(හර්ෂණ තුෂාර සිල්වා)
කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්‍රී 9.50 ට පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (කොළඹ කලාපය) ජී. කේ. පද්මකීර්ති මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්ය.
“ දැනට වතුර තියෙන්නේ උපරිම මට්ටමේ. රාත්‍රී 9.50 ට පමණ මා ලබාගත් තොරතුරු අනුව කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්න විදිහක් නෑ. අනෙක මේ වේල්ලේ කාන්දු හෝ පිපිරීම් වගේ දේවල් කිසිවක් නෑ. ඒ කොහොම වුණත් අපි දිවා රෑ නැතිව ඒ ගැන පරිස්සමෙන් බලා ඉන්නවා. මොනවා හරි දෙයක අවදානමක් දැනුණොත් ඒ ගැන වගකීමෙන් කටයුතු කරනවා“ යයිද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම වේල්ලෙන් ජලය පිටාර ගැලීමේ අවදානමක් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය. මෙම තත්ත්වය නිසා පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස ජීවත්වන ජනාතවට මෙන්ම වාද්දූව හා මොරොන්තුඩුව ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින්නැයි ද කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා අද 28 සවස දැනුම් දුන් බව ප්‍රවෘත්ති නිවේදනයේ සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd