අපරික්ෂාකාරී ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කැර ලංගම බසයක මගීන් 18 දෙනකුට තුවාල සිදු වීම පිළිබඳ වරඳ පිළිගත් රියදුරු ජේ එම් ඩී අතුල ජයවීරගේ රියදුරු බලපත්‍රය වසරකට අත් හිටැවු රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා වන්දි ඉල්ලු තුවාලකරුවන් 11 දෙනකුට රුපියල් දෙලක්ෂ තිස්දහසක් ගෙවන ලෙසද පොදු දේපළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවන ලෙසද නියම කළේය.
බරපතල වැඩ සහිතව වසරක සිර දඩුවමක් පනවා එය පස් වසරකට අත්හිටැවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතල නෙවෙයිනෙ හැප්පුවේ ලංකාවේ අනතුරු වෙන්නේ බස් වලින් විතරද? ලංකාවේ පුද්ගලික ප්‍රවාහන සේවය කඩා වැටිලා තියන්නේ ආර්ථික තරගය නිසා අවිදිමත් බලපත්‍ර දෙන නිසා ඔය බනින අය බලන්නකෝ පිනෑන්ස් ආයතන කොච්චර බස් සිස් කරලා තියනවද කියලා. (නදී)
මට නම් ගහපු දඩ මුදල ප්‍රමාණවත් මදි වගෙයි. කළ හානි වලට , රියදුරු බලපත්‍රය අවුරුදු 3ක්වත් නැවතිය යුතුය (නි)
අලුතින් නීතියක් දාන්න තියෙන්නේ,(මේ දුන් දඩුවම් වලට අමතරව ) රියදුරු මහතාගේ නොසැලකිල්ල නිසා සිදු වන අනතුරු වලට, ඔහුගෙනුත් වන්දියක් ගන්න ලෙසට. ( දැන් තියෙන නීති නම් හොඳටම ප්‍රමාණවත් මදි තමයි .) (නදී)
ඔව් කිසි කෙනෙක් හිතල හප්පන්නේ නැහැ. ඕනෑම වාහනයක් රජයේ හෝ පුද්ගලික වේවා රියදුරන්ට දෙන දඩුවම් දැනට වඩා වැඩි කරන්න ඕනේ. තම මුදල් පසුම්බියට රිදෙන ලෙසට (නදී)
යුරෝපා රටවල නීතිය අවුරුදු පහක් හිර ගෙදර සහ නැවත රියදුරු බලපත්‍රයය ලබා ගැනීමේදී මුලසිටම රියදුරු පාසලට ගොස් සියලුම මාර්ග නීති හැදෑරිය යුතු වන්නේය (අ)
මෙයාගේ රියදුරු බලපත්‍රය අවුරු 5 කට වත් තහනම් කරන්නයි තිබුනේ. (නදී)
අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන්ට නම් ඉහලම දඩුවම් දියයුතුමයි. ලංකාවේ මාර්ග අනතුරු ඉහල යාමට බලපාල තියෙන ප්‍රධාන හේතුව තමයි රියදුරන්ගේ නොසැලකිල්ල හා අදික වේගය (නදී)
පෞද්ගලික බස් රථ හිමියාටත් වගකීමක් දෙන්නයි තිබුනේ. (නි)
සිමාව ඉක්මවා මාර්ග බලපත් දුන්නු අයටත් මේ ගමන්ම මොනවා හරි දුන්නා නම් හොඳයි නේද (නධී)
ලුම්බිණි, ඔයා හරි අනෙක් අයටත් දැනෙන්නත් එක්ක (නදී)
අද වැඩිපුරම අනතුරු කරන්නේ පුද්ගලික බස් සහ ටිපර් රියදුරෝය. වැඩි මුදල් තණ්හාවට දවසකින් වැඩිපුර ට්‍රිප් ගානක් සම්පුර්ණ කරගන්න පාරවල්වල ඉගිලෙනවා. අනතුරුව පාරේ ගමන් කරන අහිංසක මිනිසුන්ව බිල්ලට ගන්නවා. ඒ නිසා මේ තත්වය පාලනය කරගන්න නම් උපරිම දඩුවම් මෙවැනි රියදුරන්ට දිය යුතුයි (නි)
මිනිස්සු දැන් යන්ත්‍ර සුත්‍ර වගේ. මුදල් පසුපස ඉගිලෙනවා අනෙකාට දෙවෙනි නොවෙන්න. එයින් අත්වෙන ප්‍රතිලාභ සේම විනාසයත් බොහෝ දුරට එක හා සමානයි.(නදී)
ජගත් කියන දේ හරි. මම කලින් ලිපිවල මේගන සදහන් කලා .මේ දෙගොල්ල සහ ත්‍රීවීල් ගැන පොලිසිය වඩා විමසිලිමත්වීම අනතුරු අවම කරගත හැකිවෙනවා. (නදී)
මේ වගේ වැරදි කරන රියදුරන්ට දැඩි දඬුවම් පමුණුවන්න ඕනෑ.වාහනයක් පදවන්න බලපත්‍රයක් ලබාගන්න විට නීතිරීති වලට අවනත වෙනවා වාගේ එය පදවනවිටත් ඒවා අනුගමනය කරන්න ඕනෑ. (නි)
මෙයා ඔය ගාන නොගෙවුවොත් ඇතුළේ වැඩි කාලයක් ඉන්න පුලුවන් (නි)