IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පෞද්ගලික රෝහල්වලට නව නීති

පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට ඖෂධ සහ වෛද්‍ය උපාංගවල මිල ගණන් සඳහන් කළ බිල්පත් නිකුත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය එම පෞද්ගලික රෝහල් කලමනාකාරිත්වයට දැනුම් දී තිබේ.

ඇතැම් පෞද්ගලික රොහ්ල්වලින් රෝගීන්ට ලබා දෙන බිල්පත්වල ඖෂධ හා වෛද්‍ය උපාංග වලට අධික මිලගණන් සඳහන් කර ඇති බවට ලැබුණු පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් මෙම නව පියවර ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ ඒ එම් ඩග්ලස් මහතා කියයි.

ඒ අනුව රෝගියා භාවිත කළ සියලු පහසුකම් සඳහා අය කෙරෙන ගාස්තුව වෙන වෙනම බිල්පත්වල සඳහන් කළ යුතු වේ.

ඊට අදාල ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කරන බව එම අධිකරිය සඳහන් කරයි.



අදහස් (0)

පෞද්ගලික රෝහල්වලට නව නීති

ධම්ම Tuesday, 05 May 2015 07:03 AM

ලෙඩාගේ කාමරේට එබී බලා යන දොස්තරලාටත් බිල දැම්මහම, ලෙඩාට ඒ ගැන ප්‍රශ්න කරන්න ඉඩ නැහැ. (නි)

:       0       0

වින්සන්ට් Monday, 04 May 2015 11:51 AM

අයකෙරෙන ගාස්තුව වෙන වෙනම සඳහන් කිරීමෙන් පමණක් රෝගීන්ට සාධාරණයක් ඉටුවේවිද? ලබන පහසුකමට අදාළ නියමිත මිලක් දැනට භාවිතයේ පවතීද නොදනිමි. සාමාන්‍ය කෙනෙක් පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා බිල් ගෙවීමෙන් පසු නැවත රෝගී නොවන්නේ නම් එය පුදුමයකි. සාධාරණ මිලක් සඳහා රජයේ මැදිහත්වීම ඉතා අවශ්‍ය වෙනවා ඇත. (නි)

:       0       0

තිලක් Monday, 04 May 2015 03:54 PM

හොඳ වැඩක්. සෑම පෞද්ගලික රොහලකින්ම දෙන්නේ මුළු එකතුවේ ගණන විතරයි. හුඟක් මිනිස්සු අසරණ වෙනවා කැසියර් එක ළඟ. මොකද බිල ඒ තරමට වැඩියි. අසාධාරන විදියට මුදල් ගසාකනවා (නි)

:       0       0

තුසිත Monday, 04 May 2015 06:03 PM

ඉතාමත්ම හොඳ නීතියක්. දැන් ඉතින් අසරණ රෝගීන්ගෙන් අසාධාරන ලෙස මුදල් ගන්න බැහැ (නි)

:       0       0

අරුණ Monday, 04 May 2015 06:12 PM

මේ කළ වැඩේට බුදුබව අත්වේවා! (නි)

:       0       0

ඇසළ Tuesday, 05 May 2015 02:37 AM

බෙහෙත් වලට වැඩියෙන් ගාන දැම්මොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රෝහලට විරුද්ධව නඩු දානවද? නැත්නම් වැඩියෙන් ගත් මුදල් ආපසු ගෙන දෙන්නද? දැන් අයකරන ගානටත් වැඩිය අයකළත් රෝහල් ඒවා කරයි නියම ක්‍රම සහ විධි යොදලා. අපේ පුද්ගලික රෝහල් බොහොමයක් අයිති විශේෂඥ දොස්තරවරුන්ට සහ කෝටිපතියන්ට. ඒ අය මේවා ගාණට කරයි කිසි කරදරයක් නැතුව. අන්තිමට තැලෙන්නේ පොඩි මිනිහා විතරයි (නි)

:       0       0

කමල් Tuesday, 05 May 2015 03:23 AM

ටික කාලයක් දෙයි. නැවතත් පරණ විදිහටම යාවි. විමසිල්ලෙන් ඉන්න (නි)

:       0       0

ඉඳුනිල් Tuesday, 05 May 2015 04:47 AM

පය බරවායට පිටි කර බෙහෙත් බඳිනවා වගේ වැඩක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 759 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site