අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ 8 වැනි සතිය යටතේ අද (24) තරග අවසන් වීමත් සමග පානදුර ක‍්‍රීඩා සමාජය ‘ඒ’ කාණ්ඩයේ ද, ද්‍රවිඩ සංගසම් පිල ‘බී’ කාණ්ඩයේ ද, පෙරමුණේ පසුවිය.
පානදුර ක‍්‍රීඩා සමාජය සහභාගි වූ තරග 8 න් තරග 6 ක පූර්ණ ජය ලබා ප‍්‍රසාද ලකුණු 116.04 ක් ද, ද්‍රවිඩ සංගම් පිල සහභාගි වූ තරග 8 න් තරග 7 ක පූර්ණ ජය ලබා ප‍්‍රසාද ලකුණු 127.59 ක් ද, හිමිකර ගෙන තිබේ.
‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසු වන මුවර්ස් පිල ප‍්‍රසාද ලකුණු 107.64 ක් ද, ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසු වන එස්. එස්. ස. පිල තරග 7 කදී ප‍්‍රසාද ලකුණු 115.51 ක් ද ලබා සිටියි.
නවවැනි සහ අවසන් සතියේ පානදුර පිල සහ මුවර්ස් පිල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තරගයෙන් අවම වශයෙන් පළමු ඉනිමේ ජය ලබන කණ්ඩායම අවසන් මහ තරයට සුදුසුකම් ලබයි.
අටවැනි සතියේ දක්‍ෂතම පිතිකරු බවට පත්වෙමින් මුවර්ස් පිලේ ෂෙහාන් ජයසූරිය ලකුණු 195 ක් රැස්කිරීමට සමත් විය. මුවර්ස් පිලේ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 165 කට කඩුලූ 9 ක් දවාගමින් සතියේ පන්දු යවන්නා බවට පත්විය.
මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට ලකුණු 149 ක ජයක්)
මුවර්ස් පිල පළමු ඉනිම 231 (දිල්හාර ලොකුහෙට්ටිගේ 85, චතුරංග ද සිල්වා 76, ඉම්රන් ඛාන් 59/3, සුරාජ් රන්දීව් 52/3) සහ දෙවැනි ඉනිම 372 (ෂෙහාන් ජයසූරිය 195, චතුරංග ද සිල්වා 66, සුරාජ් රන්දීව් 160/5, ඩිල්ෂාන් මුණවීර 43/3)
බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 100 (මාධව වර්ණපුර 40, මාලින්ද පුෂ්පකුමාර 55/5, ෂෙහාන් ජයසූරිය 13/3) සහ දෙවැනි ඉනිම 354 (ඩිල්ෂාන් මුණවීර 104, මාධව වර්ණපුර 97, සුරාජ් රන්දීව් 46, මාලින්ද පුෂ්පකුමාර 110/4)
බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට කඩුලූ 5 ක ජයක්)
සැරසන්ස් පිල පළමු ඉනිම 302 (අචින්ත රාජපක්‍ෂ 46, අමිල සදරුවන් 47, රුක්‍ෂාන් වීරසිංහ 51, ප‍්‍රබෝද අර්ථවිදු නොදැවී 77, සුරේන් සිල්වා 40, මාලිංග බණ්ඩාර 70/4, මධුර ලක්මාල් 76/3) සහ දෙවැනි ඉනිම 125 (ළහිරු ශ‍්‍රී ලක්මාල් 28, මිලින්ද සිරිවර්ධන 37/5)
රාගම පිල පළමු ඉනිම 279 (උදාර ජයසුන්දර 44, සමීර සොයිසා 107, කෞෂල්‍ය වීරරත්න 39, ශෂ්රීක පුස්සගොල්ල 55/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 150 (උදාර ජයසුන්දර 42, කෞෂල්‍ය වීරරත්න නොදැවී 55, ශෂ්රීක පුස්සගොල්ල 52/3)
කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (වරාය අධිකාරියට ලකුණු 144 ක ජයක්)
වරාය අධිකාරි පිල පළමු ඉනිම කඩුලූ 9 ට 375 (යොහාන් ද සිල්වා 30, ගයාන් මනීෂාන් 89, මුතුමුදලිගේ පුෂ්පකුමාර 119, ඉසුරු උදාන 33, ශානුක දිසානායක නොදැවී 51, දුලංජන් මෙන්ඩිස් 129/6) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 227 (යොහාන් ද සිල්වා 56, ගයාන් මනීෂාන් 65, ලක්මාල් කීර්තිරත්න 15/3)
නාවික හමුදා පිල පළමු ඉනිම 197 (බුද්ධික හසරංග 38, චානක රුවන්සිරි 68, චමින්ද බණ්ඩාර 66/4) සහ දෙවැනි ඉනිම 261 (විමේෂ් වික‍්‍රමසිංහ 39, බුද්ධික හසරංග 67, යොහාන් කුමාර නොදැවී 90, මුතුමුදලිගේ පුෂ්පකුමාර 37/4, චානක කොමසාරු 114/3)
ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (කුරුණෑගල තරුණ පිලට කඩුලූ 7 ක ජයක්)
මේරියන්ස් පිල පළමු ඉනිම 227 (ගීත් කුමාර 63, උපුල් ප‍්‍රනාන්දු 49, ප‍්‍රසාද් කැල්ලෙපත 65/3, ජීවන්ත කුලතුංග 32/3) සහ දෙවැනි ඉනිම 120 (ගීත් කුමාර 42, ටිරෝන් ගමගේ 24/5)
කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම 195 (සදුන් ඩයස් 51, ජීවන්ත කුලතුංග 47, ප‍්‍රභාත් ජයසූරිය 59/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 153 (ජීවන්ත කුලතුංග 55, සදුන් ඩයස් නොදැවී 36)
පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (තරගය විසදුමකින් තොරව අවසන්)
කෝල්ට්ස් පිල පළමු ඉනිම 277 (ෂෙහාන් ප‍්‍රනාන්දු 31, නිසල් රන්දික 60, ෂෙහාන් කමලීන් 46, රොෂේන් සිල්වා 51, චතුර පීරිස් 86/3, ගයාන් සිරිසෝම 63/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 268 (රොෂේන් සිල්වා නොදැවී 102, අනුක් සිල්වා 46, ඩිල්රුවන් පෙරේරා 83/5)
පානදුර පිල පළමු ඉනිම 319 (රංග කුරේ 45, චාමර සිල්වා 65, සුදේෂ් උමයංග 47, ප‍්‍රසන්න ජයවර්ධන 57, කම්රන් ඛාන් 66/3, සජීව වීරකෝන් 136/6)
මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී (තරගය විසදුමකින් තොරව අවසන්)
බදුරලිය පිල පළමු ඉනිම 324 (ගයාන් ද සිල්වා 77, මාපා බණ්ඩාර 80, අලංකාර අසංක 40, සාලිය සමන් 31, දිනේෂ් ගුණරත්න 81/5, දිනුක් හෙට්ටිආරච්චි 122/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 43
සී. සී. සී. පිල පළමු ඉනිම 422 (අමල් ඇතුළත්මුදලි 87, රෝයි සිල්වා 54, ගිහාන් රූපසිංහ 49, හසන්ත ප‍්‍රනාන්දු 39, ගායින් විජේකෝන් නොදැවී 120, ළහිරු ගමගේ 109/3, රොෂාන් ලක්සිරි 106/3)
බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී (තරගය විසදුමකින් තොරව අවසන්)
යුද හමුදා පිල පළමු ඉනිම 350 (රිෂාන් කාවිංග 81, ඩිලාන් සොයිසා 37, මංජුල ද සොයිසා 71, අසේල ගුණරත්න 98, අජන්ත මෙන්ඩිස් 32, මාලන් මධුසංඛ 62/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 266 (රිෂාන් කාවිංග 38, ඩිලාන් සොයිසා 107, චරිත් ප‍්‍රනාන්දු 51, සුවන්ජි මදනායක 74/5)
බී. ආර්. සී. පිල පළමු ඉනිම 328 (රොස්කෝ තටිල් නොදැවී 145, නිමේෂ් පෙරේරා 52, ගිහාන් දිල්රුක් 39, අජන්ත මෙන්ඩිස් 91/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 100 (හෂාන් ගුණතිලක නොදැවී 51)
කටුනායක වෙළෙද කළාප ක‍්‍රීඩාංගණයේදී (තරගය විසදුමකින් තොරව අවසන්)
ලන්කන් පිල පළමු ඉනිම 228 (ශිවංග රණසූරිය 46, දේශාන් ඩයස් 50, දිල්හාන් කුරේ 37, රජීව් වීරසිංහ නොදැවී 32, ලසන්ද රුක්මල් 64/4, ටී. නදීර 38/4) සහ දෙවැනි ඉනිම 214 (ශිවන්ග රණසූරිය 32, මහේෂ් කුමාර 50, සමීර වීරසිංහ 35, ලසන්ද රුක්මාල් 67/4, අකිල ඉෂංක 37/3)
ගුවන් හමුදා පිල පළමු ඉනිම 321 (ටී. නදීර 37, සජිත් කැඵම්ප‍්‍රිය 33, යශෝධ ලංකා 113, රාජු ගයාෂාන් 94, රජීව් වීරසිංහ 99/7) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 6
එන්. සී. සී. ක‍්‍රීඩාගණයේදී (තරගය විසදුමකින් තොරව අවසන්)
එන්. සී. සී. පිල පළමු ඉනිම 280 (නිරෝෂන් දික්වැල්ල 32, ජෙහාන් මුබාරක් 73, චාමර කපුගෙදර 71, ළහිරු මධුසංඛ 5, තරිදු කෞෂාල් 31, සුරංග ලක්මාල් 68/6, සචිත‍්‍ර සේරසිංහ 67/3) සහ දෙවැනි ඉනිම කුලූ 7 ට 279 (ජෙහාන් මුබාරක් 112, සුරංග ලක්මාල් 66/3)
ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 314 (රුමේෂ් බුද්ධික 61, කිත්රුවන් විතානගේ 43, දෙනුවන් රාජකරුණා 71, තිලාන් තුෂාර 62, තරිදු කෞෂාල් 125/4, රමිත් රඹුක්වැල්ල 32/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 93 (මහේල උඩවත්ත 47)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd