ප්‍රවේශපත්‍ර නොමැතිව සහ තුන්වැනි පන්තියේ ප්‍රවේශපත් වලින් දෙවැනි පන්තියේ මැදිරිවල ගමන් කළ මගීන් 108 දෙනෙක් දුම්රිය ආරක්ෂක හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව කියයි.
මගී 98 දෙනෙකුගෙන් දඩ වශයෙන් රුපියල් 318,000 ක මුදලක් අයකර ගෙන ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
දඩ ගෙවීමට නොහැකි වු මගීන් 10 දෙනෙකුගම්පහ පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දඩයත් 25000.00 කළා නම් ඉවරනේ (නි)
කොච්චර දඩ ගහව්වාත් අපේ මිනිස්සු ඒ වැරැද්දම කරනවා (ම)
අර පාර්ලිමේන්තුවේත් ඉන්නවා නේද එක පක්ෂයකින් ටිකට් අරන් වෙනත් පැත්තකට යන කට්ටියක්? ඒ අය අත්අඩංගුවට ගන්නේ නැද්ද ...? (නි)
හොඳම හොඳ වැඩක්. දෙවැනි පන්තියේ ටිකට් අරන් එන අයට ගණන් කර කන් පෙන්නලා හොඳට වාදී වෙලා යනවා.ඒ විතරක් නෙමෙයි දෙවැනි පන්තියේ ටිකට් එකේ ගාන වැඩි කරන්න ඕනෑ (ම)
මුලින්ම දුම්රිය ප්‍රමාණය වැඩි කරන්න ඕන. 2 පන්තියේ ඉඩ තියෙද්දී 3 පන්තියේ ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ. ඉතින් රක්ෂාවලට යන මිනිස්සු කොහෙන් හරි අහුවුන තැනකින් නගිනවා. පහසුකම් වැඩි නොකර දඩ ගහල අදායම් වැඩි කර ගත්තට වැඩක් වෙන්නේ නෑ . දඩ ගහන්න කලින් ප්‍රමාණවත් දුම්රිය ප්‍රමාණයක් ධාවනයට යොදවන්න ඕන.(බ)
මේ අයට දඩ ගහපු එක ගොඩක් හොදයි.(හේ)