පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය කල්දමා ගැනීමේ හැකියාවක් නොමැති බව කාදිනල් මැල්කම් රංජිත් රදගුරුතුමෝ කියති.
පාප්වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කළේ ලංකා කතෝලික සභාවම බව පැවසූ අගරදගුරුවරයා එනිසාවෙන්ම සංචාරය අවලංගු කරන්නැයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටීමට කතෝලික සභාවට හැකියාවක් නැති බව පෙන්වා දුන්නේය.
මේ සියලූ ගැටලූ මතුව ඇත්තේ උන්වහන්සේගේ ලංකාගමනය සිදුවීමට පෙර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීමට සැළසුම් කර තිබෙන නිසා යැයි සඳහන් කළ එතුමා පාප්වහන්සේගේ ලංකාගමනය කතෝලික සභාව සැළසුම් කළේ ජනාධිපතිවරණයක් ගැන රාවයක්වත් නොතිබූ කාලයක බව කීය.
පාප්වහන්සේ පැමිණෙන හෙයින් ඡන්ද විමසීමෙන් පසු රටේ සාමකාමී වාතාවරණයක් පවත්වාගත යුතුවීමේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රධාන අපේක්ෂකයින් දෙපළම හා සාකච්ඡා කළ බව පැවසූ අගරදගුරුවරයා කවුරුන් ජයග්‍රහණය කළද ජනපතිවරණය අවසානයේ රටේ සාමකාමී පරිසරයක් පවත්වාගැනීමට කටයුතු කරන බවට ඔවුන් දෙදෙනම ප්‍රතිඥා දුන් බවද පැවසීය.
මේ සම්බන්ධයෙන් වතිකානයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගරදගුරුවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව හා වතිකානය අතර පැවැත්වුණු සාකච්ඡාවට කිහිපයක් අවසානයේ සැළසුම් කරගත් පරිදිම පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදුකිරීමට ඔවුන් තීරණය කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාප් වහන්සේ, එනකොට ඉන්නේ ශ්‍රී ලංකා ජනරජයේ නව ජනාධිපති කෙනෙක්. (ර)
කතෝලික ජනතාවනි, බයවෙන්න එපා. උන්වහන්සේ මෙහෙ එනවිට යහපාලනයක් ඇති වී තිබේවි. එය රටෙත් ජනතාවගේ වාසනාව. (නි)
කතෝලික ඡන්ද කොහොමත් විපක්ෂයට තමයි.(හේ)
මම කියන්නේ අපි වෙනත් ආගමක ගරු කටයුතු කෙනෙක් මෙහි ගෙන්වා ගන්නවා නම් ඉහලම ආරක්ෂාව සහ සැලකිල්ල ලබා දෙන්න ඕන. අපි ආරධනා කළා නම් එහි ගරුත්වය තියන්න ඕන. (හේ)
දැන් මේ වැදගත් ගමනත් මැතිවරණ ප්‍රවර්ධනයක් කරන්න ඉඩ තියන එක හොඳ නැහැ. අර පෝස්ටර් දැක්ක නම් එතුමා පැත්ත පළාතේ එන එකක් නැහැ. (බ)
කතෝලික අපි ඔක්කොම ජනාධිපතිතුමා එක්කමයී. මේ පින් බිමට අපේ පියතුමා ගෙන්නපු එකම කෙනා අපේ ජනාධිපතිතුමා විතරයි. (බ)
එතුමා මේ වෙලාවේ එන එක හොඳයි කියලා මට හිතෙනවා (නි)
පාප්තුමා එන එක රටට ආශිර්වාදයක් (නි)
මම නම් කියන්නේ එතුමා මේ වෙලාවේ පැමිණියයුතු නැහැ (නි)
පාප්තුමා ලංකාවට එන එක අපට ලොකු වැදගමක් තියෙනවා කතෝලිකයන් වශයෙන් නමුත් උන්වහන්සේගේ ගමන අතරතුර ඡන්දය දින දැමු එක අපට පිළිගන්න බැහැ. මොකද තව අවුරුදු දෙකක් තියෙන නිසා උන්වහන්සේට අරාධනා කරන්න ගියේ මීට සුලුකලෙකින් ඒ වෙනවිටත් ජනාදිපති තුමා මෙය දැනගෙන මේ අතරතුර ඡන්දය දින නියම කළ එකට කතෝලිකයෝ වශයෙන් පිළිකුලෙන් හෙළාදකිනවා .(හේ)
මොන ඡන්දෙ තිබුණත් කතෝලික අපිට අපේ සුදතුම් පියාණන්ගේ ආගමනය තමා වඩා වැදගත්. මොකද මේක ශ්‍රී ලාංකික කතෝලිකයන්ට ස්වර්ණමය අවස්ථාවක්. මේක අපේ ජීවිත වල නොමැකෙන අමන්දානන්දනීය ආගමනයක්.දෙවිඳුන්ගේ අබිමතය ලෙස උතුමාණෝ නිසි දවසේ නිසි වෙලාවට මේ පින් බිමට පය තබාවි (නි)
පාප් වහන්සේ අපේ රටට එන එක අපේ රටට ලොකු ගෞරවයක් ,ආගම බේදයක් නැතිව බෞද්ධ,හින්දු,කතෝලික් ,මුස්ලිම් හැමෝම මේ අවස්ථාව ගැන සතුටු වෙනවා ,ඒ අතරට බලලොබිය ජනපති වාරණයක් ගෙනවිත් මේ ස්වර්ණමය අවස්ථාව අවලස්සන කරන්න හදනවා , (හේ)
සමහර අය වෛරයෙන් එතුමාගේ ගමනත් නවත්වන්න හැදුවා. ඒ වත්මන් ජනාදිපතිතුමගේ ජයග්‍රහණය අට වෙනිදා දකින්න අකමැති අය. (නදී)
ශ්රී ලංකා ජනරජයේ නව ජනාධිපති විසින්,පාප්වහන්සේ සාදරයෙන් හා ගෞරවයෙන් පිළිගනු ඇත. (නි)