IMG-LOGO

පෞද්ගලික පාසල් කිහිපයක් ගිම්හාන පැය ගණන අඩු කරයි

schools

 

උෂ්ණත්වය ඉහළ යාමත් සමග පෞද්ගලික පාසල් කිහිපයක වැඩ කරන පැය ගණන අඩුකර ඇති අතර අනෙක් පාසල්ද ළඟදීම එම ක්‍රමවේදය අනුගමනය කිරීමට සූදානමින් සිටියි.


එසේම පාසල් මෙවර දීර්ඝ ගිම්හාන නිවාඩුවකට සූදානම් වෙමින් සිටින අතර එය ජූලි මාසයේදී ආරම්භවී සැප්තැම්බර් මාසයේ තෙවැනි සතියෙන් අවසන් වීමට නියමිතය. මේ වසරේ ගිම්හාන නිවාඩුවට ඊද් නිවාඩු දෙකක්ද ඇතුළත්වනු ඇත. මේ දක්වා සේවා පැය ගණන අඩුකර නොමැති පාසල් ශුද්ධ වූ රාමදාන් මාසය ආරම්භ වීමත් සමග පැය ගණන අඩු කිරීමට සැළසුම් කර ඇත. මෙවර රාමදාන් මාසය ජූනි 6 වැනිදා ආරම්භ වීමට නියමිතය.


සියලුම ස්වාධීන පාසල් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව මැයි 15 වැනිදා සිට සිය වැඩ කරන පැය ගණන් අඩු කර ඇත. ඒ අනුව ස්වාධීන පාසල්වල බාලාංශ පංති උදෑසන 11.10 ට අවසන් වන අතර ප්‍රාථමික පංති උදෑසන 11.45 ටත්, ද්විතීයික මට්ටමේ පංති පස්වරු 12.35 ටත් අවසන් වෙයි.


ගිම්හාන සේවා පැය ගණන් සම්බන්ධයෙන් කිසිදු උපදේශයක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තමන්ට මේ දක්වා ලබාදී නොමැති බව පාසල් බලධාරීන් පවසයි.


පාකිස්ථාන අධ්‍යාපන මධ්‍යස්ථානය (පීඊසී), අල් මහා ජාත්‍යන්තර පාසල සහ ප්‍රජා පාසල ගිම්හානය වෙනුවෙන් දැනටමත් සිය සේවා කාලයන් වෙනස් කර ඇත.


පීඊසී පාසල පසුගිය ඉරිදා සිට විවිධ පංති සඳහා සිය සේවා කාලයන් පැය භාගයේ සිට පැය දක්වා අඩු කර ඇත. උදෑසන 7 ට ආරම්භ වන පාසල පස්වරු 1 ට අවසන් වෙයි.


බොහෝ පාසල්වල පහළ පංති කලින් අවසන් කළත්, සමහර පාසල් පංති අවසන් වීමෙන් පසුවත් ප්‍රාථමික සහ බලාංශ පංතිවල දරුවන් පාසල තුළම රඳවා ගන්නා බව සමහර මවුපියන් පවසති. ඊට හේතුව එම දරුවන් නිවෙස්වලට යැවීම සඳහා අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් නොමැති වීමයි.


අඉන් කාලීඞ් හි අල් මාහා ජාත්‍යන්තර පාසලේ ප්‍රාථමික පංති මේ වන විට මධ්‍යහ්නයේදී වසා දැමෙන අතර ප්‍රාරම්භක සහ ද්විතීයික මට්ටමේ පංති නියමිත වේලාවට වඩා පැයකට කලින් එනම්, පස්වරු 12.30 ට අවසන් වෙයි.


ඇස්පයර් උද්‍යානය  පිටුපස පිහිටි ප්‍රජා පාසලේ ප්‍රාථමික පංති පස්වරු 1 ට සහ අනෙක් පංති පස්වරු 1.30 ට අවසන් වුවත්, දැන් පාසලේ  සියලුම පංති මධ්‍යහ්නයේදී අවසන් වෙයි.


රාමදාන් මාසය ආරම්භ වීමත් සමගම තම සේවා පැය ගණන පහළ දමන බව බිර්ලා පොදු පාසලේ (බීපීඑස්) උසස් නිලධාරියෙක් පවසයි. ඒ අනුව පාසල ආරම්භ කරන වේලාව උදෑසන 7 වෙනුවට 7.30 දක්වා වෙනස්වන අතර පාසල අවසන් වන වේලාව පස්වරු 1.30 සිට 12.30 දක්වා වෙනස්වනු ඇත. පහළ පංති අවසන්වන වේලාවද පහළ දැමීමට නියමිතය. මේ සම්බන්ධයෙන් විමසූ විට අනෙක් පාසල් පැවැසුවේ ගිම්හානයේදී සේවා පැය ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයකට එළැඹ නැති බවයි.



අදහස් (0)

පෞද්ගලික පාසල් කිහිපයක් ගිම්හාන පැය ගණන අඩු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site