පානදුර රාජකීය විද්‍යාලය සහ ශාන්ත ජෝන් විද්‍යාලය අතර පානදුර නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැති 21 වැනි හරිත සටනට සමගාමීව පැවති සීමිත ඕවර තරඟයේදී පොලිස් පහරදීමෙන් ආදි සිසුන් දෙදෙනෙක් තුවාල ලදහ.
එක් සිසුවකුට සැත්කමක් ද සිදු කළ බව රෝහල් ආරංචි කියයි.
ආදිසිසුන් දෙපිරිසක් ඇතර ඇවිලී ගිය බව කියන ගැටුමක් බේරීමට ගිය බව කියන පොලීසිය තමනට පහරදුන් බව ආදි සිසුහු කියති.
එහෙත් පොලීසිය එය ප්‍රතික්ෂේප කරයි.
පානදුර රාජකීය විද්‍යාලයේ ආදිසිසුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමද ක්‍රීඩා කරන්නේ (දී)
පේනවද රටේ අනාගතය බාරගන්න ඉන්න අයගේ විනය. අනාගතය සුබ වෙයි කියලා කියන්න බැහැනේ ඉතින්.(නදී)
රටේ විනයක් නැතිවුනාම දරුවන්ගෙන් කොහෙමෙද විනයක් බලාපොරොත්තු වන්නේ.(නදී)
මේවා පාසල් ක්‍රිකට් කියලා බුරුලක් දෙන්න එපා, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
දැන් තියෙන අධ්‍යාපන ක්‍රම හදුන්වා දුන්නේ සුද්දෝ. ලංකාවේ හැර ලෝකේ හැමරටකම ඒක නවීකරණය වුනා.(නදී)
දැන් පාසල්වල ඉගෙන ගන්නේ ම්ලේච්ඡයෝ (අ)
කොල්ලන්ගේ කොළු වැඩ. ගණන් ගන්න එපා. (නි)
මේ කතාව මෙහෙම නෙමෙයිනේ වුනේ.(නදී)
ඔය ආදි ශිෂ්‍යෙයෝ ඔක්කොම බීලා හිටියේ. මේගොල්ලෝ එන්නේ මැච් එක බලලා විනෝද වෙන්න. (නදී)
අද කාලේ බිග් මැච් එකක රණ්ඩුවක් නොවුණොත් තමා පුදුමේ. (නි)
පාසැල් දෙකේම සිසුන් අන්තිමයි. (නි)
බුදුන් උපන් දේශයේ කරන හැසිරීමක රග? (නි)
කීයටවත් පාසල් ක්‍රිකට් වලට ලේ වැගිරීම් අනවශ්‍යයි (දී)
අපිත් හිටියා එතන. මට නම් ළමයින්ගෙ වැරැද්දක් පෙනුනේ නැහැ. (නි)
ෂෙහාන්, පාසැල්වල ඉගෙනුම ලබන්නේ ම්ලේච්ජයන් නොවේ. ගුණගරුක දෙමාපියන්ගේ දරුවන්. නමුත් ප්‍රශ්ණය තිබෙන්නේ අද පාසැල් තුල පවතින අධ්‍යාපනයත් ඒ තුලින් දරුවන්ට කියාදිය යුතු ධාර්මික ආධ්‍යාත්මික සාමාජීය ගුණවගාවත් ගුරු භවතුන් තුලින් පිරිහීම සහ ධාර්මිකත්වය තුලින් ජීවත්වීමට මිනිසාව යහමගට යොමුකරලීමට සිටින ප්‍රධාන පාර්ශවය වන පැවිදි පාර්ශවයන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටු නොකිරීමත්ය. මේ නිසා මෙවැනි අසාමාන්‍යය සිදුවීම් සාමාන්‍යය සිදුවීම් ලෙස අපට දැක ගැනීමට ලැබීම පුදුමයට කරුණක් නොවන්නේය. (නි)
ළමයිගේ විනය පිරිහිලා (දී)
ක්‍රිකට් කියන්නේ ඕකටද (දී)
මේ තරග නිසා ඉදිරියට ජීවිත අහිමි වීම් වෙන්න පුළුවන්.(නදී)
අනේ! අනේ! ආදි ශිෂ්‍යයන්ටත් බෑනේ ළමයිට ආදර්ශයක් වෙන විදියට හැසිරෙන්න.(නදී)
ඇයි ගහගත්තේ කියලා කිව්වේ නැහැනේ..?? (නි)
සෙල්ලම් කරන්න තෙර්න්නේ නැහැ මේ ළමයින්ට (දී)
ගුරුවරුන්ට දරුවන්ට හරි වැරදි කියාදෙන්න අද රටේ නීතිය ඉඩ දෙන්නෙ නැහැ. ළමයින්ට ගැහුවොත් දෙමව්පියො ගුරුවරයට ගහනවා. ඉතින් ගුරුවරු නිකන් ලෙඩ දාගන්න කැමති නැහැ. ළමයි ගුරුවරු ගාව ඉන්නෙ දවසට පැය 05යි. පැය 19ක් ඉන්නේ දෙමවුපියන් ගාව. (නි)
අපොයි! බිග් මැච් වලටත් යන කලක්? (නි)