යාපනය පුන්කුඩුතිව් දුපතේ පානීය ජල හිඟතාවට විසඳුමක් ලෙස දුපතෙහි පිරිසිදු භූගත ජලධාරා සොයා යමින් එහි ව්‍යාප්තිය නිර්ණය කිරීමේ කාලීන පර්යේෂණයක් මේ වන විට සිදුකෙරෙමින් පවතී.
යාපනය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.ඩී. රාජසූරියර් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මහාචාර්ය එම්. සෙන්තිල්නාන්තනන්, ආචාර්ය ටී. මිකුන්තන් යන මහත්මීන් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එච්.ඒ. ධර්ම ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ.
දුපතේ බොහෝ කොටස් උග‍්‍ර පානීය ජල හිඟතාවකට මුහුණදී ඇති අතර දීර්ඝ නියං කාලවලදී ජල හිඟය වඩාත් උග‍්‍ර අතට හැරෙයි. ඒ වන විට බීමට පානීය ජලය නොමැති තත්ත්වයකට පත්වේ. මෙයට විසඳුමක් සෙවීමට ජාතික පර්යේෂණ සභාවේ මූල්‍ය දායකත්වය ඇතිව මෙම පර්යේෂණය ආරම්භ කළ බව පර්යේෂකයෝ පවසති.
දෛනික ගෘහස්ථ හා වාරි අවශ්‍යතා සඳහා භූගත ජල ප‍්‍රභව මත යැපෙන යාපන අර්ධද්වීපය හා තදාසන්න දුපත් වාසීන් වසර ගණනාවක තිස්සේ පිරිසිදු භූගත ජලය නොමැතිව විශාල ගැටළුවකට මුහුණ දී තිබේ. බොහෝ ප‍්‍රදේශවල අධික ලවණතාවයෙන් යුත් භූගත ජලය ශීඝ‍්‍රයෙන් වැඩිවන ජල ඉල්ලූමට තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව ඔවුහු පවසති.
විකල්ප විසඳුමක් ලෙස කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ ඉරණමඩු ජලාශයෙන් ජල සැපයුම ලබාගැනීමට යෝජිත වැඩසටහනක් ක‍්‍රියාත්මක වී ඇති අතර වඩදිය සමඟ එන මුහුදු ලවණ ජල ආගමනය පාලනය සඳහා පස් බැමි ඉදිකොට වෙරළබඩ ජලධර ආරක්‍ෂා කරගැනීම සඳහාද කටයුතු සිදුකෙරෙමින් පවති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන රජයේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු කල යුතුය , මේ අසරණ මිනිස්සු අවරුදු 30 යුධෙන් බැට කෑවා. (ර)
මේවට විකල්ප වශයෙන් මුහුදු ජලය පෙරා ප්‍රයෝජනයට ගැනීමක් සිදුකළොත් හොඳ නැද්ද? (නි)
පිරිසිදු චේතනා, ගෙනදෙයි වාසනා!! ඔබ සැමගේ මේ උතුම් වූ ව්‍යායාමය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. (නි)
මාලදිවයිනට පස්, කලු ගල් සහනාධාර විදිහට යවන්න පුලුවන් ඒත් අපේ රටේ දූපතට වතුර දෙන්න සල්ලි නෑ. (ර)