( හේමලතා ඩී හේවගේ )
මිනුවන්ගොඩ බ්‍රැන්ඞ්ක්ස් ඇඟලුම් ආයතනය ආශ්‍රිතව පැතිරී ගිය කොරෝනා වයිරසය හේතුවෙන් පන්නල සෞබ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අද (11) වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 09 දෙනෙකු හඳුනාගෙන ඇතිබව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මේ අතර පන්නල ඇලබඩගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාධනයවූ බවට තහවුරුවූ රෝගියාගේ 76 හැවිරිදි මව සහ දියණියටද කොරෝනා රෝගය ආසාධනයවී ඇතිබවද වාර්තාවේ .
ගිරිඋල්ලල ඇලබඩගමල මාකඳු යන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශවල අයත් මැදවත්ත ලවෑත්තෑව ලබෝපිටිය, නැයිනිගම්මන, වැටකෙයා, ඇලබඩගම සහ එලිබිච්චිය යන ප්‍රදේශ වලින් හමුවූ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි හයදෙනෙකු මේ වන විට කොරෝනා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවද සඳහන්වේ .
ගිරිඋල්ල සහ පන්නල පොලිස් ස්ථානවලින් මෙම සෞබ්‍ය බල ප්‍රදේශය පුරා මේ වනවිට ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගිකර ගනිමින් මහජනතාව දැනුවත් කිරීම නිරන්තරයෙන් සිදුකරන අතර විශේෂයෙන් මෙම ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස ආරක්ෂාකාරී සෞබ්‍ය නීතිරීති පිළිදින ලෙසද විශේෂයෙන් පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරීනිය අවධාරනය කර සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික දෙනෙක් මැරුණත් කමක් නෑ... චීනෙන් ආධාර හම්බවෙලා. රට ලොක්ඩවුන් කරන්නෙත් නෑ. ඔයාලට 5000 හම්බවෙන්නෙත් නෑ. ඒක නිසා පුලුවන් විදියකට වැඩට ගිහින් රස්සාවල් කරන් හම්බුකරගෙන කන්න. මේ කමෙන්ට් එක බලල තරහ යනවා නම් අන්න ඒ අය තමයි නියමම වහල්ලු .