ජනවාරි අට වැනි දා මහජනතාව විසින් පරාජයට පත් කළ දූෂිත පාලකයන් ඇතුළු පිරිස නැවත අළු ගසා දමා ක්‍රියාකාරී මට්ටමට මේ මොහොත වන විට පත්ව ඇති බවත්, එය යහපාලනයට නුසුදුසු හෙයින් ලබන මැතිවරණයේ දී ඔවුන් බලයට ගෙන එනවාද නැද්ද කියා ජනතාව සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බව තම සංවිධානය මහජනතාවට මතක් කරන බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ කීහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී මාධ්‍ය හමුවක දී ය.
කුඩුකාරයන්ට, එතනෝල්කාරයන්ට, බුකීකරුවන්ට හා ස්ත්‍රී දූෂකයන්ට නැවත පාර්ලිමේන්තුවට එන්නට ඉඩ නොදිය යුතුය යන්න තරයේ මතක තබා ගන්න යැයි උන්වහන්සේ ඇතුළු සෙසු හිමිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතනපාල, නියෝජ්‍ය සභාපති මහනුකවැවේ අනුරුද්ධ, විධායක සභික තංගල්ලේ සාරද, කඩහගම ඤාණසිරි යන හිමිවරු ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් කමල්,ඔබ හරි (නි)
හොරුන්ට නාමයෝජනා දුන්නත් නැතත් ජනතාව දැනගන්න ඕනෑ නිවැරදි තීරණයක් ගන්න (නි)
එහෙම ගත්තොත් නාමයෝජනා දෙන්න කෙනෙක් නැතුව ඇති. (ර)
බාලසුරිය මහතාණෙනි, දුෂකයන් කුඩු කාරයන් එතනෝල් කාරයන් ම හොරුන් පාර්ලමේන්තුවේ රැඳීම ඇත්ත වශයෙන්ම හෙළාදැකිය යුතු කරුණක්. එහෙත් මෙම සිද්ධි වල ආරම්භය මහින්ද යුගයමයි කියලා කියන්න තරම් අප ගුණමකු වියයුතු නැහැ. (ර)
සිවුවන සිල් පදය කඩන අයට උදව් කරන හැටියක් තමයි මට නම් පෙනෙන්නේ. ඔය කියන අයහපත් දේවල් මේ රට තුළ බොහෝ කලක සිට පවතිනවා. පසුගිය මහින්ද පාලනය ගැන ජාත්‍යන්තර හා මෙරට කුමන්ත්‍රණකරුවන් මඟින් සමහරු බොරු බේගල් ඇදබෑවා. ඔප්පු කළ හැකි කරුණු තිබුණා නම් වැරදිකරුවන් නිශ්චිතවම හිරේ දැමෙනවා. (නි)
අපිට මරණ බය නැතුව ඉන්න රට හදපු මහින්ද තව කාලයක් දේශපාලනයේ සිටිය යුතුමයි . (ර)
මගේ රට දිනපු දයාබර මහින්ද රජුට ජය වේවා...! මම සැමදා ඔබ සමග ඔබට ණය ගැතියි. (ර) .
කොහේ හිටපු කට්ටියක්ද මේ? යුද්ධේ කරන කාලේ එහෙම මේ අය කොහෙ හිටියද දන්නෑ. (ර)
කුඩුකාරයන්ට, එතනෝල්කාරයන්ට, බුකීකරුවන්ට හා ස්ත්‍රී දූෂකයන්ට නැවත පාර්ලිමේන්තුවට එන්නට ඉඩ නොදිය යුතුය යන්න කවුරු බලයට ආවත් ක්‍රියාවට නැංවිය යුත්තක්. (ර)
මෙවර ඒකට නියම පිළිතුර ලැබෙයි.(හේ)
ඡන්ද ඉල්ලන්න කාටත් පුළුවන්. ඔබ වහන්සේ මෙවරත් ඔය කියන අය පරාජය කරන්න (නි)
යුද්ධය දිනුවා කියා එහි සම්පුර්ණ අයිතිය අරන් රණවිරුවන් තණකොල කපන, පාරවල් වල කුණු අදින සෙබළුන් කරලා , යුද්ධයේ මුවාවෙන් බොරු ඔටුන්නක් දමා , රටේ මුළු සේසතම සොරකම් කරලා , ස්ත්‍රී දුෂකයන් කුඩු කාරයන් එතනෝල් කාරයන් මාල කඩපු හොරුන් පාර්ලමේන්තුවේ දමලා රටට කරපු විනාශය සමහර අයට මේවා පෙන්නේ නෑ , හේතුව ඔවුන් අන්ධ වෙලා , වහලුන් වෙලා නිසා (හේ)
යුද්දේ පෙන්න පෙන්න මිනිස්සු ගොනාට ඇන්දුවා ඇති. යුද්දේ කන්නද.දැන්වත් මනුශ්ෂයන් වගේ හැදිලා තමන්ගේ ළමයින්ට ආදර්ශයක් වෙන්න.(හේ)
මහින්ද ට ජය වේවා...! (ම)
මහින්දට ආයේ කවදාවත් දිනන්න බැහැ.(ම)
කොටින්ගෙන් රට බේරගත්ත එක ඇත්ත. ඒත් ඊට පස්සේ රට කෑවේ නැද්ද ?(නදී)
ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වැඩිය ලොකුයි කිව්වලු. (නි)
මේ කොහේ හිටපු සංවිධානද ? හතු පිපෙනවා වගේ දෙතුන්දෙනෙක් එකතුවෙලා සංවිධානයක් අටවාගෙන රුපියල් දෙතුන්සියයකට බැනර් එකක් ලියවාගෙන තව රුපියල් තුන්හාරසියයකට ශාලාවක් වෙන්කරගෙන පුවත් සාකච්ඡ කැදවනවා. අන්තිමට වේදිකාවේ ඉන්න පස්දෙනා සහ මාධ්‍යවේදීන් දෙතුන්දෙනා හැර කවුරුත් නෑ. (ර)
ලන්සුව කීයද කියල කීවේ නැනේ (ම).
ඵතකොට තරුණ තරුණියන් අමු අමුවේම පාරවල් වල ටයර් සෑයවල්වලට දාපු අය මේකට හොදද? (ම)
මෙයාලට ගිය කලක්. මෙයාල කොහෙද හිටියේ මහින්ද මහත්තය රට බෙරා ගන්නකොට? (ර)
මහින්ද මහත්තයට ජය වේවා! (ර)
මා කැමති 1977 පෙර තිබු පාර්ලිමේන්තු ක්‍රමයට. පාර්ලිමේන්තුවට ආ නියෝජිතයන් ඒ වගේ අදත් වෙනවා නම් හොඳයි. (නි)
මහින්ද මහත්තයා නැතුව මේ ලංකාවේ වෙන කෙනෙක් නැද්ද අගමැති වෙන්න. කෝ එතකොට අනාගත පරපුරක්, අනාගතේ රට බාර ගන්නේ කවුද? (හේ)
මේ හැම ප්‍රශ්නයකටම විසදුම ජනතාව සතුයි.(හේ)
මේ රටේ ඉතිහාසය නොදන්නා අය,දෙමල ජාතිවාදීන්ට මේ රටේ සැණකෙළි පැවැත්වීමට ඉඩදීමට සුදානම් වන අය,මේ ඡන්දය නොදිය යුතු කණ්ඩායමට ඇතුළත් කලොත් නරකද? (ම)
ලංකාව දිනවපු රජු මහින්ද , ඔබ සැමදා අප ඔබ සමඟ සිටිමු >>>>>(ම)
හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉද්දිරිපත් වුනොත් හොරුන්ගෙන් , තක්කඩින්ගෙන්, ස්ත්‍රි දුෂක්යින්ගෙන්, එතනෝල් ජාවාරම්කරුවන්ගෙන් රට බේරා ගත හැකයි. මිනිසුන්ට රට වටා ගොස් කරුණු පහදා දෙන්න.(හේ)
අනේද කියන්නේ, කොටි වලිගය කරලියේ. (ම)
මෙතන අයගේ අදහස් දැක්කහම හරිම පුදුමයි. මහින්ද මහත්තයා ආයෙත් එන්නේ රට හදන්න නම් හිටපු කාලේ එයාට ඒක කරන්න බැරුව ගියේ මොකද ? බල තණ්හාව ඕක තමා (නදී)
එක්කෙනෙකුට එක ගානේ බෙන්ස් කාරෙකක් දෙනවා කිව්වලු. එ්කයි මේ සද්දේ. ඔයාලට තේරෙන්නේ නැද්ද? (නදී)
මෙයාලට හරිම බයයි මහින්ද දිනයි කියලා. මහින්ද කෙලින් ඉඳල යුද්ධේ ඉවර කලේ නැත්නම් මීට හොඳයි කියල හිතෙනවා. (නදී)
මගේ නම් අදහස වෙන්නේ දැන් ඉන්න ජනාදිපති තුමා මොන විදියකින් හරි හොද ආණ්ඩුවක් හදාගන්න ඕනි. එ්කට මහින්ද මහත්තයාගේ සහයෝගය, එතකොට රනිල් මහත්තයගේ සහයෝගයත් , ලබා ගන්නත. හැබැයි ඉතින් කරන්න පුළුවන් දේවල් කියන්න ඕනි නැතුව ඡන්දෙ ගන්න පමණක් කියල වැඩක් නැහැ. එ්කෙන් වෙන්නේ ඔබ තුමාලගේ නම් කැත වෙන එක විතරයි (නදී)
හොඳ අධ්‍යාපනයක් ලැබූ යහපත් ආකල්ප දරන අයටයි ඡන්දය දියයුත්තේ.අපේක්ෂකයිනි, ඡන්ද ඉල්ලන්න බෙදන අත්පත්‍රිකාවල ඔබ අපොස සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි සමත්වුණ වර්ෂයයි විභාග අංකයයි නොවරදවාම මුද්‍රණය කරගෙන එන්න. (නි)
කුඩ්ඩෝ,හොරු වගේම රට පාවාදුන් අයත් එපා (නි)
ඉමල්කා, යුද්ධය අවසන්කළ එක ඇත්ත. හැබැයි ඒක විකුණපු කාලය අවසානයි. (නි)