පානදුර රාජකීය විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති 11 වැනි වාර්ෂික සීමිත ඕවර තරගය අතරතුරදී ඇති නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් තරග අතරමග අත්හිටුවීමට සිදුවිය.
තරගය අත්හිටු වන විට ලකුණු 238 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹා යමින් සිටි ශාන්ත ජෝන් විදුහල ඕවර 40.1 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටියේය. ඒ අනුව ශාන්ත ජෝන් විදුහල ජයග‍්‍රහණය සඳහා ඕවර 9.5 කදී තවත් ලකුණු 67 ක් රැස්කළ යුතු තිබුණි.
රාජකීය විදුහල ඕවර 50 යේදී කඩුලූ 9 ට 237
(දමිඳු හෂාන් 41, මාධව නිමේෂ් 25, යසිත චමෝද් 51, අසිත ප‍්‍රනාන්දු 50, විදුර සපුමල් 31/4, ළහිරු සංජය 43/2)
ශාන්ත ජෝන් විදුහල ඕවර 40.1 කදී කඩුලූ 5 ට 171
(කවිඳු හෂාන් නොදැවී 58, ළහිරු සංජය නොදැවී 48)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර ක්‍රීඩකයින් බිහිකළ පාසල් දෙකකට ගිය කලක්! (නි)
ලොකු ලෙකු ඉස්කෝල සේරගෙම ක්‍රිකට් ප්‍රශ්ණ. මෙහෙමද පුංචි පාසැල් වලට ආදර්ශයක් දෙන්නේ. අවිනීතතම තමයි මේ පෙන්නන්නේ.(නදී)
තරගය පිළිබද නිවැරදි තීරණයක් ලබා නොදිම හේතුවෙන්, ජය පිළිබද නරඹන්නන්ගේ නොසන්සුන් හැසිරිමක් ඇති වුණා. පොලිසිය මෙම තත්වය නිවැරදිව තෙරුම් ගත්තෙ නැහැ. (නි)
රණ්ඩුවක් වුණේ ඇයි දන්නවාද? (නි)
පාසල් වල හැදියාව හොදයි කිවුවට මෙන්න ප්‍රතිඵල. (නි)