මගී ජනතාවට විධිමත් ප්‍රවාහන සේවයක් සපයන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අහෝසි කරන ලෙස පෞද්ගලික බස් සංගම් මාෆියාව විද්‍යුත් මාධ්‍ය හරහා ඉල්ලා සිටීම දැඩි පිළිකුළෙන් හෙළා දකින බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි.
මුදල් උපයාගැනීම එකම අරමුණ කරගෙන සිටින පෞද්ගලික බස්රථ සංගම් මාෆියාව ශ්‍රී ලංගමය අහෝසි කරන ලෙසත් එයට අලුතින් බස් රථ ආනනයන නොකරන ලෙසත් ඉල්ලා සිටීම පිළිබඳ තමන් ඔවුන්ට අනුකම්පා කරන බවද කී එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සමස්ත පෞද්ගලික බස්රථ ව්‍යාපාරයම රජයට පවරාගෙන විධිමත් ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීම මැදිහත්වන ලෙස ජනපති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනයගරුක මහජනහිතවාදී ලංගමය දිනේවා! වැඩිපුර බස් ගෙනවිත් මහජන සේවය වැඩි කරත්වා! පාසල් දරුවන්ට ලබාදෙන සේවය ඉතාමත් අගෙයි. මහජනතාවගේ වටිනා කාලය නාස්ති නොකරන ලංගමය දිගුකල් දිනේවා! (නි)
නියමිත කාලසටහනකට පාන්දර හතරේ සිට රාත්‍රී දොළහ වනතෙක්, විනයගරුක ශ්‍රී ලංගමයක් නැවත ගොඩනගන්න (නි)
සියලුම පුද්ගලික බස් ජනසතු කළා නම් වැඩිය හොඳයි, නරියට කුකුල් කොටුව දෙනවට වඩා (නි)
නියම කතාව... මේ අය කියන්නේ (හේ)
සමහරක් ලංගම ඩ්‍රයිවර්ලා සත්තු වගේ එළවන්නේ (බ)
සේපාල මහත්තයෝ, "ඉබ්බාගෙන් පිහාටු ලැබුනත්" ඔයාගේ ඉල්ලීම ඉටුවෙන්නේ නැහැ. මමත් ලංගම හිටපු සේවකයෙක්. ඕකේ විනාශය මුල ඉඳලම මම දැක්කා (නි)
මේකනම් අදම කෙරියයුතු වැඩක්. නියමිත කාලසටහනකට පාන්දර හතරේ සිට රාත්‍රී දොළහ වනතෙක්. විනයගරුක ශ්‍රී ලංගමයක් නැවත ගොඩනගන්න වෙනවා. (නි)
ලංගමයට අත නොතබනු! පුද්ගලික බස් මාෆියාව වහා අහෝසි කරනු! ජනතා සේවයට දිවා රෑ නොබලා වෙහෙසෙන ලංගමයට අපේ ප්‍රණාමය වගේම ඔබට යම් හිරිහැරයක් වේ නම් අපි ඔබ සදාකාලිකවම අත් නොහරින්නෙමු (නි)
සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතාගේ කියමන ඉතාමත්ම ඉහළින් අගය කරමු. අද මගී ජනතාව තරමක් හෝ තම අයිතීන් භුක්ති විඳින්නේ ලංගමය නිසයි. වහාම ලංගමයට තව තවත් බස් ගෙන්වා එය කාර්යක්ෂම සේවාවක් සැපයීමට පහසු වන සේ කටයුතු කරන ලෙස ජනාධිපති හා ඇමතිතුමන්ලාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. එසේම ලංගම සුඛෝපභෝගී බස් රථ සේවා වැඩි වැඩියෙන් සේවයට යෙදවීම ඉතාමත්ම වැදගත් වේ. (නි)
නියෙමට තියෙයි පුද්ගලික බස් එක්ක ඒකාබද්ධ කළොත්. (නි)
සියලුම පුද්ගලික බස් ජනසතු කිරීමට කාලය එළඹ ඇත (බ)
ලංගමය තව තවත් දීයුණු කළා නම් හරි.(හේ)
මහජන සේවක අපේ ලංගම සුරකිමු , (ම)