IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘පාප්තුමාගේ ලංකා ගමන කල් දාන්න බෑ‘

පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය කල්දමා ගැනීමේ හැකියාවක් නොමැති බව කාදිනල් මැල්කම් රංජිත් රදගුරුතුමෝ කියති.

පාප්වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කළේ ලංකා කතෝලික සභාවම බව පැවසූ අගරදගුරුවරයා එනිසාවෙන්ම සංචාරය අවලංගු කරන්නැයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටීමට කතෝලික සභාවට හැකියාවක් නැති බව පෙන්වා දුන්නේය.

මේ සියලූ ගැටලූ මතුව ඇත්තේ උන්වහන්සේගේ ලංකාගමනය සිදුවීමට පෙර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීමට සැළසුම් කර තිබෙන නිසා යැයි සඳහන් කළ එතුමා පාප්වහන්සේගේ ලංකාගමනය කතෝලික සභාව සැළසුම් කළේ ජනාධිපතිවරණයක් ගැන රාවයක්වත් නොතිබූ කාලයක බව කීය.

පාප්වහන්සේ පැමිණෙන හෙයින් ඡන්ද විමසීමෙන් පසු රටේ සාමකාමී වාතාවරණයක් පවත්වාගත යුතුවීමේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රධාන අපේක්ෂකයින් දෙපළම හා සාකච්ඡා කළ බව පැවසූ අගරදගුරුවරයා කවුරුන් ජයග්‍රහණය කළද ජනපතිවරණය අවසානයේ රටේ සාමකාමී පරිසරයක් පවත්වාගැනීමට කටයුතු කරන බවට ඔවුන් දෙදෙනම ප්‍රතිඥා දුන් බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් වතිකානයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගරදගුරුවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව හා වතිකානය අතර පැවැත්වුණු සාකච්ඡාවට කිහිපයක් අවසානයේ සැළසුම් කරගත් පරිදිම පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදුකිරීමට ඔවුන් තීරණය කළ බවයි.



අදහස් (0)

‘පාප්තුමාගේ ලංකා ගමන කල් දාන්න බෑ‘

ලාල් Friday, 19 December 2014 03:54 PM

පාප් වහන්සේ, එනකොට ඉන්නේ ශ්‍රී ලංකා ජනරජයේ නව ජනාධිපති කෙනෙක්. (ර)

:       0       0

හෆීල් Friday, 19 December 2014 04:58 PM

කතෝලික ජනතාවනි, බයවෙන්න එපා. උන්වහන්සේ මෙහෙ එනවිට යහපාලනයක් ඇති වී තිබේවි. එය රටෙත් ජනතාවගේ වාසනාව. (නි)

:       0       0

ඒඩ්‍රීයන් ද මෙල් Friday, 19 December 2014 08:12 AM

කතෝලික ඡන්ද කොහොමත් විපක්ෂයට තමයි.(හේ)

:       0       0

ජනක Friday, 19 December 2014 08:16 AM

මම කියන්නේ අපි වෙනත් ආගමක ගරු කටයුතු කෙනෙක් මෙහි ගෙන්වා ගන්නවා නම් ඉහලම ආරක්ෂාව සහ සැලකිල්ල ලබා දෙන්න ඕන. අපි ආරධනා කළා නම් එහි ගරුත්වය තියන්න ඕන. (හේ)

:       0       0

මහිම Friday, 19 December 2014 08:34 AM

දැන් මේ වැදගත් ගමනත් මැතිවරණ ප්‍රවර්ධනයක් කරන්න ඉඩ තියන එක හොඳ නැහැ. අර පෝස්ටර් දැක්ක නම් එතුමා පැත්ත පළාතේ එන එකක් නැහැ. (බ)

:       0       0

එරන්ද Friday, 19 December 2014 08:50 AM

කතෝලික අපි ඔක්කොම ජනාධිපතිතුමා එක්කමයී. මේ පින් බිමට අපේ පියතුමා ගෙන්නපු එකම කෙනා අපේ ජනාධිපතිතුමා විතරයි. (බ)

:       0       0

අවන්ත Friday, 19 December 2014 09:30 AM

එතුමා මේ වෙලාවේ එන එක හොඳයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

ටීෂා Friday, 19 December 2014 09:30 AM

පාප්තුමා එන එක රටට ආශිර්වාදයක් (නි)

:       0       0

බර්නාඩ් Friday, 19 December 2014 10:05 AM

මම නම් කියන්නේ එතුමා මේ වෙලාවේ පැමිණියයුතු නැහැ (නි)

:       0       0

ශිර්ල්යි කුරේරා Friday, 19 December 2014 10:43 AM

පාප්තුමා ලංකාවට එන එක අපට ලොකු වැදගමක් තියෙනවා කතෝලිකයන් වශයෙන් නමුත් උන්වහන්සේගේ ගමන අතරතුර ඡන්දය දින දැමු එක අපට පිළිගන්න බැහැ. මොකද තව අවුරුදු දෙකක් තියෙන නිසා උන්වහන්සේට අරාධනා කරන්න ගියේ මීට සුලුකලෙකින් ඒ වෙනවිටත් ජනාදිපති තුමා මෙය දැනගෙන මේ අතරතුර ඡන්දය දින නියම කළ එකට කතෝලිකයෝ වශයෙන් පිළිකුලෙන් හෙළාදකිනවා .(හේ)

:       0       0

සරසි Friday, 19 December 2014 05:54 AM

මොන ඡන්දෙ තිබුණත් කතෝලික අපිට අපේ සුදතුම් පියාණන්ගේ ආගමනය තමා වඩා වැදගත්. මොකද මේක ශ්‍රී ලාංකික කතෝලිකයන්ට ස්වර්ණමය අවස්ථාවක්. මේක අපේ ජීවිත වල නොමැකෙන අමන්දානන්දනීය ආගමනයක්.දෙවිඳුන්ගේ අබිමතය ලෙස උතුමාණෝ නිසි දවසේ නිසි වෙලාවට මේ පින් බිමට පය තබාවි (නි)

:       0       0

සහන් Friday, 19 December 2014 12:16 PM

පාප් වහන්සේ අපේ රටට එන එක අපේ රටට ලොකු ගෞරවයක් ,ආගම බේදයක් නැතිව බෞද්ධ,හින්දු,කතෝලික් ,මුස්ලිම් හැමෝම මේ අවස්ථාව ගැන සතුටු වෙනවා ,ඒ අතරට බලලොබිය ජනපති වාරණයක් ගෙනවිත් මේ ස්වර්ණමය අවස්ථාව අවලස්සන කරන්න හදනවා , (හේ)

:       0       0

අප්පුහාමි Friday, 19 December 2014 12:41 PM

සමහර අය වෛරයෙන් එතුමාගේ ගමනත් නවත්වන්න හැදුවා. ඒ වත්මන් ජනාදිපතිතුමගේ ජයග්‍රහණය අට වෙනිදා දකින්න අකමැති අය. (නදී)

:       0       0

ලාල් Friday, 19 December 2014 07:05 AM

ශ්‍රී ලංකා ජනරජයේ නව ජනාධිපති විසින්,පාප්වහන්සේ සාදරයෙන් හා ගෞරවයෙන් පිළිගනු ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site