඇත.මැතිවරණයකින් පසු රටේ තත්වය පාලකයන් විසින් හඳුනා නොගැනීම ඇත්ත වශයෙන්ම පුදුම සහගතය.එම වාර්තාවේ සදහන් කරුණු ශ්‍රි ලංකාවේ හැම කතෝලිකයෙකුගේම ඉල්ලීම වෙනවාට සැක නැත. (නි)
අපිත් බෞද්ධ මිනිස්සු, අනේ වාසනාවන් ඔබ වහන්සේ ලංකාවට එන්න. වාසියට බොරු ලියන්න එපා මිනිසුනේ. (ර)
මමත් කියන්නේ එතුමා මේ වෙලාවේ නොඑන එක හොඳයි කියලයි (නි)
පාප් වහන්සේ ලංකාවට එනවා නම් ඒක අපිට මොනතරම් ලොකු ආශිර්වාදයක්ද? ඉවසීමෙන් බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ඒකත් එහෙමද? (නි)
මේ රටේ මොන සමයක්ද ? විරුද්ධ පක්ෂෙට කොඩියක් දාන්න බෑ..පෝස්ටරයක් ගහන්න බෑ ,රැස්වීමක් තියන්න බෑ (දිල්)
අපි බෞද්ධ, හින්දු මොන ආගමේ වුණත් අතිඋතුම් පාප් වහන්සේ මේ රටට වඩින එක අපිට ආඩම්බරයක්. ගෞරවයක්. නමුත් මේ වෙලාවේ එතුමා මෙම රටට වැඩම කිරීම එතරම් හොඳ මදි. (නි)
හරිම කනගාටු දායක සිදුවීමක්, පාප් වහන්සේ වැනි උත්තමයෙක්ගේ පැමිණීමෙන් දේශපාලන වාසියක් ගැනීමට උත්සහ කිරීම නම් කොහොමත් අනුමත කරන්න බැහැ. (ම)
ජනාධිපතිතුමාට මේවා ගැන මම දන්නේ නැහැ කියන්න බැහැ. ඔහුට පුළුවනි ඔහුගේ විධායක බලය මේ අවසාන කාලයට භාවිතා කරලා එවැනි ප්‍රදර්ශන පුවරු ඉවත් කිරීමට කටයුතු කරන්න.(දිල්)
පාප් තුමාගේ සංචාරයයි ජනාධිපතිවරණයයි පටලවා ගන්න තරම් අපේ මිනිස්සු මෝඩ නැහැ .එතුමාට එන්න කියමු (ම)
පාප්තුමාට ශ්‍රී ලංකාවට එන්න තරම් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැත.(හේ)
මගෙත් පුද්ගලික හැඟීම ඒකම තමයි (දී)
මම කියන්නේ මාසයක් දෙකක් පරක්කු වෙලා එන්න අලුත් ජනාධිපතිට පිළිගන්න පුළුවන්නේ නිදහසේ ඡන්දෙ හින්ද ම්නිස්සුන්ට නිදහසක් නැහැ උන්වහන්සේව දැකගන්න. (ර)
මැතිවරණය නිදහස් රටක අයිතියක්. පාප් තුමාගේ සංචාරය වෙනත් එකක්. අපේ රට වතිකානුවෙන් පාලනය වන්නේ නැ. (ර)
අපි බලන් ඉන්නේ එතුමන් එනකන්. (ර)
පාප්වහන්සේ ලංකාවට නොපැමිණෙන බව ඉතාම පැහැදිලියි, (හේ)
පාප් වහන්සේ කියන්නේ ආගමික නායකයෙක්. දේශපාලන වාසි සදහා එතුමාව තව තවත් යොදාගත හැකි බැවින් මැතිවරණ යුද්ධයෙන් පසු පැමිණීම වඩා යහපත්ය. (ර)
අති උතුම් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමන වලක්වන්නට කරන උත්සාහය අසාර්ථක වේවා.! උන්වහන්සේගේ පැමිණීම අපේ රට සහ කිතුණු බැතිමතුන්ට මහත් ආශිර්වාදයක් මෙන්ම සතුටක් ගෙනෙන දිව්‍යමය වරප්‍රසාදයක් වනු ඇත. (ර)
නැවතත් මෙවන් වටිනා අවස්ථාවක් හිමිවෙවිද කියන එකයි ඊළඟ ගැටලුව වෙන්නේ. (ර)
පාප් වහන්සේ එයිද.? (ර)
පාප් වහන්සේ එන එකක් නැහැ. (ර)
අපි හොද බෞද්ධ. නමුත් පාප්තුමා වැනි උතුමෙකුගේ සම්ප්‍රාප්තියට නම් කවදාවත් අකුල් හෙලන්නේ නැහැ. (ර)
පාප් තුමනි, ඔබවහන්සේ කලකින් ලොවට පහල උන උසස්ම ගනයේ මිනිසෙකි. මෙම ගමන කල් දමන්න. එවිට ශ්‍රී ලාංකිකයන් ඔබවන්සේගේ නිර්මල පණිවිඩය සාවදානයෙන් අසයි. (ර)