IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පානදුර දී වාහන හතරක් එකට ගැටේ

පානදුර මහබෙල්ලන හන්දිය ආසන්නයේදී වෑන් රථයක් මෝටර් රථ දෙකක් සහ ත්‍රිරෝද රියක් ගැටමෙන්   බිළිදකු සහ මවක තුවාල ලබා රෝහල් ගත කළ බව පානදුර පොලිසිය කියයි.



අදහස් (0)

පානදුර දී වාහන හතරක් එකට ගැටේ

සෝබන Sunday, 08 June 2014 11:51 AM

පිට රටින් කාර්පට් ගෙනත් දුන්න වගේ අපේ රියදුරන්ට සංවර කමත් , මොළයත් ගෙනත් දෙන්න. (දී)

:       0       0

සමන් Saturday, 07 June 2014 07:17 PM

මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි. මේ මනුස්ස ජීවිත. (ස)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 07 June 2014 07:30 PM

මේ රත්නපුර පානදුර පාර මාරක පාරක්. මේ පාර අලුතින් හැදුවට පස්සෙ පානදුර ඉඳන් ඉංගිරියට වෙනකන් කොටසේ මාර්ග අනතුරක් නොවෙන දවසක් තියනව නං කලාතුරකින්. මම අනතුරු 25කට වැඩිය දැකල තියනවා. (ස)

:       0       0

ශාන්ති Saturday, 07 June 2014 08:45 PM

අපොයි දෙවියනේ වෙන අපරාධ. (ස)

:       0       0

ගමගේ Monday, 09 June 2014 07:39 AM

සෝබන හරි. පිටරට ගිහින් නිවැරදිව වාහන පදවලා මෙහෙ ඇවිල්ලා වැඩදාන්න ගිහින් වැඩ වරද්දාගත් අය එමටයි. මීට හේතු කිහිපයක්ම තිබුණත් මේ හැමදේටම පිළියමක් වෙනවා කාපට් පාරවල් සැදීම නතර කිරීම. (නි)

:       0       0

රොහාන් Saturday, 07 June 2014 09:44 PM

පාර හොඳ උනත් ජීවිතේට රත්නපුර පානදුර බස් එකක් වේගෙන් යනවා මම නම් දැකලා නෑ. (ස)

:       0       0

කුමාර Monday, 09 June 2014 09:44 AM

මීටර 100 න් 100 ට පාර මාරුවෙන ස්ථාන තිබීම ගැන චෝදනා කරන්නේ වාහන වලින් ගමන් කරන උදවිය හෝ රියදුරු මහතුන් පමණි. මතක තබාගන්න, මේ පාරවල් හදා තිබෙන්නේ කාන්තාර හරහා නොවන බව සහ නාගරික ප්‍රදේශවලට නොයෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සහ මිනිස් ශ්‍රමය සැපයෙන පළාත් බව. කවුරුවත් හිතන්නේ නැහැ, මේවා හදන්න ශ්‍රමය කැපකර තිබෙන්නේ, දෙකකුල් වලින් යන මධ්‍යම පන්තියේ උදවිය බව (නි)

:       0       0

සෝබන Sunday, 08 June 2014 06:02 AM

පාරත් කාපට් කරලනේ, දැන් කාටද දොස් කියන්නේ, මං හිතන්නේ මේවගේ අනතුරු වලට වැරදි මේ රථවාහන හදන කොම්පැනි කියලයි. (දී)

:       0       0

චින්තක Sunday, 08 June 2014 07:16 AM

තුවාල වූ මව හා බිලිඳුන්ට ඉක්මන් සුවය අත්වේවා. (දී)

:       0       0

රුවන් Sunday, 08 June 2014 07:46 AM

මේ පාරේ ඉගිල්ලෙන්න හදන්නේ ත්‍රීවීල්, මෝටර් සයිකල් සහ ටිපර්. මේ සිද්දියටත් ත්‍රීවීල් එකක් සම්බන්ධයි නේ. (දී)

:       0       0

සැම්සන් පිලපිටිය Sunday, 08 June 2014 07:54 PM

ඇල්බර්ට් අයිස්ටන්ස්ගේ සාපේක්ෂතා වාදය අනුව , අපේ ලංකාවේ රියදුරන්ගේ වාහන පැදවීම මත මෙය සිදුවීම අනිවාර්ය දෙයක් . සමහර අවස්ථාවල් අහඹුවෙන් සිදුවන අනතුරු .(දී)

:       0       0

ඉසුරන්දි Sunday, 08 June 2014 09:37 AM

සැලකිල්ලෙන් රිය පදවන්න.එතකොට අනතුරු අවම වෙයි යම් ප්‍රතිසතයකින්වත්. (දී)

:       0       0

චමල් Sunday, 08 June 2014 10:25 AM

මේ පාරේ ගැටළු කීපයක් තියෙනවා. ප්‍රධානම එක තමයි මීටර් 100 න් 100 ට පාර මාරු වෙන ස්ථාන. අනික එක ලේන් එකයි තියෙන්නේ . එකනම් පළලට හදල තියෙනවා එත් වාහන දෙකකට යන්න බැහැ. පොලිසියේ දෙන්නෙක් නිතරම තාප්ප අස්සේ හැංගිලා ඉඳල ඉරි කපන් ඕවර්ටෙක් කරන අයව අල්ලනවා. ඒ දෙන්න තමයි හැමදාම ඉන්නේ . (දී)

:       0       0

සරත් Sunday, 08 June 2014 11:14 AM

පාරවල් කාර්පට් කලාට ,වාහනයකට වෙනත් ඉදිරියෙන් යන වහනයක් පසු කරයාමට ඇති හැකියාව හරිම අඩුයි . අනතුරු වැඩි වීමට ඇතිකර ඇති මරඋගුලක් වගේ තමයි පාරේ තිබෙන තත්වය.කෙසේ වෙතත් ලංකාවේ වාහන එලවන එක ,අනතුරක් කරගන්න තිබෙන ලේසිම ක්‍රමයක් තමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site