IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාන් පිටි ගැන මුදල් කමිටුවෙන් නියෝගයක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රධාන සමාගම් දෙකට අතිරේක ලාභයක් ලබාගත නොහැකි වන පරිදි  පාන් පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198 ක් ලෙස නිවේදනය කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අතර සිමෙන්ති කොට්ටයක ගොඩබාන මිල සහ විකුණුම් මිල අතර පරතරය රුපියල් 700කට ආසන්න බැවින් මෙම අයථා ලාභය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙසද  කමිටුව නියෝග කළේය.

රජයේ ආදායම වැඩිකරගැනීම සදහා මුදල් අමාත්‍යාංශය කරන බදු වැඩිකිරීම් ඉන් ඇතිවන  සමාජ බලපෑම පිළිබද නිසි ඇගයීමක් නොකර සිදුකිරීම  ලොකු ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය.

රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව එහි වැඩබලන සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 15 වැනිදා රැස්විය. මෙම තීරණ ගැනුණේ  එම රැස්වීමේදීය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය  ලබාගැනීමට නියමිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2023. 06.14 ප්‍රකාශයට පත්කරන ලද අංක 2336/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇති රෙගුලාසි පිළිබඳවද  මෙහිදි අවධානය යොමුවිය.



 

 



අදහස් (0)

පාන් පිටි ගැන මුදල් කමිටුවෙන් නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 375 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site