( නිමන්ති රණසිංහ )
කොටහේන ප්රදේශයේ පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධ සිද්ධියට අදාල නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් 6 දෙනා තව දුරටත් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
සිද්ධියට අදාල නඩුව අද යළි කැඳවු අවස්ථාවේදී මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන් වී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්රාත් මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද දන්නේ මේ අය අතුරුදහන් කලේ සහරාන් වගේ අයද කියල?
ලංකාවේ බුද්ධි අංශ වල දහස් ගණනක් ඉතා වැදගත් ප්රශංසනීය සේවයක යෙදී ඉන්නවා. ඒ ගැන කවුරුවත් සැලකීමක් දක්වන්නේ නැතුව දේශපාලන අතකොලු බවට පත්වෙලා අපරාධ වලට සම්බන්ධ වුන දෙතුන් දෙනෙක් අල්ලාගෙන " බුද්ධි අංශ විනාශ කිරීම නිසා තමයි මේ බෝම්බ ගහන්නේ" කියන බොරුව සමහර දේශපාලඥයින් විසින් දැන් ඉතා සාර්ථකව සමාජ ගත කර තිබෙනවා. වැදගත් යැයි පිළිගත් ආගමික නායකයින්, භික්ෂුන් වහන්සේලා සහ උගතුන් පවා මේ මුසාවට රැවටී යම් යම් ආවේගකාරී ප්රකාශ කරන බව පෙනෙන්නට තියෙනවා.
බුද්ධි අංශෙ ඇතුලේ, ත්රස්තවාදීන්ට ඇප !!!
ගෝඨා ජනපති වුනොත් නෛතික ආවරණ දෙනවා කියන්නේ මේවගේ නිලධාරීන්ටද?
මේ අතුරැදහන් වූ දරුවෙකුගේ මව හෝ පියා ඔබ නොවන තුරු මෙම බුද්ධි නිලධාරීන්ට එරෙහි නොවනුු ඇත.....
ලංකාවේ බුද්ධි අංශ 7 ක නිලධාරීන් සැහෙන ප්රමාණයක් සිටිනවා. අපි අහනවා බුද්ධි නිලධාරීන් හිරේ දාලා කියා කියන අයගේන් එම අංශ හතේ අනෙකුත් නිලධාරීන්වත් හිරේ දාලද කියා ?