රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික් දෙක යා කෙරෙන ඇහැලියගොඩ සිට දෙහිඕවිට දක්වා ඇති පනාවල මාර්ගය නාය යෑමට හසු වීමෙන් වසා දමා ඇතැයි පොලිසිය කියයි.
එම මාර්ගයේ ඇහැලියගොඩ සිට කිලෝමීටර හතරක් දුරින් පිහිටි කෙහෙල්වරාව ප‍්‍රදේශයේ පිහිටි යකා වංගුව අසල නාය යෑම මාර්ගය වැසීමට ප‍්‍රධාන හේතුව බව කියති.
යුද හමුදාවේ පනාගොඩ කඳවුරේ ඉංජිනේරු බළකාය එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවල දැන් නිරතව සිටී.
පසුගියදා එම ප‍්‍රදේශයේ සිදු වු නාය යෑමෙන් එක් අයෙකු මිය ගිය අතර තලපිටිය වත්ත වතු නිවාස ද නාය යෑමේ තත්ත්වයට පත්ව ඇතැයි ද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd