වව්නියාවේ පැරණි බස් නැවතුම්පොළින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ඉවත් කරගෙන නව බස් නැවතුම්පොළට නොගියැයි ඒ නවය මාර්ගය වව්නියාව නගරයෙන් හරස් කරගෙන් පෞද්ගලික බස් රථ සේවකයෝ විරෝධතාවක් ඇරැඹූහ.
මේ නිසා ඒ නවය මාර්ගයේ ගමනාගමනය අවහිර වී තිබේ.
විරෝධතා පවත්වන පෞද්ගලික බස් සේවකයෝ පිරිසක් ශ්‍රීලංගම බස් රථ කිහිපයකට පහර දුන්හ. මේ නිසා අක්කරේපත්තුව- යාපනය බස් රථයට හා වව්නියාව යාපනය බස් රථයට අලාභ හානි සිදු විය.
අද දහවල් 11.15 වන විටත් විරෝධතාවය අවසන් වී නොතිබිණි. බස් නැවතුම්පොළ අසල කඩ සාප්පු වසා දමා තිබේ. ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ පාරේ මං තීරු දෙක හරස් කර ගසා තිබේ.
වව්නියාව නව බස්නැවතුම්පොළ ඊයේ විවෘත කරනු ලැබුවේ ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

![(6)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/61.png)

![(14)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/141.png)
![(25)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/251.png)
![(30)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/301.png)
![(32)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2017/01/321.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජරා ප්‍රයිවට් බස් ලංකාවෙන් අයින් ම කරලා දාන්න ඕන මුන් හැසිරෙන්නේ ජරා සත්තු වගේ.. මිනිස්සුන්ට කතා කරන්න දන්නැති අය (බ)
උතුරේ උද්ගෝෂණ වලට අත දාන්න දකුණේ ලොක්කෝ බයයි ..(බ)
සිද්ධිය නොදැන මෝඩ අදහස් දන්න එපා අලුත් බස් නැවතුම්පොළක් ඇරලා තියෙන්නේ ඔක්කෝම බස් එකෙන් යන්න ලංගම බස් වලට එතෙන්ට යන්න බැරි මොකද අන්ත එක ප්‍රයිවට් බස් රජයට ගන්න කියලා කටිටිය කියනවා එහෙම නම් රජයට ගන්න කොයි තරම් දේවල් තියෙනවද (බ)
එයාලට විරුද්ධව පියවර ගන්නේ කොහොමද එයාලගේ ඡන්දෙන්නේ මෙයාල රජ වුනේ කෑල්ල ගලවල දීල එයාලව සනසන්න අත්අඩංගුවට ගන්න නම් එයාල විරුද්ධ පක්සේ වෙන්න ඕන (බ)
රජයේ ඇමතිවරු බස් නැවතුම්පොළ විවෘත කළ වේලාවේ ටීඑන්ඒ සමහරු එ්ක වර්ජනය කළා එතකොට ලංගම බස් අලුත් බස් නැවතුම් පොළට නොයන්නේ කාගේ වුවමනාවටද රජය කියන දේ දැන් ලංගමය පිළිගන්නේ නැත්තේ ඇයි (බ)
යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා. මේක ලංගමයේ බස් මදි කතාවක් නොවෙයි. ලංගම අය නීතියට පයින් ගහපු එකක්. මේකට ලංගමයේ නිලධාරින් වගකිව යුතුයි (නි)
පෞද්ගලික බස් රථ කාරයෝ, ලොතරැයි ටිකට් විකුණන අය අද නීතියට ගරු නොකරන පිරිසක් වෙලා. පුදුම වෙන්න දෙයක් නැහැ . දොස්තරලා හැසිරෙන්නෙත් මේ වගේ නේ. (බ)
මෙි ප්රශ්නය ලංගමය මගින් ඇති කරපු එකක් බව පේනවා මේ වැරදි වැඩ කරන ලංගම රියදුරන් වහාම නිතිය හමුවට පැමිණවිය යුතුයි (බ)
මේවට ලංගමට හෝ පුද්ගලික කාටවත් බැනලා වැඩක් නැහැ. පාලකයෝ දැනගන්න ඕන ප්‍රවාහනය ක්‍රමවත් කරන්න. (බ)
කදුළු ගෑස්,ජල ප්‍රහාර නැතිද මෙයාලට? ඒවා දකුණට පමණද??? (බ)
හැමදේම ජාතිවාදි ඇසින් බලන්න එපා (නි)
සියලුම වැරැද්ද මෙතකන් බලයේ හිටපු සහ බලයේ ඉන්න ප්‍රවාහන ඇමතිවරුන්ගේ. ලංගමට අමතර බස් රථ සේවයට යොදවමින් ලංගම ශක්තිමත් කලයුතුයි. මෙතකන් මේවා කලේ නැහැනේ. (ර)
ජනතාවට අවශ්‍යයි හොඳ ප්‍රවාහන සේවයක්. ලංගම සතු ප්‍රමාණවත් බස් රථ තිබුණා නම් පුද්ගලික බස් ප්‍රවාහන අංශයට වැඩ වර්ජනවලට යන්න බැහැ. ඔවුන්ගේ වර්ජන පුස් වෙනවා. ඔවුන් සුළු සුළු සිද්ධීන් වලටත් අහිංසක දුප්පත් මගීන් ඇපයට තියමින් වර්ජන වලට යන එක අද සිරිතක් වෙලා. (නි)
ඔය ලෙඩ දාන ලංගම කට්ටිය ගෙදර ඇරියා නම් හරි...(අ)
දැන් මේ රට පාලනය කරන්නේ යහපාලන ආණ්ඩුව ද, නැත්නම් උගත් බුද්ධිමත් බස් රථ හා ත්‍රීරෝද කරුවන් ද. මේ වෙලාවට තමා පරණ ආණ්ඩුව තිබ්බ නම් හොඳයි කියලා හිතෙන්නේ (බ)
ප්‍රයිවට් බස් එළවන අයට සැළකිය යුතු විදිය මේ යහපාලනය දන්නේ නැත. (නි)
මේකත් උතුරේ නිසා සද්ද නැතුව ඉන්නවද? ආණ්ඩුව කරන මොනදේත් වැරදියට දකින අය පාලනය නොකර කොහොමද රටක අනාගතයක් හැදෙන්නේ? මේ හැමදෙයකින්ම දුක් විදින්නේ අහිංසක මිනිසුන්. පුද්ගලික බස් නටනවා වැඩි නම් රජයට පවරා ගත්තා නම් මේ නැටුම් සේරම ඉවර වේවි. (නි)
ශිෂ්‍ය විරෝධතා වලදී සිංහ වෙස් ගන්නා පොලීසිය බස් මුදලාලිලා ඉදිරියේදී එසේ නොවන්නේ මොකද? (නි)
රජයේ දේපල වලට හානිකිරීම බරපතල වරදක්. කාට වුණත් නිසි දඬුවම් දෙන්න. වැරදි කරන්න ඕනෑ කියලා වර්ජනය කරන්නේ කිසි චර්යාවක් නැති අය. (නි)
කෝ මේ පොලිසියේ වගකිවයුත්තෝ දකුණේ සාධාරණ උද්ඝෝෂණ වලදි නම් රඟපානවා හොඳම නළුවෝ වගේ. එ්ත් මේ වගේ අසාධාරණ අවස්ථාවලදී නිහඬයි. (නි)