අතිඋතුම් දෙවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දිවයිනට පැමිණෙන දිනයේ වෙනසක් සිදුනොවන බව ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනය කර සිටී.
උන්වහන්සේ ජනවාරි මස 13 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
පාප් වහන්සේගේ ලංකා ගමනයේ සංවිධාන කටයුතු භාරව කටයුතු කරන සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ පෙර නියම කරගත් පරිදි පාප්තුමා දිවයිනට පැමිණෙනු ඇත බවයි.
ජනවාරියේ සිදුවන පාප්වහනසේගේ සංචාරය හා එම මසම පැවැත්වීමට දින යොදා ඇති ජනාධිපතිවරණය අතර ඝට්ඨනයක් ඇතිවනු ඇත්දැයි මීට පෙර මත පළවී තිබුණි.
කතෝලික සභාව මුල සිටිම දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියේ පාප්වහන්සේගේ සංචාරය දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා නොකරන ලෙසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාප්තුමාගේ ලංකා ගමන හරි
සත්‍යයා Friday, 31 October 2014 02:57 AM
ලංකාව තීරණය කරන්න ඕනෑ මේ වෙලාවේ රටට වැදගත් වන්නේ කුමක්ද කියන එක (නි)
ෆර්ඩීන් Friday, 31 October 2014 03:07 AM
සුදොතුම් පියාණන්ගේ සැපත්වීම අපිට ඉතා වටිනවා. (නි)
නාලක Thursday, 30 October 2014 09:57 AM
අනේ යන්තම් ඇති.... වාසනාවන්...! (නි)
ගයාන් Thursday, 30 October 2014 11:04 AM
පාප් වහන්සේ ජනාධිපතිතුමාගේ ඉදිරි ගමනට ආශිර්වාද කරාවි. (නි)
උපාලි Thursday, 30 October 2014 11:10 AM
මම බෞද්ධයෙක් හැටියට මේ දේ ඉතාම අගය කරනවා. (නි)
අජිත් Thursday, 30 October 2014 12:32 PM
නියමයි (නදී)
ධනා Thursday, 30 October 2014 12:58 PM
ජනාධිපතිවරණයට තවත් වසර දෙකක් තියෙද්දී, පාප් තුමන්ගේ සංචාරයට අවශ්‍ය පසුබිම සැකසීම රටේ සියලුම දෙනාගේ වගකීම බවයි මගේ හැගීම. (ර)
විද්‍යා Thursday, 30 October 2014 02:28 PM
අපට වාසනාවක් නැහැනේ මෙතුමන් දකින්නට (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 30 October 2014 03:01 PM
සතුටුදායක පුවතක්. දෙවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සාදරයෙන් පිළිගනිමි. ජන්ද තියල ඇනකොටා ගන්න එපා. අන්තිමේට උන්වහන්සේට ලංකාව එපාවෙයි. (ර)