(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පානම් පත්තුවේ කිලෝමීටර් 10ක පමණ ප්‍රදේශයක වැලි කැණීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉඩ ලබා දී ඇතැයි ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
මෙවැනි දෙයකට ඉඩ දුන්නේ කොහොමද? එලෙස ඉඩ දී ඇත්තේ කාට දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරිය මේ වන විට වෙරළ ඛාදනය රටට විශාල ප්‍රශ්නයක් වී ඇති අතර ඔලුවිල් ප්‍රදේශයේ මීටර් තුන්සීයක්, හාරසීයක් පමණ ගොඩබිම මුහුදට සේදී ගොස් තිබෙන බව සඳහන් කළාය.
හරි පරිසර ඇගැයීමක් නැතිව දන්න කියන කණ්ඩායම් වලට බලපත්‍ර ලබාදී තිබෙන්නේ පරිසරය ගැන තක්සේරුවක් නැතිව බවද මන්ත්‍රිවරිය කීවාය.
පරිසරය සහ මිනිස් මැදිහත්වීම් අතර තුලනාත්මක බවකින් තොරව වර්තමානයේ තීරණ ගනිමින් සිටින්නේ යැයිද මන්ත්‍රීවරිය පැවසුවාය.
පරිසර වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශ වල වැය ශීර්ෂය පිළිබඳ විවාදය අමතමින් අමරසූරිය මෙනවිය මේ බව කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නැහැ .මුන් බලයට එන්නේ රට කන්න කියලා දැන දැනම රටේ බහුතරය මුන්ට චන්දෙ දීලා නේ තියෙන්නේ
පානම් පත්තුවේ ඩිගිරි අම්මයේ ගමේ අයටනම් ගජමන් නෝනය කියලා මතක් වෙන්නේ මේ වෙලවාට තමයි