පානදුර මහබෙල්ලන හන්දිය ආසන්නයේදී වෑන් රථයක් මෝටර් රථ දෙකක් සහ ත්‍රිරෝද රියක් ගැටමෙන් බිළිදකු සහ මවක තුවාල ලබා රෝහල් ගත කළ බව පානදුර පොලිසිය කියයි.
පානදුර මහබෙල්ලන හන්දිය ආසන්නයේදී වෑන් රථයක් මෝටර් රථ දෙකක් සහ ත්‍රිරෝද රියක් ගැටමෙන් බිළිදකු සහ මවක තුවාල ලබා රෝහල් ගත කළ බව පානදුර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රටින් කාර්පට් ගෙනත් දුන්න වගේ අපේ රියදුරන්ට සංවර කමත් , මොළයත් ගෙනත් දෙන්න. (දී)
මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි. මේ මනුස්ස ජීවිත. (ස)
මේ රත්නපුර පානදුර පාර මාරක පාරක්. මේ පාර අලුතින් හැදුවට පස්සෙ පානදුර ඉඳන් ඉංගිරියට වෙනකන් කොටසේ මාර්ග අනතුරක් නොවෙන දවසක් තියනව නං කලාතුරකින්. මම අනතුරු 25කට වැඩිය දැකල තියනවා. (ස)
අපොයි දෙවියනේ වෙන අපරාධ. (ස)
සෝබන හරි. පිටරට ගිහින් නිවැරදිව වාහන පදවලා මෙහෙ ඇවිල්ලා වැඩදාන්න ගිහින් වැඩ වරද්දාගත් අය එමටයි. මීට හේතු කිහිපයක්ම තිබුණත් මේ හැමදේටම පිළියමක් වෙනවා කාපට් පාරවල් සැදීම නතර කිරීම. (නි)
පාර හොඳ උනත් ජීවිතේට රත්නපුර පානදුර බස් එකක් වේගෙන් යනවා මම නම් දැකලා නෑ. (ස)
මීටර 100 න් 100 ට පාර මාරුවෙන ස්ථාන තිබීම ගැන චෝදනා කරන්නේ වාහන වලින් ගමන් කරන උදවිය හෝ රියදුරු මහතුන් පමණි. මතක තබාගන්න, මේ පාරවල් හදා තිබෙන්නේ කාන්තාර හරහා නොවන බව සහ නාගරික ප්‍රදේශවලට නොයෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සහ මිනිස් ශ්‍රමය සැපයෙන පළාත් බව. කවුරුවත් හිතන්නේ නැහැ, මේවා හදන්න ශ්‍රමය කැපකර තිබෙන්නේ, දෙකකුල් වලින් යන මධ්‍යම පන්තියේ උදවිය බව (නි)
පාරත් කාපට් කරලනේ, දැන් කාටද දොස් කියන්නේ, මං හිතන්නේ මේවගේ අනතුරු වලට වැරදි මේ රථවාහන හදන කොම්පැනි කියලයි. (දී)
තුවාල වූ මව හා බිලිඳුන්ට ඉක්මන් සුවය අත්වේවා. (දී)
මේ පාරේ ඉගිල්ලෙන්න හදන්නේ ත්‍රීවීල්, මෝටර් සයිකල් සහ ටිපර්. මේ සිද්දියටත් ත්‍රීවීල් එකක් සම්බන්ධයි නේ. (දී)
ඇල්බර්ට් අයිස්ටන්ස්ගේ සාපේක්ෂතා වාදය අනුව , අපේ ලංකාවේ රියදුරන්ගේ වාහන පැදවීම මත මෙය සිදුවීම අනිවාර්ය දෙයක් . සමහර අවස්ථාවල් අහඹුවෙන් සිදුවන අනතුරු .(දී)
සැලකිල්ලෙන් රිය පදවන්න.එතකොට අනතුරු අවම වෙයි යම් ප්‍රතිසතයකින්වත්. (දී)
මේ පාරේ ගැටළු කීපයක් තියෙනවා. ප්‍රධානම එක තමයි මීටර් 100 න් 100 ට පාර මාරු වෙන ස්ථාන. අනික එක ලේන් එකයි තියෙන්නේ . එකනම් පළලට හදල තියෙනවා එත් වාහන දෙකකට යන්න බැහැ. පොලිසියේ දෙන්නෙක් නිතරම තාප්ප අස්සේ හැංගිලා ඉඳල ඉරි කපන් ඕවර්ටෙක් කරන අයව අල්ලනවා. ඒ දෙන්න තමයි හැමදාම ඉන්නේ . (දී)
පාරවල් කාර්පට් කලාට ,වාහනයකට වෙනත් ඉදිරියෙන් යන වහනයක් පසු කරයාමට ඇති හැකියාව හරිම අඩුයි . අනතුරු වැඩි වීමට ඇතිකර ඇති මරඋගුලක් වගේ තමයි පාරේ තිබෙන තත්වය.කෙසේ වෙතත් ලංකාවේ වාහන එලවන එක ,අනතුරක් කරගන්න තිබෙන ලේසිම ක්‍රමයක් තමයි (දී)