( තිළිණි ද සිල්වා)
පන්නිපිටිය නගර මධ්‍යයේ පිහිටි පැරණි බෝ ගස කපා ඉවත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන ජුනි 13 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.
කොළඹ ‐ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පන්නිපිටිය නගර මධ්‍යයේ පිහිටි බෝ ගස කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගොනු කළ පෙත්සමක් අද (09) කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අගවිනිසුරු ප්රියාසත් ඩෙප් සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී. වේරදුවේ සිරි ජෝති හිමි සහ පන්නිපිටිය ප්‍රදේශවාසීන් සිව්දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ,මාර්ග සංවර්ධන අධිකාරිය ,එහි සභාපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. පෙත්සම්කරුවන් සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ පන්නිපිටියේ පිහිටි මෙම බෝගස වසර 400ක පමණ ඉතිහාසයක් සහිත පූජනීය වස්තුවක් වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා පූජනීය වෙලා තියෙන්නේ දැන් තමයි. ඕක ගොඩක් කලින් ඔහේ තිබුණා. දැන් නම් වැටක් ගහලා පූජනීය දේවල්තියෙන්න ඕන පූජනීය තැන්වලයි . ඕක පරණ වෙන්න පුළුවන් ඒත් පූජනීය කතාව බොරු. හන්දිගානේ තියෙනකොට පූජනීය දෙයක් හොඳ ද?
හිටපු ජනාධිපති වගේම දැන් ඉන්න ජනාධිපතිත් වරින් වර ප්‍රකාශ කළා ..... මාර්ග සංවර්ධනය හෝ සුවිසල් මන්දිර ඉදිවෙනවා කියන එක රටේ නියම දියුණුව නොවන බව.... ඒ සඳහා ආධ්‍යාත්මික ගුණවගාවක් තිබිය යුතු බව නමට හෝ කියන්න ඔවුන් පෙළඹුණා. වසර 400 ක් නොවෙයි වසර 10ක් පරණ වුවත් එය රටේ බහුතරය වූ බෞද්ධයින්ගේ වන්දනා මානයට ලක්වේනම් එය කපා ශ්‍රී ලංකාව අමු සොහොනක් කිරීමට කපන පාරක් ලෙසයි,..මේ උත්සාහය අප දකින්නේ...
සුද්දා ඉස්සර කොළඹ - ගාලු පාර හදනකොට කළුතර තිබුණු විශාල ගහ නොකපා යටින් පාරක් දැම්මා.... ඒ වගේ ගස නොකපා බැරිද ගහ බේරලා පාර ලොකු කරන්න?
බෝගස් වල නොවේ පුජනීයත්වය තියෙන්නේ සිත් වල මිනිසුනේ. කරුණාකරලා සංකේත වලට මුල් තැන දෙන එක අඩු කරලා බුදුන්වහන්සේගේ සිත හදන වැඩ පිලිවල අනුගමනය කරමු දැන්වත්.... පාර නිසා ගස කැපේ නම් එය එසේ සිදු වුණාවේ... නුඹලාගේ සිත් ඒ නිසා දුෂ්‍ය නොකරගෙන ඉන්න ක්‍රමය පිළිපදිමු. එයයි බුදුන්ට කරන නියම පුජාව!!!
හොඳ වෙලාවට ලංකාදීප එසැණ කර්තෘ මණ්ඩලය මෙහි අදහස් ලියන අයගේ මතය පාඨකයින්ගේ හොඳද නරකද කියා සංකේත වශයෙන් දක්වන ප්‍රතිචාරවලට පක්ෂග්රහ නොවී ඔවුන්ගේ බුද්ධියට හා සාධාරණත්වයට අවනත වෙමින් ස්වාධීනව ඒවා පළ කිරීමෙන් අප වෙත දක්වන අනුග්‍රහයට ඉතාමත් කෘතඥ වෙනවා.
ඓතිහාසික සාධක ඇතිවීමට වසර සිය ගණනක් යනවා. තියෙන හැම දෙයක්ම විනාස කරලා අළුත් දෙයක් සෑදීම දියුණුවද? දැනට ටික කළකට පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙකුගේ අත්තනෝමතික තීරණයකින් දෙනිපිටියේ නුගරුක (ගජමන් නෝනා හා සම්බන්ධ) කපා දැම්මා. විශාල වෘක්ෂයකට ලියවුනු ඉතිහාසයක් නැතත් එය ඉතා වටිනා සම්පතක්. මේ දිනවල ඇති අධික දාහයට එක හේතුවක් මෙවැනි පරිසර විනාශයන්. ඒ නිසා පුහුතර්ක ඉදිරිපත් නොකර මෙවැනි දෑ ආරක්ෂා කිරීම අපගේත් යුතුකමක්...
මම හිතන්නේ අපේ ඉංජිනේරු මහත්තුරුන්ට පුළුවන් වෙයි.. බෝ ගස නොකපා මාර්ගය හදන්න විදිහක් හොයා ගන්න...