ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව එජාපය නමින් ව්‍යාජ පොතක් මුද්‍රණය කළ බව කියන පන්නිපිටියේ මුද්‍රණාලයක් අද(25) අලුයම වටලා පොත් තොගයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුද්‍රණාලය හිමිකරු පොලිස් ඇප මත මුදාහළ බවද පොලිස් ආරංචි පවසයි.
‘සජිත්ගේ බලකාමී සිහිනය බොඳකරන නවීන්ගේ සිරිකොත ආගමනය‘ නමින් මෙම පොත සිරිකොතින් මුද්‍රණය කරන ආකාරයට මුද්‍රණය කර තිබූ බවත් එක්සත් ජාතික පක්ෂයේ ඔත්තුවක් අනුව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පොලිසිය සමග ගොස් එය වැටලූ බවත් දැනගන්නට ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොත දකින්නේ නැතිව කියවන අයත් ඉන්නවා වාගෙයි .(දිල්)
සමන්ති, ඔයා කිවුවා හරි (නි)
මේවට ඇප දෙන්න පුළුවන්. පොල් ගෙඩියක් හොරකම් කලා නම් ඇප නැහැ. (නදී)
ප්‍රබාකරන් පරදින්ඩ ලංවෙනකොටත් ඔහුගේ ප්ලෑන් ඔක්කොම වැරදුනා මතකයි. (නදී)
මේක ඇතුලේ ගේමක්..පොත ගහන්න දීපු එකාව අල්ල ගන්න බැරිවෙන්න විදියක් නැහැනේ..අනිවාර්යයෙන් ඔය පක්ෂෙම කෙනෙක්ගේ වැඩක්..ඔය පොතේ තියෙන්නෙත් ඇත්ත..ඕක තමයි යථාර්ථය වහන්න හැදුවට..9න් පස්සේ ලබන පරාජයත් එක්ක ඔය ගැටුම් එළිපිටම පෙනේවි..පොත් ගහන්න අවශ්‍ය නැහැ..(බ)
පහනක් දීප්තියෙන් දැල්වෙන්නේ නිවෙන්නට ළං වූ විටයි (බ)