රට පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමේ තර්ජනයකට ලක්ව ඇති හෙයින් පානීය ජලය සැපයීමට හැකියාව පවතිනුයේ තවත් මාස 2ක කාලයක් සඳහා පමණක් බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවයි. මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් අවශ්‍යතාව පරිදි ජල සැපයුම පාලනය කෙරෙන බවත් එසේ කළ යුතු ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලවලින් දැනටමත් යෝජනා ඉල්ලා ඇති බවත් මණ්ඩලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ රටට විශාල වාසියක් වෙන්න වගේ යන්නේ. තව මාස දෙකකින් ජලසම්පාදන මණ්ඩලේ සියලුදෙනාම ඉවත් කරන්න පුළුවන්. (නි)
අයියෝ, ඕකත් ප්‍රශ්නයක්ද? මම වගේ ජින්ජර් බියර් බිව්වා නම් හරිනේ. (නි)
බලශක්ති සහ ජල ප්‍රශ්නය විසඳීමට නම් දීර්ඝකාලීනව ගත් කල සුර්ය බල ශක්තිය, මුහුදු ජලය ලවණහරණය කර භාවිත කිරීම යන දේවල් වලට යොමුවිය යුතුයි (නි)
පළමු වතාවට පමණක් සමාව දීලා ඒ වරද නැවත නොකරන්න පොලිස් පොතේ අත්සන් අරගෙන, නැවත වනාන්තර කපනවා දුටු තැන වෙඩි තියන්න නීතියක් ගෙනෙන්න. හරියට පිලිපීනයට අලුතින් පත්වුණ ජනාධිපති වගේ. නිකම්ම රට හැදෙයි. (නි)
අපේ රට කරවන දේශපාලකයෝ විශාල ප්‍රසිද්ධියක් දීලා වැසි ඉල්ලලා බෝධි පූජා තියලා ඒ ෆොටෝ මාධ්‍යයෙන් පෙන්වනවනේ. එතකොට නිකම්ම වහිනවා. (නි)
අපි ඉන්න රටේ කවදාවත් වැස්ස නැහැ. නමුත් අකණ්ඩව ජල සැපයුම තියෙනවා (නි)
ඉතිරි ගස් ටිකත් කපලා දාමු ! (අ)
තව තවත් වනාන්තර විනාශ කරන්න. පරිසර පද්දතිය කා දමන්න. වගකියයුතු පුද්ගලයන් නිදි. දේසපාලුවන් විසින් මේ රටේ සුන්දරත්වය විනාශ කරා එදත් අදත් හෙටත් වෙන්නේ ඔය ටිකම තමා. (අ)
පාලකයෝ දැහැමි වෙනකොට කලට වැසි වසිනවා. (අ)
ජාතික ප්‍රතිපත්ති නොමැති කමේ විපාක. (අ)
වනාන්තර කපන තරමට දඩුවම් අපි හැමෝටම ලැබේවි. (අ)
මම නම් කියන්නේ තව පායන්න කියල ඒ වගේම තව ගස් ගොඩක් කපන්න කියනවා එතකොට අපිට ඉදිරිය පැහැදිලිව පෙනවා. (අ)
තවත් වනාන්තර කපන්න. කපනගමන් කපන්නේ නැහ කියන්න. වතුර ලබාගන්න හැකි වෙයි. මීළඟ ජනපතිවරන සටන් පටය අපි වතුර හඳෙන් ගෙනත් දෙනවා.(අ)
කලට වැසි වසීවා! (අ)
මූදු ජලය පිරිසිදු කිරීමට පටන්ගමු. (අ)
පුලුවන්නම් ඉතිරි රක්ෂිත වනාන්තර ටිකත් විනශකලොත් මේක හරියාවි (අ)
අනේ මේ කඩාගෙන වැටෙන්නේ මොනතරම් සුන්දර රටක්ද මේ පක්ෂ දේසපාලනය නිසා සිදුවූ විපත . දැන්වත් සහජීවනයෙන් ජාතික ප්‍රතිපත්තියක් අනුව වැඩ කලොත් තාම පරක්කු නැත (අ)
පානීය ජලය නැති වෙන එකමයි හොද. අපි නම් බියර් බොනවා යහපලනෙට පින්සිද්ද වෙන්න දැන් බියර් වලට බදුත් නැහැ වැටුත් නැහැ.(අ)
මෙය ගෝලීය හේතු නිසා ඇතිවන දේශගුණික හා කාලගුණික තත්වයක්. විවෘත ආර්ථිකයට බනිනවා වගේ වෙනත් කරුණු උඩ ඇතිවන ස්වභාවික තත්වයන්ටත් කෝකටත් තෛලය වගේ සමහරුන්ට පෙනෙන්නේ ගස් කැපීමම තමයි. ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට සුවිශේෂ හේතු හා විසඳුම් සෙවීමට පුරුදු වන්න. (නි)
ජේආර්කිව්වා ජනාධිපතිට කරන්න බැරී ගැහැණියක් මිනිහෙක් කරන්න විතරක් කියලා දැන් බලාගෙන ගියහම මොකුත් කරන්න බෑ. හමුදාවට බාරදෙන්න වනාන්තර රකින්න. හමුදාව මේක නියමෙට කරාවී. (බ)
ඉතිරි රක්ෂිත වනාන්තර ටිකත් කපලා විනාශ කරමු. ඉන්පස්සේ පුළුවන්නේ බෝධි පුජා තියලා වැසි වස්සන්න. (නි)
පිරිත් නුල් බදින ස්වාමින් වහන්සේ ඒ වෙලාවේ කියන දෙය අමතකද, ඒවා ට අත් දෙකම අල්ලාගෙන ඉන්න නායකයින්ට. දේවෝ වස්සතු කාළීන , රාජා භවතු ධම්මිකෝ ‘ .පරිසරයට හානි කරන, වනාන්තර විනාශ කරන උන්ට වෙඩි තියන්න නීති හදන්න. ඒ නීති ලොකු පොඩි කාටත් එක වගේ ක්‍රියාත්මක කරන්න. එතකොට රජ ධාර්මික වෙයි. වැසි කලට ලැබෙයි. (බ)