පානදුර පොදු වෙළඳපොළ අසල අනවසර කඩ ඉවත් කිරීමට අද රාත්‍රී 10 යෙන් පසු පොලිසිය සමග පානදුර නගරසභාව පැමිණියේය.
නගර සභා ට්‍රැක්ටරයක ත්‍රීරෝද රියක් ගෑවීමත් සමගම කලබලයක් ඇති විය.
වෙළඳුන් චෝදනා කළේ නගර සභා රියදුරන් බීමතින් සිටි බවයි.
පොලීසිය නගර සභා රියදුරන් දෙදෙනෙක් පොලිසියට රැගෙන යනු ලැබුහ..





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මාර්කට් එකේ චණ්ඩින්ට, මාළු කාරයින්ට පොලිසියත් බයයි. (නදී)
අනවසර කඩ හදන හැමෝටම කඩ දීමට නොහැක. එහෙම වුණොත් කඩ ඕනෑ හැමෝම අනවසර කඩ හදාවි (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
වැරදි වැඩ කවුරු කළත් වැරදියි (නි)
ඡන්දෙ ඉල්ලන අයට නම් මේ ශුද්ධ කිරීම කවදාකවත් කරන්න බැහැ. මෙය කරන්න පුළුවන් නාගරික සංවර්ධන අධිකාරියට විතරයි. හැබැයි මේ වෙළෙන්දන්ටත් විකල්ප තැනක් හදා දීමට තරම් කවුරු කවුරුත් කාරුණික විය යුතුයි. (නදී)
ඉදිකිරීම් සම්බන්ධව පැහැදිලි ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් තියෙනවාදැයි කියන එකත් ලොකු ප්‍රශ්නයක්. ඉදිකිරීම් සම්බන්ධව කාටවත් ඇඟිලි ගැසිය නොහැකිවන පරිදි, වෙනස්කළ නොහැකි පැහැදිලි ප්‍රතිපත්තියක් පළාත් පාලන ආයතන වල ක්‍රියාත්මක වියයුතුයි. ඒ සම්බන්ධව දේශපාලනඥයින් පරිපාලනයට අනවශ්‍ය විදියට ඇඟිලි ගැසීම් කරනවා නම් නීති මාර්ගයෙන් කටයුතු කර ඒවා නිරාකරණය කරගැනීමේ හැකියාවක් ප්‍රදේශයේ අදාළ ආයතනයට තිබිය යුතුයි. එවැනි දැඩි ක්‍රියා මාර්ගයකින් පමණයි මෙවැනි අනවසර සහ අක්‍රමවත් ඉද්රිකිරීම් වළකාලිය හැක්කේ. (නි)
විජේදාස, ඉස්සරහට වෙන්නෙත් දැන් වෙනදේම තමා. පෙනෙන්නේ නැද්ද දැන් වෙන සංවර්ධනේ. (නදී)
අනවසර කඩ නම් ඒවාට අවසර දෙන්නේ ඇයි? විදුලිය දෙනවා බදු ගෙවනවා නගර සභාවට අනවසර නම් ඇයි ඒවා ගන්නේ දෙන්නේ (නදී)
ඉදිරියට අපේ රට දියුනු වෙයි. රටේ ලස්සන නගර ඇති වෙයි. (නදී)
ධම්ම කියනව වගේ නාගරික සංවර්ධන අධිකාරියට මිසක් ඡන්දේ කරන කට්ටියට නම් මේක කරන්න බැහැ. (බ)
වෙන දේ බලාගෙන ඉම්මු. ඉස්සරහට පානදුර ලස්සනට තියේවි. (බ)
බලමුකෝ ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා (නි)
වාහන තදබදය ඇති අවස්ථා වලදී, බස් රථ නැවතුම්පොළ තුළට ගනිද්දී ඇතිවන මාර්ග අවහිරය කාටවත් පෙන්නේනේ නැද්ද? (නි)
අනවසර ඉදිකිරීම් ඉවත්කරලා ඒ වෙළඳුන්ට හරි තැනක කඩකාමර දුන්නා නම් නගරෙත් ලස්සනයි පිළිවෙලයි. ඉඩත් තිබෙනවා ඕනෑතරම්.... (නි)
නගරය පිලිවෙලට තිය ගැනීම අප කාගේත් වගකීමක් පානදුර නගරයේ අනවසර ඉදිකිරීම් වැඩියි. හිතුනු හිතුනු තැන වෙළදාම් කරනවා. මේ දෙයට මුලින්ම වග කියන්න ඕන නගර සභාව මොකද නිතර නිතර නිරික්සනය නොකිරීම ඒ වගේම ජනතාවට හරිම අපහසුවක් තියෙන්නේ නගරයේ අපිරිසිදු කම නිසා. (ස)