පානදුර ශ‍්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (22) අවසන් වූ 61 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසදුමකින් තොරව අවසන් විය. මෙම තරගයේ නීති රීති වලට අනුව මොරටු මහ විදුහල පළමු ඉනිමේ ජය ලැබීය.
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද ක‍්‍රීඩාව නතර කරන විට ජයග‍්‍රහණය සදහා ලකුණු 182 ක ජයග‍්‍රාහි ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටි ශ‍්‍රී සුමංගල විදුහල කඩුලූ 2 ක් දැවී ලකුණු 74 ක් ලබා සිටියේය.
මොරටු මහ විදුහල් පිලේ නායක ඉෂාන් නිලක්‍ෂ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ශ‍්‍රී සුමංගල විදුහලේ තාරුක නදීෂාන් දක්‍ෂතම පිතිකරු ලෙස ද, ෂෙවින්ද සුලක්‍ෂණ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, සම්මාන ලැබූහ.
මොරටු මහ විදුහල පළමු ඉනිම ඕවර 60 කදී කඩුලූ 6 ට 207 (ඉෂාන් නිලක්‍ෂ 48, සමින්ද මධුරංග 46, තිලාන් කවිෂ්ක 16, ශමේෂ් චම්පික 17, උෂේන් තාරුක 20, ළහිරු විමුක්ති 51/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 124 (දුෂාන් තුලක්‍ෂණ 37, ශානුක මධුෂාන් 17, උෂේන් තාරුක 40, ෂෙවින්ද සුලක්‍ෂණ 38/3, කෙවින් නවෝද්‍ය 21/3)
ශ‍්‍රී සුමංගල විදුහල පළමු ඉනිම ඕවර 60 කදී කඩුලූ 8 ට 150 (තරුක නදීෂාන් 19, විෂාද් රන්දික 16, ළහිරු විමුක්ති 33, ශාමික ඇන්ජලෝ 28, විශ්ව යසස් 24, ඉෂාන් නිලක්‍ෂ 23/2, දුෂාන් තුලක්‍ෂණ 30/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 74 (තාරුක නදීෂාන් නොදැවී 50)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ පාසල් දෙකම ජය අරගෙන ඇති. (නි)