පනාගොඩ යුද හමුදා කඳවුරේ ආධුනික සෙබළකු එහි ක්‍රීඩා උපදේශක කෝප්‍රල්වරයකුගේ පහරකෑමකට ලක්ව රෝහල්ගත කර සිටී.
ක්‍රිඩා උපදේශක සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.‘උඹ මරා හැංගුවත් කවුරුවත් දන්නේ නෑ.පොලීසියට මේක ඇතුළට එන්න බෑ.‘ යනුවෙන් පහරදීමට පෙර කෝප්‍රල් තමාට තර්ජනය කළ බව සෙබළා කියා ඇත.
ඔහුගේ යටි බඩට පහර වැදී ඇතැයිද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පනාගොඩ ක්‍රීඩා උපදේශක අත්අඩංගුවේ
පිවිතුරු යහපාල Sunday, 08 March 2015 12:53 PM
අනේ මන්ද..පුහුණුවේදී ගුටිකාපු නැති හමුදා බටයෙක් ඉන්නවනම් ඌ හමුදා භටයෙක් නමෙයි.සොමාරියෙක්..ගහන්නේ බනින්නේ නැතුව සීනිබෝල බබාලා වගේ පුහුණුවක් වෙන්න ඇති මේ හාදය පතන්න ඇත්තේ...යහපාලානේ හමුදාවටත් ඇවිත් ..(නදී)
විජයබාහු Monday, 09 March 2015 09:35 AM
මෙයාල අපේ හමුදාවත් දිය කරයි මෙහෙම ගිහින්. අන්තිමට කොටි එනකොට දුවන්න වෙන්නේ. (අ)
සම්පත් Sunday, 08 March 2015 05:10 PM
ගහලා බැනලා පුහුණුව දෙන්න බැහැ. හමුදාවට නුසුදුසු කෙනෙක් නම් ඔහු සම්මුඛ පරීක්ෂණයේදීම හරවා යවන්න ඕනෑ. අහිංසක කොල්ලන්ට ගහන්න කාටවත් අයිතියකුත් නැහැ. (නි)
ලෝහිත Monday, 09 March 2015 02:00 AM
හැමදේටම යහපාලනය ඇදලා ගන්නේ ඒකට අකමැති කුහකයින් තමයි (නි)
යසංග Monday, 09 March 2015 02:02 AM
මෙහෙම මිනිසුන්ට ගහන්න කොහේ තිබෙන අයිතියක්ද? (නි)
පිවිතුරු යහපාල Monday, 09 March 2015 02:16 AM
සම්පත්ලා වගේ මුහුණුපොතේ ළදරුවන් හමුදා පුහුණුවක් කියන එක නොදන්නා එක ගැන පුදුමවෙන්න දෙයක් නැහැ.මුහුණු පොතෙන් යුද්ධ කරන ,මුහුණු පොතෙන් ඡන්දය කරන, මුහුණු පොතෙන් සියල්ල කරන මේ ළදරුවන් බාරගන්න අපේ රටේ හෙට දවසට දෙවියන්ගේම පිහිටයි. (නි)
දුමින්ද Monday, 09 March 2015 03:46 AM
කන්‍යාරාමයක් සහ හමුදා පුහුණුවක වෙනසක් තියනවා නමුත් සීමාවකුත් තියනවා හැමදේකම (නදී)
වික්‍රම Monday, 09 March 2015 04:13 AM
යහපාලනය ගැන කෙසේ වෙතත් පිවිතුරු යහපාල ගේ අනෙක් අදහසට නම් මමත් එකගයි. දැන් පාසලක ඉගෙන ගන්නා දරුවෙකුට ගුරුවරයෙක් පාරක් ගැහුවොත් දෙමාපියන් ඒ ප්‍රශ්න වලට මැදිහත්වී ගුරුවරයාට දඩුවම් කරන්න පොලිසි යනවා. මානව හිමිකම් නඩු දානවා. අද දරුවන්ට කිසිම ප්‍රශ්නයක් තනිවම විඳ දරා ගැනීමේ හැකියාවක් නෑ. මගේ මතය අනුවනම් දැන් දරුවන් අඩු වයසෙන් සිය දිවි නසා ගන්නේ ඒ නිසා. ඒ ක්‍රමය හමුදාවටත් ඇවිත් වගේ. නිර්භීත සොල්දාදුවෙක් හදන්න පුහුණුව දෙන ක්‍රමයක් තියෙනවා. හමුදා සාමාජිකයෙක් විදියට මම ඒ ගැන දන්නවා. මේ විදියට පොලිසි ගිහින් පුහුණු කරුවන් අමාරුවේ දාන්න ගියොත් හමුදාවට හොඳ සොල්දාදුවන් බිහි කරන්නෙ කොහොමද? (නදී)
බංඩාර - කුවෙට් Monday, 09 March 2015 04:19 AM
කොහොමත් බොහෝ හමුදා කඳවුරු වල නීතිය වල් වැදී ඇත්තේ අදික විනයක් ඇති බව පෙන්වමින් නිලධාරීන් රගපාමින් ඉන්න බව අපි දන්නවා. මේ නිසාම අහිංසක කොල්ලෝ පුහුණුවට පෙර හෝ පසු මෙයින් පැන යනවා. හමුදාව අපායක් නොකරන්න නිලදාරීන් වගබලා ගන්න (නදී)
රත්තරං Monday, 09 March 2015 05:27 AM
දුමින්ද හරියටම හරි (දිල්)