අතිඋතුම් දෙවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දිවයිනට පැමිණෙන දිනයේ වෙනසක් සිදුනොවන බව ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනය කර සිටී.
උන්වහන්සේ ජනවාරි මස 13 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
පාප් වහන්සේගේ ලංකා ගමනයේ සංවිධාන කටයුතු භාරව කටයුතු කරන සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ පෙර නියම කරගත් පරිදි පාප්තුමා දිවයිනට පැමිණෙනු ඇත බවයි.
ජනවාරියේ සිදුවන පාප්වහනසේගේ සංචාරය හා එම මසම පැවැත්වීමට දින යොදා ඇති ජනාධිපතිවරණය අතර ඝට්ඨනයක් ඇතිවනු ඇත්දැයි මීට පෙර මත පළවී තිබුණි.
කතෝලික සභාව මුල සිටිම දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියේ පාප්වහන්සේගේ සංචාරය දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා නොකරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව තීරණය කරන්න ඕනෑ මේ වෙලාවේ රටට වැදගත් වන්නේ කුමක්ද කියන එක (නි)
සුදොතුම් පියාණන්ගේ සැපත්වීම අපිට ඉතා වටිනවා. (නි)
අනේ යන්තම් ඇති.... වාසනාවන්...! (නි)
පාප් වහන්සේ ජනාධිපතිතුමාගේ ඉදිරි ගමනට ආශිර්වාද කරාවි. (නි)
මම බෞද්ධයෙක් හැටියට මේ දේ ඉතාම අගය කරනවා. (නි)
නියමයි (නදී)
ජනාධිපතිවරණයට තවත් වසර දෙකක් තියෙද්දී, පාප් තුමන්ගේ සංචාරයට අවශ්‍ය පසුබිම සැකසීම රටේ සියලුම දෙනාගේ වගකීම බවයි මගේ හැගීම. (ර)
අපට වාසනාවක් නැහැනේ මෙතුමන් දකින්නට (නි)
සතුටුදායක පුවතක්. දෙවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සාදරයෙන් පිළිගනිමි. ජන්ද තියල ඇනකොටා ගන්න එපා. අන්තිමේට උන්වහන්සේට ලංකාව එපාවෙයි. (ර)