IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොදුරද මඩුලු සමුළුවට යන දූත පිරිසට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලාංකික දූත පිරිසක් සහභාගී කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව 2024 ඔක්තෝබර් මස 24 දින සිට 26 දින දක්වා සැමෝවාහි අපියාහිදී "අභියෝගයන්ට මුහුණදිය හැකි අනාගතයක්: අර්ථකාරී පොදු රාජ්‍ය මණ්ඩලයක්" යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී කරවීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබී ඇත.



අදහස් (3)

පොදුරද මඩුලු සමුළුවට යන දූත පිරිසට කැබිනට් අනුමැතිය

Siri Tuesday, 22 October 2024 02:57 PM

ඒක හොඳයි. කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න දෙයක් කියන්න පුළුවන් කණ්ඩායමක් යන එක කාටත් හොඳයි.

:       1       21

ශෙල්ටන් Wednesday, 23 October 2024 05:45 AM

පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලංකාව ඉවත් කරනවා කීවානේ ලාල් කාන්ත, දැන් නියෝජිතයෝ අරින්නේ මොකටද?

:       0       0

Suhani Wednesday, 23 October 2024 12:13 PM

ඇයි මේ සමුළුවට එංගලන්තය වගේ ඈත රටක ඉන්න අයව අරින්නේ ලඟම තියෙන ඔස්ට්‍රේලියාවේ තානාපති සහ කන්සියුලර් කාර්‍යාලවල සාමජෛකයින් අතරින් තෝරන්නේ නැතුව​. වියදම අඩු කරන්න නේද බලන්නේ. අනික මේකට නම් අපේ ජනාධිපතිතුමා කොහොම වෙතත් අගමැතිතුමියවත් යන්න තිබුණා. මෙතන රටේ නායකයන් මිසක් නියෝජිතයන් විතරක් ඇරලා හරියන තැනක් නොවෙයි. ඒ වගේම අපරාදේ වියදම කියන්න දෙයකුත් නොවෙයි. එතුමිය සමඟ විදේශ ලේකම් වැනි කෙනෙක් ගියා නම් හොඳ බව හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site