ආරක්ෂක අංශ වෙතට බාර වී වසර කිහිපයක් පුනරුත්ථාපනය වී නිදහස ලබා නිවෙස්වලට ගිය හිටපු කොටි සාමාජිකයින්ට අවශ්‍ය නම් විදෙස්ගත වීමටද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය කටයුතු යොදා ඇතැයි වන්නි පුනරුත්ථාපන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක කර්නල් එම්.ඒ.ආර්.හැමිඩෝන් මහතා පවසයි.
වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන කඳවුරේදී පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින් තිදෙනකු නිදහස් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් ඔහු එසේ කීය.
12,000 කට අධික පිරිසක් මේ වන විටත් පුනරුත්ථාපනය කොට සමාජගත කොට ඇති බවත් මේ වන විට එම පිරිස් සඳහා කෘෂිකාර්මික,පෙදරේරු ඇතුරු විවිධ ස්වයං රැකියා අවස්ථාද රාජ්‍ය හා රාජ්‍ය නොවන රැකියා අවස්ථාද ලබා දී ඇති බව කර්නල් හැමිඩොන් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳින් ඉන්නවනම් අගය කරනවා. පල් වෙච්ච දේශපාලකයෝ ඉන්න පළාතකවත් ඉන්න එපා, (බ)
මේ අයට අවි දුන්නේ දෙමළ දේශපාලකයෝ එයාලට අණ දුන්නේ . දකුණු ඉන්දියාව යුරෝපය හා අැමරිකාව නමුත් දැන් මේ අය පුනරුත්ථාපනය වෙලා නම් ඉන්නේ පිටරට ගිහින් හරි රැකියා කරන්න අවස්ථා ලබාදිය යුතුයි (හේ)
මෙඩිකල් ටෙස්ට් රෙපොර්ට් එකක් එක්කම නිදහස් කරන්න, (හේ)
ඒ තීරණයට එකඟ නෑ අපි.(හේ)
පැලවෙච්ච දේශපාලකයන් ඉන්නේ ලංකාවේ උතුරේ (හේ)