පානදුර ශ‍්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (22) අවසන් වූ 61 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසදුමකින් තොරව අවසන් විය. මෙම තරගයේ නීති රීති වලට අනුව මොරටු මහ විදුහල පළමු ඉනිමේ ජය ලැබීය.
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද ක‍්‍රීඩාව නතර කරන විට ජයග‍්‍රහණය සදහා ලකුණු 182 ක ජයග‍්‍රාහි ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටි ශ‍්‍රී සුමංගල විදුහල කඩුලූ 2 ක් දැවී ලකුණු 74 ක් ලබා සිටියේය.
මොරටු මහ විදුහල් පිලේ නායක ඉෂාන් නිලක්‍ෂ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ශ‍්‍රී සුමංගල විදුහලේ තාරුක නදීෂාන් දක්‍ෂතම පිතිකරු ලෙස ද, ෂෙවින්ද සුලක්‍ෂණ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, සම්මාන ලැබූහ.
මොරටු මහ විදුහල පළමු ඉනිම ඕවර 60 කදී කඩුලූ 6 ට 207 (ඉෂාන් නිලක්‍ෂ 48, සමින්ද මධුරංග 46, තිලාන් කවිෂ්ක 16, ශමේෂ් චම්පික 17, උෂේන් තාරුක 20, ළහිරු විමුක්ති 51/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 124 (දුෂාන් තුලක්‍ෂණ 37, ශානුක මධුෂාන් 17, උෂේන් තාරුක 40, ෂෙවින්ද සුලක්‍ෂණ 38/3, කෙවින් නවෝද්‍ය 21/3)
ශ‍්‍රී සුමංගල විදුහල පළමු ඉනිම ඕවර 60 කදී කඩුලූ 8 ට 150 (තරුක නදීෂාන් 19, විෂාද් රන්දික 16, ළහිරු විමුක්ති 33, ශාමික ඇන්ජලෝ 28, විශ්ව යසස් 24, ඉෂාන් නිලක්‍ෂ 23/2, දුෂාන් තුලක්‍ෂණ 30/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 74 (තාරුක නදීෂාන් නොදැවී 50)
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පානදුර ශ‍්‍රී සුමංගල - මොරටු මහ විදුහල 61 වැනි ‘රන් සටන’ විසදුමකින් තොරයි
අමිල Sunday, 24 March 2013 01:21 AM
මට නම් හිතෙන්නේ පාසල් දෙකම ජය අරගෙන ඇති. (නි)