මැතිවරණයක දී හිතුමතේ කටවුට් බැනර් ප්‍රදර්ශනය කළ නොහැකි බවත්, කටවුට් බැනර් ප්‍රදර්ශනයට පළාත් පාලන ආයතන නිසි බදු මුදල් අය කර ගත යුතු බවත් පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ කොළඹ කිරුලපන පැපරල් සංවිධාන ප්‍රධාන කාර්යාලයයේ දී සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය කෙසේ වියයුතු ද යන්න මැයෙන් අද පැවැති වැඩමුළුවක දීය.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් කටවුට් වලට ඉඩ දෙන පළාත් පාලන ආයතනවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බැවු ද හෙට්ටිආරච්චි මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ගෙවන්න වෙන්නෙත් ජනතාවගේ මුදල් වලින්ම තමයි. (ස)
ලංකාවේ මැතිවරණ සංස්කෘතිය විකෘති කරලා උඩුයටිකුරු කරලා. දැන් මහපාර බදු අරගෙන බැනර් කටවුට් වලටම. මේ ලැජ්ජා නැති වැඩ වලට ජනතාව උත්තර දේවිද? (නි)
අපේ බදු සල්ලි වලට නම් අත තියන්න එපා හොඳේ (නි)
කාටද මේවා කියන්නේ? (නි)
මිනිහෙක් ගැහැණියක් විතරක් තමයි කොරන්න බැරි. ඔය කටව්ට් නිසා රණවුට් වෙන්නේ නැහැ, (ස)
සම්පප්‍රලාප නොකිය ඉන්න. අහවලා නම් දෙයි බදු මේන් කියලා. එයා අනවසරයෙන් අධ්වේගේත් කටවුට් ගහලා පොලිසියෙන් මුරටත් දාලා. (ස)
වචන ටිකක් විතරයි.(හේ)
හොඳම වැඩේ දැන් ගහලතියෙන ඒවට මොනවද කරන්නේ. (ස)
ජනපති තුමාගේ කටවුට් රටේ හැම ලැයිට් කණුවකම තියනවානේ..ඒවට නඩු දැම්මට වැඩක් තියනවාද..නීතියක් නැති රටක් (ස)
ඔය නීතිය කාටද ? (නදී)
දැන් මහරජාණනි නාමය වෙනස් වී ඇත. (අ)
එතකොට රජයේ ඒවට මොකද වෙන්නේ ? (නදී)
මෙහෙමත් නීතියක් තියෙනවා එහෙනම්! (නි)