IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෞද්ගලික බස් රියැදුරාට බර දඩුවම් :තුවාලකරුවන්ටත් වන්දි

අපරික්ෂාකාරී ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කැර ලංගම බසයක මගීන් 18 දෙනකුට තුවාල  සිදු  වීම පිළිබඳ වරඳ පිළිගත් රියදුරු ජේ එම් ඩී අතුල ජයවීරගේ රියදුරු බලපත්‍රය වසරකට අත් හිටැවු රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා වන්දි ඉල්ලු තුවාලකරුවන් 11 දෙනකුට රුපියල් දෙලක්ෂ තිස්දහසක් ගෙවන ලෙසද පොදු දේපළ හානිය වෙනුවෙන් රුපියල්  ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවන ලෙසද නියම කළේය.

බරපතල වැඩ සහිතව වසරක සිර දඩුවමක් පනවා එය පස් වසරකට අත්හිටැවීය.  



අදහස් (0)

පෞද්ගලික බස් රියැදුරාට බර දඩුවම් :තුවාලකරුවන්ටත් වන්දි

බුද්දිෂ Wednesday, 20 August 2014 02:02 AM

හිතල නෙවෙයිනෙ හැප්පුවේ ලංකාවේ අනතුරු වෙන්නේ බස් වලින් විතරද? ලංකාවේ පුද්ගලික ප්‍රවාහන සේවය කඩා වැටිලා තියන්නේ ආර්ථික තරගය නිසා අවිදිමත් බලපත්‍ර දෙන නිසා ඔය බනින අය බලන්නකෝ පිනෑන්ස් ආයතන කොච්චර බස් සිස් කරලා තියනවද කියලා. (නදී)

:       0       0

නලින් යහම්පත් Tuesday, 19 August 2014 11:48 AM

මට නම් ගහපු දඩ මුදල ප්‍රමාණවත් මදි වගෙයි. කළ හානි වලට , රියදුරු බලපත්‍රය අවුරුදු 3ක්වත් නැවතිය යුතුය (නි)

:       0       0

හේස Wednesday, 20 August 2014 07:11 AM

අලුතින් නීතියක් දාන්න තියෙන්නේ,(මේ දුන් දඩුවම් වලට අමතරව ) රියදුරු මහතාගේ නොසැලකිල්ල නිසා සිදු වන අනතුරු වලට, ඔහුගෙනුත් වන්දියක් ගන්න ලෙසට. ( දැන් තියෙන නීති නම් හොඳටම ප්‍රමාණවත් මදි තමයි .) (නදී)

:       0       0

හේස Wednesday, 20 August 2014 07:23 AM

ඔව් කිසි කෙනෙක් හිතල හප්පන්නේ නැහැ. ඕනෑම වාහනයක් රජයේ හෝ පුද්ගලික වේවා රියදුරන්ට දෙන දඩුවම් දැනට වඩා වැඩි කරන්න ඕනේ. තම මුදල් පසුම්බියට රිදෙන ලෙසට (නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 19 August 2014 02:37 PM

යුරෝපා රටවල නීතිය අවුරුදු පහක් හිර ගෙදර සහ නැවත රියදුරු බලපත්‍රයය ලබා ගැනීමේදී මුලසිටම රියදුරු පාසලට ගොස් සියලුම මාර්ග නීති හැදෑරිය යුතු වන්නේය (අ)

:       0       0

ලුම්බිණි Tuesday, 19 August 2014 05:44 AM

මෙයාගේ රියදුරු බලපත්‍රය අවුරු 5 කට වත් තහනම් කරන්නයි තිබුනේ. (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 19 August 2014 06:17 AM

අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන්ට නම් ඉහලම දඩුවම් දියයුතුමයි. ලංකාවේ මාර්ග අනතුරු ඉහල යාමට බලපාල තියෙන ප්‍රධාන හේතුව තමයි රියදුරන්ගේ නොසැලකිල්ල හා අදික වේගය (නදී)

:       0       0

නිහාල් Tuesday, 19 August 2014 06:18 AM

පෞද්ගලික බස් රථ හිමියාටත් වගකීමක් දෙන්නයි තිබුනේ. (නි)

:       0       0

සිසිර Tuesday, 19 August 2014 06:20 AM

සිමාව ඉක්මවා මාර්ග බලපත් දුන්නු අයටත් මේ ගමන්ම මොනවා හරි දුන්නා නම් හොඳයි නේද (නධී)

:       0       0

කොස්වත්ත Tuesday, 19 August 2014 06:26 AM

ලුම්බිණි, ඔයා හරි අනෙක් අයටත් දැනෙන්නත් එක්ක (නදී)

:       0       0

ජගත් Tuesday, 19 August 2014 06:41 AM

අද වැඩිපුරම අනතුරු කරන්නේ පුද්ගලික බස් සහ ටිපර් රියදුරෝය. වැඩි මුදල් තණ්හාවට දවසකින් වැඩිපුර ට්‍රිප් ගානක් සම්පුර්ණ කරගන්න පාරවල්වල ඉගිලෙනවා. අනතුරුව පාරේ ගමන් කරන අහිංසක මිනිසුන්ව බිල්ලට ගන්නවා. ඒ නිසා මේ තත්වය පාලනය කරගන්න නම් උපරිම දඩුවම් මෙවැනි රියදුරන්ට දිය යුතුයි (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 August 2014 07:17 AM

මිනිස්සු දැන් යන්ත්‍ර සුත්‍ර වගේ. මුදල් පසුපස ඉගිලෙනවා අනෙකාට දෙවෙනි නොවෙන්න. එයින් අත්වෙන ප්‍රතිලාභ සේම විනාසයත් බොහෝ දුරට එක හා සමානයි.(නදී)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 19 August 2014 07:18 AM

ජගත් කියන දේ හරි. මම කලින් ලිපිවල මේගන සදහන් කලා .මේ දෙගොල්ල සහ ත්‍රීවීල් ගැන පොලිසිය වඩා විමසිලිමත්වීම අනතුරු අවම කරගත හැකිවෙනවා. (නදී)

:       0       0

රෙජි -සිඩ්නි Tuesday, 19 August 2014 11:47 PM

මේ වගේ වැරදි කරන රියදුරන්ට දැඩි දඬුවම් පමුණුවන්න ඕනෑ.වාහනයක් පදවන්න බලපත්‍රයක් ලබාගන්න විට නීතිරීති වලට අවනත වෙනවා වාගේ එය පදවනවිටත් ඒවා අනුගමනය කරන්න ඕනෑ. (නි)

:       0       0

චමින්ද Tuesday, 19 August 2014 08:26 AM

මෙයා ඔය ගාන නොගෙවුවොත් ඇතුළේ වැඩි කාලයක් ඉන්න පුලුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site