තරිඳු ජයවර්ධන
පෞද්ගලික පාසල් සිසුන්ට උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයන් ලෙස අයදුම්කරන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් කර ඇති දැනුම්දීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරුණු විමසීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීපයේ පළ වූ ප්‍රවෘත්තියක් පාදක කරගෙන පැමිණිල්ලක් නොමැතිවම විමර්ශනයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ අයදුම්පත් පාසල් මට්ටමින් යොමු කිරීම මීට පෙර සිදුවූ අතර මෙවර ප්‍රථම වරට එය වෙනස්කරමින් සිසුන්ට පෞද්ගලික අපේක්ෂකයන් සේ අයදුම්කර කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත.
ඉදිරියේ දී සියලුම පාර්ශ්ව කැඳවා විමර්ශනය සිදු කරන බව ද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසු දරුවන්ගේ හිමිකම් වෙනුවෙන් ඉදිරිපත්වූ මානව හිමිකම් අංශ වලට ස්තුති වේවා.
දැන් සතුටුද?
අමාත්‍යංශ වල ඉන්න මෝඩයන්ගේ වැඩ.
පෞද්ගලික පාසල් සිසුන් රජයේ පාසල් වල උසස්පෙළ හැදෑරීමට ඇතුලත් කර ගැනීමද නතර කරන්න! පෞද්ගලික පාසල් සිසුන් සාමාන්‍ය පෙලට පෞද්ගලික අපේක්ෂකයන් සේ විභාගය සමත්ව පසුව රජයේ පාසල් වල උසස්පෙළ හැදෑරීමට ඇතුලත් වේ. මින් රජයේ පාසල් වල විනයද පිරිහෙනවා. බොහෝ පෞද්ගලික පාසල් සිසුන්ගේ විනය ඉතා අඩු මට්ටමක තිබේ.
ළමයින් මානසිකව වට්ටන්න එපා. තව මාස හතයි...............
අධ්‍යාපනය මූලික මිනිස් අයිතිවාසිකමක් නම් එය සියලු දරුවන් සදහා සාධරණව ලබාදීම රජයේ වගකිමකි. එම අයිතිය වෙනත් පාර්ෂව වලට පැවරීම තුලින් මෙම ගැටළු මතුව ඇත. ඔබ සියලු දෙනා තම අයිතිය වෙනුවෙක්න් එක්ව සංවිධානය වන්න.
රජයේ පාසල් නොලැබූ සාමාන්‍ය දෙමව්පියන් ගේ දරුවන් යන පාසල් ,එකම වෙනස මෙහි සිංහල විෂය හැර සියලුම විශයන් උගන්වන්නෙ ඉංග්‍රීසියෙන් වීමයි..මේක තනිකරම රටේ දරුවන්ගෙන් ඉරිසියා වෙන් කරන පළිගැනීමක්....
රජයේ පාසැලකට යන්න බැරි වෙන නිසා තමයි මේ ජාත්‍යන්තර පාසැල්වලට ළමයි යන්නෙ. මේ තීරණය අසාධාරණයි. මේ අර කලා අංශයෙන් ජාත්‍යන්තර පාසැලක ළමයෙක් පළවෙනියා වෙච්ච පාර රජයේ පාසැල්වල ගුණාත්මක භාවයේ අඩුබව වහ ගන්න කරපු වැඩක්. ඇත්ත කතාකරෝත් ළමයි විභාග පාස් වෙන්නෙ ටියුෂන් වලින්. නැතුව ඔය ලොකු ඉස්කොලවල තියන නමට නෙමේ
කාටවත් බරක් නොවී අපේ වියදමින් පෞද්ගලික අධ්‍යාපනය අපේ ළමයින්ට ලබා දෙන්නේ ලොකුකමකට නෙමෙයි. ළමයට රජයේ පාසලක් නොලැබුණු නිසයි. පාසල් ගාස්තු ගෙවන්න ලන් වෙනකොට අපි විදින දුක අපි විතරමයි දන්නේ. ඇත්තටම අපිට කන්නවත් සල්ලි නෑ. ළමයින්ගෙ ගාස්තු ගෙව්වම ඉවරයි. ප්ලීස් අපේ ළමයින්ට මෙහෙම කරන්න එපා. අපි හැමෝම ඉන්නේ මානසික අර්බුදයක මේ සිද්ධියත් එක්ක.
කුල,ජාති,ආගම්,කතාකරන භාෂාව,පලාත්,පක්ෂය, රැකියාව,අධ්‍යාපන මට්ටම, පොෂ්, ගොඩේ, දුප්පත්, පෝසත්.. ඉස්කෝල... ආදී මෙකී නොකී හැම දෙයින්ම බෙදී වෙන්වෙමු. වෙන්ව සලකමු....තව වසර ලක්ෂයක් ගියත් අපේ රට මේ තත්ත්වයට වඩා ඉහළ නොයාවි. තව තව පහළට යාවි. මේ හැකර කටා නැති ප්‍රශ්නයක් ඇති කළා. සියලු දරුවන් දරුවන් ලෙස සලකා කටයුතු නොකරන උන්ගෙන්, උන්ගේ අණපනත් රෙගුලාසි වලින් ඇති පලය කිම????
මේ ක්රියාවේ එකම අරමුණ නම්, මේ පාසල් වලින් පොදු විභාග වලට ඉදිරිපත් වී ඉහල ලකුණු ලබාගත් සිසුන්ගේ නම් ප්‍රසිද්ධ වීම වැලැක්වීමයි. මෙවැනි පටු අදහස් ඇති මිනිසුන් ජිවත් වෙන රටක ඉපදින්නට ලැබීම පෙර පවක් යයි සිතමි. රජයේ පාසල් වලට අවස්ථාව නොමැති නිසා අපේ වියදමින් රජය නොමිලේ දෙන පොත් පත් පවා මිලට අරන් දී උගන්වන අපේ ළමයින්ට විදේශිකයිනට මෙන් සලකන මෙවන් නිලධාරින්ට ශාප කරමි.
මේකෙ දෙවෙනි පියවර ලෙස ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගන්න එක නවත්වන්න පුළුවන්. ඒක නිසා මොනවා හරි සටනක් දැම්මම කරන්න.
පෞද්ගලික හෝ රජයේ වේවා මේ විදුහල් වල ඉගෙනුම ලබන්නේ අපේ දරුවන්. මෙසේ එකම විභාගය කරන දරුවන්ට වෙනස් ආකාරයෙන් සැලකීම බන්දුල නොදන්නවාට, ඒ දරුවන්ගේ අයිතිවාසිකම්, හිමිකම් අහිමි කිරීමක්. මේ දරුවන්ගේ මව්පියන් අධිකරණයට ගියොත් මේ වගේ මෝඩ තර්ක ගේන පොතේ උගතුන්ට හොඳ පාඩමක් කියා දීමට හැකිවේවි
පුද්ගලික පාසල් වලට යන්නේ ද රජයේ පාසල්වලට යාමට අයිතිය ඇති මෙරට පුරවැසියන්ගේ දරුවන් නම් එම දරුවන් පුද්ගලික පාසල් වලට ගිය ද රජයේ පාසලක දරුවකුට ඇති අයිතිය ඇත යන්න මගේ හැගීමයි
මේවා බන්දුල කුහකකමට කරපු බලු වැඩ...