පෞද්ගලික ප්‍රවාහනයේ ජාතික ගමනාගමන කොමිසමට ලංගම හා පළාත් නියාමන ආයතනය විනාශ කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් පුද්ගලික බස් සංගමය හා සමස්ථ ලංකා පුද්ගලික බස් සංගමය අද (25) ප්‍රවාහන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
පෞද්ගලික ප්‍රවාහනයේ ජාතික ගමනාගමන කොමිසමට ලංගම හා පළාත් නියාමන ආයතනය විනාශ කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් පුද්ගලික බස් සංගමය හා සමස්ථ ලංකා පුද්ගලික බස් සංගමය අද (25) ප්‍රවාහන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගෙන් මගීන්ට වෙන අරියාදු ගැන කවුද කතා කරන්නේ? මේ ටිකට දරුවො කී දෙනෙක් යට කරලා මැරුවද? මේ අය අතු ගෑවිලා යන්න ලංගම බස් ටිකක් දාන්න කෙනෙක් මේ රටට පහල නොවෙන එක අපේ කරුමෙ.(ත)
ලංගම නැතිනම් අපි දවසම පාරේ . කොට්ටාව පිටකොටුව ඉතිරිවී තිබු බසයටද ලෙඩ දමා දැන් උදේට කොළඹට බස් නැතිව ඉන්නවෙලා .මහරගම සිට යන දුර ගමන් ලංගම බස් නැත්නම් මොකද වෙන්නේ . මේ ගොල්ලෝ උදේට බස් දමා හවස් වෙනකොට බස් ගෙවල්වල. (ත)
අනේ බබාලා ටික, විනයක් නැද්දත් අහනවා ලංගමෙන් ගහල පන්නන්න තියෙන්නේ (නදී)
මෙයාලා කැමති වුණත් නැතත් අධික වේගයෙන් ධාවනය, පාරේ වැරදි පැත්තෙන් ධාවනය, මාර්ග සංඥා වලදී නීති විරෝධීව ධාවනය, කුඩා වාහන නොසළකමින් ධාවනය, පාර මැද අනික් වාහන වලට යාමට නොහැකි ලෙස නැවැත්වීම, පාරේ කොටකොටා යාම, නැවතුමක අනවශ්‍ය වේලාවක් නවතා තැබීම තහනම් කළයුතුයි. නිස්කාරනේ බසය තුළ සිටින අයගේ වටිනා කාලය විනාශවීමට දියනොහැක. නිවැරදි ලෙස ගෙවීම් කළහැකි විදිහක් ක්‍රියාත්මක කළයුතුය. එවිට ඉතිරි මුදල් හොරකම් කළ නොහැක. (නි)
මෙහෙම වෙන්න ඕනේ. තව තවත් ලංගම බස් වැඩි කරන ඕනේ. ලංගමට ජයවේවා.! (ර)
මගියා බේරගන්නේ කවුද? අපිට ඔනේ ගුනාත්මක සේවයක්. (ර)
දැන් මේ පුද්ගලික බස් කර්මාන්තය රැකගන්නේ මොකටද? මුලින්ම මඟීන් ගැන බලන්න ඕනෑ. ඊටපස්සේ තමා අනිත් ඒවා. අනිත් එක මේක සේවාවක්නේ. ඒක හරියට කරනවානම් අලුතෙන් රකින්න දෙයක් නැහැ. මෙයාලා හිතන්නේ මෙයාලගේ වැඩේ වුණාම හරි, බහුතර මඟී ජනතාවට මොනවා වුණත් කමක් නැහැ කියලා. (නි)