පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට ඖෂධ සහ වෛද්‍ය උපාංගවල මිල ගණන් සඳහන් කළ බිල්පත් නිකුත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය එම පෞද්ගලික රෝහල් කලමනාකාරිත්වයට දැනුම් දී තිබේ.
ඇතැම් පෞද්ගලික රොහ්ල්වලින් රෝගීන්ට ලබා දෙන බිල්පත්වල ඖෂධ හා වෛද්‍ය උපාංග වලට අධික මිලගණන් සඳහන් කර ඇති බවට ලැබුණු පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් මෙම නව පියවර ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ ඒ එම් ඩග්ලස් මහතා කියයි.
ඒ අනුව රෝගියා භාවිත කළ සියලු පහසුකම් සඳහා අය කෙරෙන ගාස්තුව වෙන වෙනම බිල්පත්වල සඳහන් කළ යුතු වේ.
ඊට අදාල ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කරන බව එම අධිකරිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩාගේ කාමරේට එබී බලා යන දොස්තරලාටත් බිල දැම්මහම, ලෙඩාට ඒ ගැන ප්‍රශ්න කරන්න ඉඩ නැහැ. (නි)
අයකෙරෙන ගාස්තුව වෙන වෙනම සඳහන් කිරීමෙන් පමණක් රෝගීන්ට සාධාරණයක් ඉටුවේවිද? ලබන පහසුකමට අදාළ නියමිත මිලක් දැනට භාවිතයේ පවතීද නොදනිමි. සාමාන්‍ය කෙනෙක් පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා බිල් ගෙවීමෙන් පසු නැවත රෝගී නොවන්නේ නම් එය පුදුමයකි. සාධාරණ මිලක් සඳහා රජයේ මැදිහත්වීම ඉතා අවශ්‍ය වෙනවා ඇත. (නි)
හොඳ වැඩක්. සෑම පෞද්ගලික රොහලකින්ම දෙන්නේ මුළු එකතුවේ ගණන විතරයි. හුඟක් මිනිස්සු අසරණ වෙනවා කැසියර් එක ළඟ. මොකද බිල ඒ තරමට වැඩියි. අසාධාරන විදියට මුදල් ගසාකනවා (නි)
ඉතාමත්ම හොඳ නීතියක්. දැන් ඉතින් අසරණ රෝගීන්ගෙන් අසාධාරන ලෙස මුදල් ගන්න බැහැ (නි)
මේ කළ වැඩේට බුදුබව අත්වේවා! (නි)
බෙහෙත් වලට වැඩියෙන් ගාන දැම්මොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රෝහලට විරුද්ධව නඩු දානවද? නැත්නම් වැඩියෙන් ගත් මුදල් ආපසු ගෙන දෙන්නද? දැන් අයකරන ගානටත් වැඩිය අයකළත් රෝහල් ඒවා කරයි නියම ක්‍රම සහ විධි යොදලා. අපේ පුද්ගලික රෝහල් බොහොමයක් අයිති විශේෂඥ දොස්තරවරුන්ට සහ කෝටිපතියන්ට. ඒ අය මේවා ගාණට කරයි කිසි කරදරයක් නැතුව. අන්තිමට තැලෙන්නේ පොඩි මිනිහා විතරයි (නි)
ටික කාලයක් දෙයි. නැවතත් පරණ විදිහටම යාවි. විමසිල්ලෙන් ඉන්න (නි)
පය බරවායට පිටි කර බෙහෙත් බඳිනවා වගේ වැඩක් (බ)