රුපියල් ලක්ෂ පහක තෑගි මල්ලක් පිරිනැමෙන කිලෝමීටර් 164ක් දුරැති කහවත්ත පනාවැන්න විවෘත පාපැදි ධාවන තරගයට ක‍්‍රීඩකයන්ගෙන් දැන් අයැදුම්පත් කැඳවයි. කහවත්ත පනාවැන්න අවුරුදු උත්සවය නිමිත්තෙන් මෙම 23 වැනිදා මෙම පාපැදි (ස්ටෑන්ඩඞ්) සවාරිය පැවැත්වේ. රත්නපුර දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ අධීක්ෂණය හා මෙහෙයවීමෙන් මෙම තරගය පැවැත්වේ. ජයග‍්‍රාහකයාට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක්ද, දෙවැනි ස්ථානයට රුපියල් 75,000ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 50,000ක්ද, හතරවැනි ස්ථානයට රුපියල් 35,000ක්ද, පස්වැනි ස්ථානයට රුපියල් 25,000ක්ද ලෙස මුදල් තෑගි පිරිනැමේ. තරගයේ 20 වැනි ස්ථානය තෙක් මුදල් තෑගි ප‍්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ. පැල්මඩුල්ල ආනන්ද මැණික් ආයතනය මෙම පාපැදි ධාවන තරගයට අනුග‍්‍රහය දක්වයි. තරග අයැදුම්පත් ලේකම්, හල්පාවල සණස සමිතිය, පනාවැන්න, කහවත්ත යන ලිපිනයට හෝ 0452226588 යන ෆැක්ස් අංකයට යොමුකළ යුතුය. රත්නපුර දිස්ත‍්‍රික්කයේ පදිංචි තරගකරුවන්ට විශේෂ ත්‍යාග පිරිනැමීමටද අනුග‍්‍රාහකයන් කටයුතු යොදා තිබේ. පනාවැන්න නගරයෙන් ඇරඹෙන තරගය රත්නපුර හරහා ඇහැලියගොඩ දක්වා ගොස් ආපසු රත්නපුරයට පැමිණ උඩවලවට ගමන් කරයි. උඩවලවෙන් ආපසු නැවත කහවත්ත පනාවැන්නෙන් තරගය නිමාවට පත්වේ. රාජ්‍ය පරිපාලන ඇමති ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත පනාවැන්න අවුරුදු උත්සවයට සමගාමීව මෙම පාපැදි තරගය පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පනාවැන්න අවුරුදු පාපැදි සවාරියේ ශූරයන්ට ලක්ෂ පහක තෑගී මල්ලක්