ගැබිණි මවුවරුන්ට ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා දුන් පෝෂණ මල්ලේ ඇති කවුපි සහ කඩවල ගුල්ලන් සහිතව මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පැවතීම නිසා එම ද්‍රව්‍ය ලබාගත් ගිනිගත්හේන විවිධ සේවා සමූපකාරයට ආපසු ලබා දුන් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.කේ.එල්. වසන්ත මහතා පවසයි. ගැබිණි මවුරුන්ට රුපියල් දෙදෙසහක පෝෂණ මල්ලක් ලබාදීමේ ජාතික උත්සවයට සමගාමීව නෝර්වුඩ් වතුයායේ ගැබිණි මවුවරුන් 150 දෙනකුට ද පෝෂණ මල් බෙදා දි තිබිණි. පෝෂණ මළු ලබා ගත් මවුවරුන් කළ පැමිණිල්ලක් මත ඒවා පරික්ෂා කිරීමේ දී ගුල්ලන් ඇති බව දැක ගන්නට ලැබුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන ප්‍රදේශීය ලේකම් එච්.එම්.බී. හෙරත් මහතා කියා සිටියේ අදාල සමිතියට කිසිදු ගෙවීමක් නොකරන බවයි. මින් ඉදිරියට ලබාදෙන පෝෂණ මල්ලට අවශ්‍ය ද්‍රව්‍ය පෞද්ගලික අංශයෙන් ලබා ගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද තවත් ගුල්ලෝ 10 ක් ඇමතිකම් ගන්නවා මෙහම යනකොට මුළු පාර්ලිමේන්තුවම ඇමතිලා වේවී . රතන සෝභිත චම්පික අනුර මේකටද කත් ඇද්දේ අවස්ථාවාදී උඹලට මේකටත් වාසි වෙන විදියට කියන්න දේවල් මවන්න පුළුවන්නේ. දැන් පට්ටපල් අලුත් මදක් ගහගෙන යනවා මහින්ද එක ඡන්දෙකට රු 43000 වියදන් කළාලු එතකොට 58 ලක්ෂයට රු බිලියන 250 ක් වෙන්න පුලුවන්ද ඒවත් අර පාරවල් හදනකොට සියයට 25 ක් වියදම් කරලා 75 ගසා කෑව කීව වගේ හොඳ වෙලාවට ලංකාවේ එවුන් වැඩියකට ගණන් බෑ (බ)
කොහොමත් දැන් ගුල්ලෝ නේ ආණ්ඩු කරන්නේ. විදින එක තමයි කරන්නේ. යහ පාලන නඩේ කියන්නේ ගුල්ලෝ තමයි. (නදී)
තව දේවල් ඉස්සරහට හම්බ වෙයි (නදී)
ප්‍රමිතිය රජයට සම්බන්ධ කිසිම තැනක නැහැ. (නදී)
ප්‍රනාම පොඩ්ඩක් ඉන්නකෝ ඉවසගෙන (නදී)
ලංකාව කියන්නේ ගිනිගත්හේන නොවේ. ලංකාවේ අනික් ප්‍රදේශවල මෙහෙම උනේ නෑ. (නදී)
මමත් යහ පාලනයට ඡන්දය දුන්නා. එ්ත් දැන් බලනකොට කරපු එක වැඩක්වත් සාර්ථක නෑ වගේ. (නදී)
ගුල්ලෝ ඉන්නවා කියන්නේ බෙහෙත් විස නැහැ කියන එක (නදී)
බන්ඩා තාම කොළඹ ඇවිත් නෑ වගේ. (නදී)
යහපාලනයටත් ගුල්ලෝ ගහල තියෙන එකේ ඕක මොකක්ද? (නදී)
ගුල්ලන්ගෙන් රට බේරා ගනිමු (නදී)
මදැයි කළා! යහපාලනයටත් ගුල්ලෝ ගහලා! (නි)
දැන් සමහරුන්ටත් ගුල්ලො ගහලනෙ තියෙන්නෙ. ඉතින් දුන්න මල්ලට කවර කතාද? (නි)
සමහරවිට මේක පුද්ගලික වෙළඳුන්ගෙන් ධාන්‍ය මිළදී ගැනීමට මඟ සළසාගන්න මාර්ගයක් වෙන්නත් පුළුවන්. (නි)
සනත්,ඔක්කොටම වැරැද්ද යහපාලනය නොවේ. මේවායේ වැඩකරන අයත් ටිකක් බුද්ධිය පාවිච්චි කරලා වැඩකරන්න ඕනෑ.තමන් කරන්නේ මොකක්දැයි සිතන්න ඕනෑ (නි)
මේ සිද්ධියට අදාලව ඍණ ප්‍රතිචාර දක්වන අය සමූපකාරයක භාණ්ඩ වල ප්‍රමිතිය ගැන නොදන්නා අය විය හැකියි.(නදී)
මෙය පුද්ගලික අංශයෙන් සිදුවුණා නම් පාරිභෝජනයට නුසුදුසු ආහාර යටතේ නඩු දමනවා. නමුත් සමුපකාරයට එහෙම දෙයක් නැහැ. නායකයා පමණක් රටක වෙනස් වී යහපාලනය ඇතිකරන්න බැහැ.නායකයා විසින් වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි. (නි)
රජයෙන් දුන්නහම ගුල්ලෝ. පුද්ගලික අංශයෙන් දුන්නහම එහෙම නැහැ (නි)
මේවා හිතා මතා කරන වැඩ කියලයි මට නම් හැගෙන්නේ.(දිල්)
අපේ අය කෙන්ද කන්ද කරන්න හරි දක්ෂයි. මාධ්‍යත් එච්චර තමයි. කිසිම දේක හොඳ පේන්නේ නැත. (බ)