ලිංගාශ්‍රිතව පැතිරෙන දරුණුතම වෛරසය ලෙස හඳුනාගෙන තිබෙන මානව පැපිලෝමා වෛරසයේ ප්‍රභේද පෙනහලු පිළිකා සෑදීමට ඉවහල් වන බවට තහවුරු කිරිමේ පර්යේෂණයක් අණුක ජෛව විද්‍යා තාක්ෂණ ක්‍රම භාවිතයේ ඇරඹු බව කොළඹ විශ්ව විද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රීති උඩගම මහත්මිය පැවසුවාය.
මානව පැපිලෝමා වෛරසය පෙනහලු පිළිකා සෑදීමට තුඩුදෙන බවට ජාත්‍යන්තර පර්යේක්ෂණ සනාථ කර ඇත.
“ආසියාවේ චීනය සහ ජපානය 35.7 % , යුරෝපයේ 17% , ඇමරිකාවේ 15% ක් මෙම වෛරසය හේතුවෙන් පෙනහලු පිළිකාවට ගොදුරු වි සිටිති.”
දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව ඇතුළු කිසිම රටක් මේ ගැන පර්යේෂණයක් මේ වනතුරු සිදු කර නොමැත. එම නිසා ශ්‍රි ලංකාවේ පෙනහලු පිළිකා සහ මානව පැපිලෝමා වෛරසය අතර ඇති සබදතාවට තහවුරු කිරිමේ පර්යේෂණයක් සිදු කිරිමේ අවශ්‍යතාවය පැන නැගී ඇති බැවින් මෙම ව්‍යාපෘතිය සිදු වෙයි.”
මහාචාර්ය ප්‍රීති උඩගම මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය කාන්ති පෙරේරා, ළය රෝහලේ ප්‍රධාන ව්‍යාධිවේදි විශේෂඥ වෛද්‍ය රොෂානා කොන්ස්වන්වයින් යන මහත්මීහු ද සත්ත්ව විද්‍යා උපාදි අපේක්ෂක ප්‍රතිශක්ති හා අණුකවේදි විද්‍යා විශේෂ හේවාවසම් ශීෂ්‍යයා ද මෙම පර්යේෂණය කරති.
ශ්‍රී ලංකාවේ කාන්තා පිරිමි දෙපාර්ශවයම අතර බහුලවම පවතින පිළිකාව පෙනහලු පිළිකාවයි.
දුම්පානය විකිරණවලට නිරාවරණයවීම ,පරිසර දුෂණය , ඇස්බැස්ටස් පෙනහලු පිළිකා අවදානම ඇති කරවන හේතු ලෙස හඳුනාගෙන ඇත.
එහෙත් මේ කිසිදු හේතුවක් නොමැති ව පෙනහලු පිළිකා වැළදෙන පිරිසක්ද වෙති .
“මානව පැපිලෝමා වෛරසය පෙනහලු පිළිකා වැලදිමට හේතු කාරකයක් වන බවට ප්‍රථම වරට 1979 දි අනාවරණය කළේ යුරෝපයේ විද්‍යාඥ සිර්ජනන්ය. ඉන්පසු පර්යේෂණ රැසක් ඒ බව තහවුරු කර ඇත.”
මෙම වෛරසය ඩී එන් ඒ වෛරසයකි. එය සම්ප්‍රේශණය වන්නේ ලිංගාශ්‍රිතවය. මෙම වෛරසයේ පිළිකා සාදන එච් පි වි 16 (HPV) සහ එච් පී වි 18 (HPV) ප්‍රභේද ප්‍රධානතම අවදානම් කාරක ලෙස හඳුනාගෙන ඇත.
පෙනහලු ආශ්‍රිත පිළිකා ආශ්‍රෙයන් ලොව මිය යන සංඛ්‍යාව දස ලක්ෂයක් බව වාර්තා වෙයි.
ශ්‍රි ලංකාවේ මුඛ හා ගෙළ ආශ්‍රිත පිළිකා ඇති කිරිමට මානව පැපිලෝමා වෛරසය හේතුවන බව අණුක විද්‍යාත්මක පර්යේෂණයක් තුළින් සත්ත්ව විද්‍යා අංශය තහවුරු කරමින් සිටී. එම වයාපෘතිය සඳහා ජාතික විද්‍යා කවුන්සලය රුපියල් මිලියන අටහමාරක මුල්‍ය ආධාර සපයා දි ඇත.
මානව පැපිලෝමා වෛරසය ලොවට වසංගතයක් බවට ජාත්‍යන්තරය හෙළිදරව් කර ඇත
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙනහලු පිළිකා මරුවා සොයා ගනි