පනාගොඩ කපුරුගොඩ පාරේ නිවසක 10 හැවිරිදි දරුවකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
ඔහු පනාගොඩ පරාක්‍රම විදුහලේ 4 වැනි වසරේ සිසුවකු බවද ගල් වැඩපොළක සේවකයකු ඝාතනයේ තොරතුරු දනිතියිද පොලිසිය කියයි.
මෙම සිසුවා අද උදේ 10.30 ට පමණ ගෙදර නොසිටි බවත් ඉන්පසු ඔහු සොයන්නට පටන්ගත් බවත් පොලිසිය කියයි.
ළමයා ඔහුගේ නිවසට මීටර 500 ක් පමණ ඈතින් පිහිටි පාළු ගෙදරක මරා දමා තිබිණැයිද ගල් වැඩපොලේ සේවකයාද එහි ලැගුම් ගෙන සිටි බවට තොරතුරු ඇතැයිද පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසු ඔහු සොයාගන්නට නැතැයි පොලිසිය කියයි.
පරීක්ෂණ කටයුතු සඳහා ගල්කිස්ස පොලිසියේ නිල සුනඛ එට්කා ගෙන ඒමටද නියමිතය.
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප කේ.බුද්ධික කුමාරසිරි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද මහින්ද මහත්තයාගේ කලේ ඔව්ව වුණේ නැද්ද ? අනේ නිකන් කට තිබ්බ පලියට කෑ නොගහ ඉන්න (අ)
අනේ මේවා මහම මහා අපරාධ..! එහෙමනම් මේ දරුවාව වඩාත් හොඳින් පරිස්සම් කරන්න තිබුණානේ.(අ)
අපේ සමාජයට මොකද මේ වෙලා තියෙන්නේ (ම)
මුකුත් වෙලා නැහැ සම්පත් මහත්තයෝ..8 වෙනිදා මහින්ද මහත්තයව එලව ගත්තට පස්සේ මහින්ද මහත්තයාගේ කාලේ නොතිබිච්ච සියල්ල ලැබිල දැන් පාලකයෝ පාලිතයෝ සියල්ල හතර පෝයට සිල් ගන්න බෝ පැල වෙලා..දැන් බැලුවම දැනුත් එහෙමනේ..ඒ වුනාට දැන් කවුරුත් පාලකයින්ට බනින්නේ නැහැනේ..යහපාලානේ වෙනස.. (අ)
මුකුත් වෙලා නැහැ සම්පත් මහත්තයෝ..8 වෙනිදා මහින්ද මහත්තයව එලව ගත්තට පස්සේ මහින්ද මහත්තයාගේ කාලේ නොතිබිච්ච සියල්ල ලැබිල දැන් පාලකයෝ පාලිතයෝ සියල්ල හතර පෝයට සිල් ගන්න බෝ පැල වෙලා.අපිට මතකයි මේ තීරුවේ ඒ දවස්වල වෙන ඕනෑම දෙකට මහින්ද මහත්තයව කට්ටිය පතුරු ගැහුවා..අපිත් හිතන් හිටියේ ඒ කාලේ සියල්ල වුනේ පාලනේ වරදින් කියල.දැන් බැලුවම දැනුත් එහෙමනේ..ඒ වුණාට දැන් කවුරුත් පාලකයින්ට බනින්නේ නැහැනේ. යහපාලානේ වෙනස. (අ)