‘‘ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගේන්න යන පනත සම්මත වුනොත් මේ රටේ මහණ වෙන්න කැමති කෙනෙක් හොයා ගන්න එකත් අපිට ප්‍රශ්නයක් වෙයි. මේ වන විටත් රටේ පන්සල් වැසී යාමේ තර්ජනයකට ලක් වෙලා. පන්සල් වල වැඩ සිටින භික්ෂූන් වහන්සේලාගේ හිගයක් පවතිනනවා. ආණ්ඩුව ගෙන එන්නට යන පනත මගින් බලවත් අසාධාරණයක් මේ රටේ සග පරපුරට සිදු වෙන බව පැහැදිලියි.‘ යැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල, උස්වැව, ගුරුගොඩැල්ල පුරාණ රජමහා විහාරයේදී පැවසීය.
‘‘ රටේ සංඝයා වහන්සේලාට හිමි තැන දිය කර හරින්න විශාල කුමන්ත්‍රණයක් සිදු වෙමින් යනවා. ආණ්ඩුව විසින් ගෙන එනු ලබන ථෙරවාදී භික්ෂු පනත සම්මත වුනොත් චිරාත් කාලයක් තිස්සේ සංඝයා වහන්සේලා විසින් කරගෙන එනු ලැබූ සිංහල වෙදකම හා නක්ෂත්‍ර කටයුතු වලට වැට බැදෙන්න ඉඩ තියෙනවා.බෝධි පූජාවත් ගුප්ත විද්‍යා ගණයට දමා සලකන්න වුණත් පුළුවන්. බෝධි පූජාවක් තියෙන සංඝයා වහන්සේලා විනය විරෝධී වැඩක් කළා කියා නීති මගින් කටයුතු කරන්න පුළුවන්.හෙට දවසේදී මේ රටේ භික්ෂූන් වහන්සේලාට අංගුලිමාල පිරිත කියන්න බැරි තත්වයක් උදා වෙන්න පුළුවන්.
රටේ ප්‍රශ්න ඇති වුණු වෙලාවට මේ රටේ භික්ෂූන් වහන්සේලා ඉදිරියට ඇවිත් මේ රට බේරා ගත්තා .මම හිතනවා මේ එන භික්ෂු පනත සම්බන්ධයෙන්ද මේ රටේ ගරුතර භික්ෂූන් වහන්සේලා මැදිහත් වෙයි කියා.භික්ෂූන් වහන්සේලා ගේ සිවුරු ගලවන මේ පනත පිළිබදව මහානායක හිමිවරු න්මීට වඩා අවධානය යොමු කළ යුතු යැයි මම විශ්වාස කරනවා. මේ වගේ පනත් එන්නේ යම් යම් අයගේ බලපෑම් මත බවයි මම විශ්වාස කරන්නනේ .මේ රටේ නිදහස හා භෞමික අඛන්ඩතාවයට හානි කරන කිසිවක් පාලකයන් විසින් නොකළ යුතුයි. විදේශීය බලපෑම් වලට යටත් නොවී මේ රටේ ස්වෛරී භාවය ආරක්ෂා කිරීම රටේ පාලකයන් ගේ වගකීමක් .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහණ කරන්න දරුවෝ නැතිවුනේ අර පුංචි පවුල රත්තරන් කියා ගෙනාපු වැරදි ප්‍රතිපත්තිය නිසයි.හාමුදුරුවරුන්ටත් මේකේ වැරැද්ද පෙනුනේ මහණ කරන්න දරුවෝ නැතිවුනහමයි.අන්තිමට දරුවෙක් හදාගන්න වත්කමක් නැති අය පමණයි මහණ කරන්න දරුවෝ දුන්නේ.මේකෙන් කොලිටිත් බාලවුණා. (බ)
ඔබතුමා යුද්දය දිනවීමෙන් පසු මේ රටේ නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය රැක ගන්න යමක් කළාද? නැහැනේ මේගොල්ල කරන්නෙත් එකම තමයි. නමුත් එයටත් වඩා දරුණු විදිහට එම විනාසය සිදුවෙනවා (බ)
අපි ඉවසලා බලමුකෝ (නි)
මහින්ද මැතිදුනි, ශාසනය රැකගන්න යමක් කරන්න (නි)
මේ නීතිය අවශ්‍යයි. හාමුදුරුවරු බණ භාවනා කරන්න ඕනෑ. (නි)
සංඝ භේදය සහ බෞද්ධයා භේද කළේ කවුද කියලා අපි දන්නවා (නි)
පන්සල් වැසී යන තැනට වැඩ සැළැස්වුයේ දේශපාලකයෝමනේ (නි)
තවමත් අපේ රටේ ඈත කෙළවරක, සමහරවිට මිනිස් පහස නොලබන තැනක භාවනානුයෝගිව දිවිගෙවන, වචනයේ පරිසමාප්තියෙන්ම බුදුන් දෙසු දහම අනුව යන හිමිවරු සිටිනවා. දැනට වසර 3 කට විතර ඉහතදී මම ලංකාවට නිවාඩුවකට පැමිණිවිට,මගේ මිතුරෙක් යම්කිසි ආරාමයක් ගැන මට ඉඟියක් ලබාදුන්නා. අපි එහි යනවිට, ඒ නායක හිමියන් උන්වහන්සේගේ ඉරීගිය සිවුර මහමින් සිටියා. ඒ හිමියන් අවංකවම දුක්වුණා අපිට තේ එකක් දීමට සීනි ටිකක්වත් නැතිවීම ගැන. හදවත පැලීයන තරමේ වේදනාවක් ගෙනදුන් අවස්ථාවක් ඒ. ඉතාමත් ශික්ෂාකාමි හිමිවරු කිහිප නමක් එහි සිටියා. එකම එක දෙයක් ගැන මට මහත්වූ සතුටක් ඇතිවුණා. "දේශපාලුවන්" කියන පරපුටුවන්ගේ ජරා පහසින් කිළිටි නොවූ උත්තම පන්සලක් විම ගැනයි ඒ. (නි)
ගුප්ත විද්‍යාව සහ බෞද්ධයන්ගේ ආමිෂ පුජාව අතර වෙනස්කම නොදන්නා මහත්තයෙක් නොදන්නා කම පෙන්වනවා වගෙයි. (ර)
මේ පනත් තිබිල නෙමෙයිනේ මෙතරම් කාලයක් සාසනය රැකුණේ. (ර)
ආයෙත් මාතෘකාවක් ලැබිලා වගෙයි.... (ර)
සමහරු නම් කොහොමත් අකමැතියි නීති ගෙනවිත් ඇතුළේ ඉන්න අයගෙන්ම විනාශවීමට පටන්ගෙන ඇති බුද්ධාගම පිරිසිදු කරනවට. මොකද එතකොට ඒගොල්ලන්ගේ කොන්ත්‍රාත් ඉටුකරන, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා මාළිගාව ළඟ බහු රූ කෝළම් රඟදක්වන නඩයට වැඩ වරදිනවනේ (නි)
කතාවනම් සහතික ඇත්ත. හාමුදුරුවරුන්ට නීති පනවන්න ඕනේ අදාළ නිකාය වලින් මිස ආණ්ඩුව නෙවෙයි .ආණ්ඩුව කරන්න ඕනේ අදාළ කතිකාවත් වලට නීතිමය තත්වයක් දී ක්‍රියාත්මක කිරීමයි. එතකොට කපුවො කට්ටඩියෝ හොරු විධියට ඉන්න චීවරධාරීන් එලවලා දාලා ශාසනය රැකගන්න පුළුවන්. එහෙම නැතුව නීති ගෙන්න ඕනේ ඕනෙම වැරදි දෙයකදී හඩක් නගන අපේ කොන්දක් තියෙන හාමුදුරුවරු ටික මෙල්ල කරන්න නෙවෙයි. (ර)
ජය වේවා.! (ර)
මෙම පනත ගෙන එම පිරිසිදු බුදු සසුන රැකිමට රුකුලක් යනු මගේ හැගීමය, බෞද්ධ දර්ශනය ගුප්ත විද්‍යා, නක්ෂත්‍ර කටයුතු. සිවුරේ ගෞරවය කෙලෙසෙන ක්‍රියා සහ වචන භාවිතය හෙලා දකින නිසා , සමහරු මෙයට විරුද්ධ බව පෙනේ. (ර)
අපිට තියෙන බරපතලම ප්‍රශ්නය ඕකද? එහෙම නැත්නම් හොරු හොයන එකද කියලා මම දැනගන්න කැමතියි. ඒ අය හොරකම් කළානම් දැන් සැප සේ ඉන්නවා ඇතිනේ. හොඳම දේ රටට හොඳ දෙයක් කරලා රට දියුණු වුණාම ජනතාව පෙරට එයි දඬුවම් දෙන්න (බ)
අනේ මන්දන්නේ නෑ මේ මිනිස්සු එකක් ඉවර උනාම තව එකක් අල්ල ගන්නවා. පිරිසිදු බුදු සසුන රැකීමට මෙම අදාළ කතිකාවත් වලට නීතිමය තත්වයක් දීම ඉතා අගනා කාර්යක් ලෙස මා දකිනවා. කහ සිවුරට මුවා වී ශාසනය විනාශ කරන අයට මෙයින් වැට බැඳෙනවා. (ර)
ශාසනය රැක ගන්න එක පුතෙක් මහන කරන්න... (ර)
මෙයට විරුද්ධ වෙන්න පුළුවන් අය කරන්නේ බුදු දහම විනාශ කරමින් ඉන්න සිවුරු පෙරව ගත්ත අයට උදවු කිරීමක්. (ර)
ශාසනයට එන්නේ වාහන එලවන්න, රැකියා කරන්න, ඉගෙන ගන්න නම් ශාසනයට එන්නේ නැති එකත් හොඳයි. මිනිස්සුන්ට පන්සල එපා වෙන්නේ සමහර පැවිදි අය කරන දේවල් නිසා. (ර)
ශාසනය රැක ගන්න එක පුතෙක් මහණ කරන්න..පුතා මහණ වෙලා වැඩක් නැහැ එයා සාත්තර කියන්න කෙනෙක් වෙනවනම්. (බ)