


සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අපරභාර 7.40 ට පුණ්‍ය කාලය උදා විය.නැකත් පත්‍රයට අනුව හෙට සිකුරාදා පූර්ව භාග 8.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අද දින අපරභාග 7.40 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු වේ.
නැකැතක් නැති කාලය පුන්‍ය කාලය වන අතර ආගමික වතාවත් වෙනුවෙන් කාලය යෙදවීම ඉතා යෝග්‍ය බව පැරැන්නෝ පවසති.
හෙට සිකුරාදා පූර්ව භාග 2.04ට සිංහල අලුත් අවුරුද්ද උදා වන අතර ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ පූර්ව භාග 5.41ටයි. රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිණි මොලවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරි බතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක් ද පිළියෙලකර ගැනීම සුදුසු වන අතර වැඩ ඇල්ලීම, ගණු දෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ සිකුරාදා හෙට පූර්ව භාග 07.05ටයි. සුදු සහ නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු වනබව නැකත්පත්‍රයේ සඳහන්වේ..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැකත් කිසිවක් නොමැති යයි සැලකෙන නොනැකත හෙවත් නොනගතය ආගමික කටයුතු සඳහා යොදා ගැනීම ගැන මට හිතෙන්නේ අර "පොට්ට කාසිය පින් කැටයට දැම්මා " වගේ සිතුවිල්ලක් . ආගමට ඉහලම තැන දෙනවා මිසක් වෙනත් කිසිම වැඩකට නුසුදුසු යයි සැලකෙන කාලය ආගමික කටයුතු සඳහා යොදා ගැනීම කොතරම් උචිතද ??
නැකත් සහ බෞද්ධ දර්ශනය කිසිම සම්බන්දයක් නැහැ.. බුදුන් වහන්සේ දේශනා කෙරුවේ යම් දෙයක් කරන්න හොද වෙලාව එම වෙලාවයි . . සුභ අසුභ කියල වෙන් කෙරුවේ නැහැ.. සිංහල මෝඩ ජනතාව බෞද්ධ දර්ශනය කණපිට හරවනවා.. හින්දු අය මෙම සිරිත් විරිත් කෙරුවට කිසි ප්‍රශ්නයක් නැහැ.. අනිත් දේ තමයි ඉරු දෙවියෝ අදහන්නේ දකුණු ඇමෙරිකාවේ පේරු රටේ ඉන්කා ශිෂ්ටාචාරය හා සම්බන්ද ජන කොට්ටාශයක් පමණි..