පනාගොඩ යුද හමුදා කඳවුරේ ආධුනික සෙබළකු එහි ක්‍රීඩා උපදේශක කෝප්‍රල්වරයකුගේ පහරකෑමකට ලක්ව රෝහල්ගත කර සිටී.
ක්‍රිඩා උපදේශක සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.‘උඹ මරා හැංගුවත් කවුරුවත් දන්නේ නෑ.පොලීසියට මේක ඇතුළට එන්න බෑ.‘ යනුවෙන් පහරදීමට පෙර කෝප්‍රල් තමාට තර්ජනය කළ බව සෙබළා කියා ඇත.
ඔහුගේ යටි බඩට පහර වැදී ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද..පුහුණුවේදී ගුටිකාපු නැති හමුදා බටයෙක් ඉන්නවනම් ඌ හමුදා භටයෙක් නමෙයි.සොමාරියෙක්..ගහන්නේ බනින්නේ නැතුව සීනිබෝල බබාලා වගේ පුහුණුවක් වෙන්න ඇති මේ හාදය පතන්න ඇත්තේ...යහපාලානේ හමුදාවටත් ඇවිත් ..(නදී)
මෙයාල අපේ හමුදාවත් දිය කරයි මෙහෙම ගිහින්. අන්තිමට කොටි එනකොට දුවන්න වෙන්නේ. (අ)
ගහලා බැනලා පුහුණුව දෙන්න බැහැ. හමුදාවට නුසුදුසු කෙනෙක් නම් ඔහු සම්මුඛ පරීක්ෂණයේදීම හරවා යවන්න ඕනෑ. අහිංසක කොල්ලන්ට ගහන්න කාටවත් අයිතියකුත් නැහැ. (නි)
හැමදේටම යහපාලනය ඇදලා ගන්නේ ඒකට අකමැති කුහකයින් තමයි (නි)
මෙහෙම මිනිසුන්ට ගහන්න කොහේ තිබෙන අයිතියක්ද? (නි)
සම්පත්ලා වගේ මුහුණුපොතේ ළදරුවන් හමුදා පුහුණුවක් කියන එක නොදන්නා එක ගැන පුදුමවෙන්න දෙයක් නැහැ.මුහුණු පොතෙන් යුද්ධ කරන ,මුහුණු පොතෙන් ඡන්දය කරන, මුහුණු පොතෙන් සියල්ල කරන මේ ළදරුවන් බාරගන්න අපේ රටේ හෙට දවසට දෙවියන්ගේම පිහිටයි. (නි)
කන්‍යාරාමයක් සහ හමුදා පුහුණුවක වෙනසක් තියනවා නමුත් සීමාවකුත් තියනවා හැමදේකම (නදී)
යහපාලනය ගැන කෙසේ වෙතත් පිවිතුරු යහපාල ගේ අනෙක් අදහසට නම් මමත් එකගයි. දැන් පාසලක ඉගෙන ගන්නා දරුවෙකුට ගුරුවරයෙක් පාරක් ගැහුවොත් දෙමාපියන් ඒ ප්‍රශ්න වලට මැදිහත්වී ගුරුවරයාට දඩුවම් කරන්න පොලිසි යනවා. මානව හිමිකම් නඩු දානවා. අද දරුවන්ට කිසිම ප්‍රශ්නයක් තනිවම විඳ දරා ගැනීමේ හැකියාවක් නෑ. මගේ මතය අනුවනම් දැන් දරුවන් අඩු වයසෙන් සිය දිවි නසා ගන්නේ ඒ නිසා. ඒ ක්‍රමය හමුදාවටත් ඇවිත් වගේ. නිර්භීත සොල්දාදුවෙක් හදන්න පුහුණුව දෙන ක්‍රමයක් තියෙනවා. හමුදා සාමාජිකයෙක් විදියට මම ඒ ගැන දන්නවා. මේ විදියට පොලිසි ගිහින් පුහුණු කරුවන් අමාරුවේ දාන්න ගියොත් හමුදාවට හොඳ සොල්දාදුවන් බිහි කරන්නෙ කොහොමද? (නදී)
කොහොමත් බොහෝ හමුදා කඳවුරු වල නීතිය වල් වැදී ඇත්තේ අදික විනයක් ඇති බව පෙන්වමින් නිලධාරීන් රගපාමින් ඉන්න බව අපි දන්නවා. මේ නිසාම අහිංසක කොල්ලෝ පුහුණුවට පෙර හෝ පසු මෙයින් පැන යනවා. හමුදාව අපායක් නොකරන්න නිලදාරීන් වගබලා ගන්න (නදී)
දුමින්ද හරියටම හරි (දිල්)